- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Image copyright Getty Images
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බදාදා (නොවැ 30) සිට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැනට මරණ හතක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ගම්පහ, බදුල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තාවී ඇති බවය.
මේ අතර ධීවරයන් ඇතුළු විසි තුන්දෙනෙකු අතුරුදහන්වී ඇතැයි වාර්තාවන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදාදා සවස සිට ඇතිවූ දැඩි සැඩ සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක නිවාස හා දේපලවලට හානි සිදුවී ඇති බවට වාර්තාවේ.
ගස් කඩා වැටීම් නිසා කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මහා මාර්ග අවහිරවී තිබුණි.
වහාන ගණනාවක් උඩට ගස් කඩාවැටී තිබුණු ඡායාරූප ද සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි.
විශේෂයෙන්ම දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නගරවල සවිකර තිබු දැන්වීම් පුවරු කඩාවැටී තිබුණු ආකාරය ද දක්නට ලැබුණි.
හදිසි ආධාර
Image copyright Getty Images
https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/1D2D/production/_98996470_img_7154.jpg
බදාදා රාත්‍රියේ කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට තිබු අතර බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ඇතැම් ස්ථානවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සිදු කර තිබුණි.
විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවලට විදුලි රැහැන් බිදවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.
බස්නාහිර, දකුණ, ඌව හා මධ්‍යම පළාතේ පාසල් වසා දැමීමට බදාදා රාත්‍රියේ තීරණය කෙරුණු අතර කොළඹ රජයේ හා පුද්ගලික කාර්යාලවල සේවක පැමිණීම අඩු අගයක් ගත් බව වාර්තා වේ.
අහයපත් කාලගුණය හමුවේ ආපදාවට ලක් වූ පවුල් සඳහා රුපියල් 10,000 බැගින් හදිසි මුදල් ආධාර ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා බලධාරීන් වෙත දන්වා තිබේ.
දැඩි වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යන නිසා එම ප්‍රදේශයේ සිටින ජනතාවට විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.
රතු නිවේදන
නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?
01. පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්
02. ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු
03. ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්රමික වර්ධනය වීම්
04. එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම
POWERMIN.GOV.LK
ගාල්ල ,මාතර ,රත්නපුර,නුවරඑළිය ,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති අතර එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අවධානය යොමු කළ යුතු කරුණු පහත දැක්වේ.
මුහුදු ගොස් නැවත ආපසු පැමිණීමට නොහැකිව තිබෙන බහුදින ධීවර යාත්‍රා කිහිපයක් බේරාගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
දිවයින අවට මුහුණු ප්‍රදේශයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නිරතවීමට මුහුදු නොයන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ධීවර ජනතාවගෙන් ඉල්ලා තිබේ.
කාලගුණ වාර්තාව
Image copyright SPL
මේ අතර දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට කොළඹ සිට කිලෝමීටර 300 පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින්විට හමන තද සුළං (පැයට කි.මී 60-70 පමණ) බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100-150 අතර තද වැසි බලාපොරොත්තු විය හැකි බවය.
- ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි
- මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
- ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි
- චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ
- වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි