- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28
යෞවනයෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් පනී

Image copyright Getty Images
Image caption "ඔහු එකවරම පියාඹල වගේ එළියට ගියා. ඒ තරමට වේගයෙන්"
ගුවන් යානයක හදිසි දොරටුව විවෘත කර බිමට පැනීමේ චෝදනාව මත නව යෞවනයෙකු අත්අඩංගුවට ගත් බව ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පොලිසිය පවසයි.
ගුවන් යානය ගොඩ බස්වා විනාඩි කිහිපයක් ගතවන්නට පෙර හදිසි දොරටුවෙන් පිටවී යානයේ තටුව මතින් ලිස්සා ගොස් බිමට පැන තිබේ.
ගුවන් පථය අද්දර ඉදිකිරීම් කටයුතු කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් මෙම තරුණයා පාලනය කරගනු ලැබීමෙන් අනතුරුව පොලිසිය පැමිණෙන තෙක් රඳවා ගනු ලැබිණ.
17 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වෙයි.

Image copyright Twitter
Image caption යෞවනයා පැනගිය ස්ථානය දැක්වෙන ඡායාරූපයක් එහි සිටි මගියෙකු සමාජ මාධ්‍ය ජාලයේ පළකර තිබුණි
පැනමා නුවර සිට පියාසර කෙරුණු මෙම ගුවන් යානය තුළ ඉහත කී යෞවනයා ඉතා කලබලකාරී ලෙස හැසිරුණු බව මගීහු පවසති.
"ඔහු එකවරම පියාඹල වගේ එළියට ගියා. ඒ තරමට වේගයෙන්" යැයි සිද්ධිය ඇසින් දුටු සොෆියා ගිබ්සන් කියා සිටියාය.
මෙම අවස්ථාවේ යානය තුළ සිටි මගීන් කෑගසන්නට පටන් ගත් බව එකොළොස් හැවිරිදි සේපුල්වෙඩා ගුස්මන් පැවසුවාය.
මෙම යෞවනයා හදිසියේම යානයෙන් බැස දිවයාමට හේතුව කුමක්දැයි තවමත් පැහැදිලි නැත.
ගුවන්තොටුපල බලධාරීන් කියා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8790
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: යෞවනයෙක් ගුවන් යානයේ හදිසි දොරටුවෙන් පනී
(Falling from height can be fatal but luckily he has used the wing root to soften his final landing).

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates