The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන Empty කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන

on Mon Jul 17, 2017 12:26 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2017 ජූලි 16
කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන _96965463_roshen2
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැත්වුන උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානක කම්කරුවා ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ප්‍රකාර පොලිසියට සහ ආයෝජන මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිදහස් වෙළද කලාප සහයෝගිතාවය රජයෙන් ඉල්ලා සිටියි.

රොෂේන් ශානකගේ මරණයෙන් වසර හයකට පසුව, මහානාම තිලකරත්න පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

උද්ඝෝෂණය අවස්ථාවේ පොලිසියේ වෙඩි පහරින් තවත් කම්කරුවන් පිරිසක් තුවාල ලැබූහ.

සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට විරෝධය පළකරමින් සේවකයන් දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිසිය සහ ආයෝජන මණ්ඩලය කම්කරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නීති විරෝධී බව මහානාම තිලකරත්න කොමිසමේ නිගමනය වී තිබේ.

කොමිසම් වාර්තාවේ පිටපතක් බීබීසී සිංහල සේවයට ද දැකගැනීමට ලැබිණ.

පොලිස් වෙඩි තැබීමට ආණ්ඩුව වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව සනාත කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් නොවූ බව සඳහන් කරන පරීක්ෂණ වාර්තාව, "අඩුම තරමින් වෙඩි තැබීමෙන් අනතුරුව හෝ පොලිසිය ඔවුන්ගේ අශිෂ්ඨ හැසිරීම නැවතිය යුතුව තිබුණු," බව ද සඳහන් කරයි.

එබැවින් "ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සහ පොලිස් සේවයේ ප්‍රතිරූපය රැකගැනීම පිණිස එහි සිටි සියලුම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගත යුතු," බව ද කොමිසම නිර්දේශ කර තිබේ.

'රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්'

නිදහස් වෙළෙඳ කලාප කම්කරු අරගලය පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු මහාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරනු ලැබූ නමුත් රාජපක්ෂ පාලනය හෝ වත්මන් ආණ්ඩුව එම වාර්තාව ප්‍රකාශයට පත් නොකළේය.

වසර හයකට පසුව පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට වත්මන් රජය පියවර ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රොෂේන් ශානකගේ මව, ඩබ්ලිව් ඩී ස්වර්ණලතා විසින් කරන ලද ඉල්ලීමකින් අනතුරුවය.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඇයට වාර්තාව ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුලින් ප්‍රතික්ෂේප කරන ලදි.

අවස්ථා දෙකකදීම එය ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළ නමුත්, නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවය ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්තාව ලබාගැනීමට හැකි වූ බව නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවයේ කැඳවුම්කරු සුගත් රාජපක්ෂ සඳහන් කළේය.

වාර්තාව ඉල්ලා තමන් "හැට අට වතාවක් උද්ඝෝෂණ පැවැත්වූ" බව පවසන ඔහු එය ලබාගැනීමට හැකිවීම විග්‍රහ කළේ තොරතුරු දැනගැනීමේ පනත හේතුවෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය ලෙසිනි.

රොෂේන් ශානකගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විභාග සඳහා මේ වාර්තාව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවය අධ්‍යයනය කරමින් සිටී.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන Empty Re: කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන

on Mon Jul 17, 2017 12:28 pm
Right to Information Act in action!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum