- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක්
Image copyright RESHAM KHAN
Image caption ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ රේශාම් ඛාන්
ඇසිඩ් ප්‍රහාර ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රහාරකයන්ට නියම කෙරෙන දඬුවම දැඩි කිරීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.
පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි 13) රාත්‍රියේ පමණක් ඇසිඩ් ප්‍රහාර පහක් එල්ල වී තිබෙන අතර, මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගතවගිය මාස හය ඇතුළත එංගලන්තය සහ වේල්සය තුළ ඇසිඩ් ප්‍රහාර 400 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව පොලිසිය පවසයි.
මේ තත්වය යටතේ ඇසිඩ් ප්‍රහාර සම්බන්ධයෙන් මෙන්ම ඇසිඩ් ළඟ තබාගන්නා සහ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිවත් නීති දැඩි කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පවතී.
දේශපාලනඥයන් සහ ඇසිඩ් ප්‍රහාරවලින් දිවි බේරාගත් පුද්ගලයන් කරන එම ඉල්ලීම් පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සඳුදා (ජුලි 16) විවාදයක් පැවැත්වීමට නියමිතය.
2012 සිට සලකා බලන විට මේ වසර දක්වා ප්‍රහාර දෙගුණ වී තිබෙන අතර, සෑම ප්‍රහාරකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ය.
Image caption "මට ජීවිතේ පුරාම ප්‍රතිකාර ගන්න වේවි; ජීවිතේ පුරාම ශල්‍යකර්ම කරන්න වේවි. ඇසිඩ් ප්‍රහාරවලින් ජීවිතේ බේරුණත්, අපි වගේ අයට ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්"
බ්‍රහස්පතින්දා එල්ල වූ එක් ඇසිඩ් ප්‍රහාරයක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුට නඩු පවරනු ලැබ තිබේ.
පවතින නීතිය, පොලිසියේ ප්‍රතිචාරය, දැනට පවතින දඬුවම, ඇසිඩ් ලබාගත හැක්කේ කෙසේද සහ ප්‍රහාරවලට ලක්වූවන්ට පිහිටවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් පවතින්නේ ද වැනි කරුණු පිළිබඳව යළි සලකා බැලීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඇසිඩ් ප්‍රහාර එල්ල කරන්නන් නීතියේ බලාධිකාරය වටහාගත යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් සපයමින් සඳහන් කරන ස්වදේශ කටයුතු භාර ඇමතිනී ඇම්බර් රඩ්, එම ප්‍රහාර වැළැක්වීම පිණිස හැකි සියලු දේ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නීය.
එංගලන්තයේ සහ වේල්සයේ දැනට පවතින නීතිය අනුව ද ඇසිඩ් ප්‍රහාර එල්ල කරන්නෙකුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඇසිඩ් ළඟ තබාගන්නා පුද්ගලයෙකුට වසර හතරක් දක්වා වූ සිරදඬුවමක් ලබා දිය හැකිය.
Image copyright Imran khan
Image caption නැගෙනහිර ලන්ඩනයේ දී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ ඉම්රාන් ඛාන්
කෙසේ නමුත් පවතින නීතිය යටතේ ඇසිඩ් ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. ඇසිඩ් ළඟ තබාගැනීම අපරාධයක් බවට පත්කරමින් නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු ස්ටීවන් ටිම්ස් පෙන්වා දෙයි.
ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවීම යනු "ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්" බව පවසන ප්‍රහාරයකට ලක් වූ කේටි පයිපර් ද නීතිය දැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නීය.
"මට ජීවිතේ පුරාම ප්‍රතිකාර ගන්න වේවි; ජීවිතේ පුරාම ශල්‍යකර්ම කරන්න වේවි. ඇසිඩ් ප්‍රහාරවලින් ජීවිතේ බේරුණත්, අපි වගේ අයට ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්," යනුවෙන් වෛද්‍ය සඟරාවකට ලිපියක් සපයමින් ඇය පවසන්නීය.
කෙසේ නමුත් ප්‍රහාර එල්ල කිරීම් පිණිස යොදාගන්නා බොහෝ රසායනික නිවසේ එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය බැවින් දැඩි නීති ක්‍රියාත්මක කිරීම දුෂ්කර කරුණක් විය හැකි බව අපරාධ සම්බන්ධ ඇමතිවරියවන සේරා නිව්ටන් පිළිගත්තාය.
එවැනි සියලු රසායන තහනම් කිරීම ප්‍රායෝගිකව සිදු කළ හැක්කක් නොවන බව පොලිස් බලධාරීන් ද පිළිගෙන තිබේ.
Image copyright Isobella Fraser
Image caption ලන්ඩනයේ රාත්‍රී සමාජ ශාලාවකදී වෙනත් අයෙකුට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකට මැදි වූ ඉසබෙලා ෆ්‍රේසර්
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28