- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
චීන හමුදාවක් අප්‍රිකාවට
BBC Sandeshaya පැය 6 කට පෙර
Image copyright china news service
Image caption චීන යුදනැවක් 2015 වසරේ ජිබුති වරායක
සිය පළමු විදේශ යුද කඳවුර ජිබුති (Djibouti) දේශයේ පිහිටුවන බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
එම යුද කඳවුරෙහි රඳවනු ලබන හමුදා භටයන් රැගත් නෞකා අඟහරුවාදා (ජූලි 11) චීනයෙන් ගමන් ආරම්භ කළ අතර මේවනවිට ඒවා 'ජිබුති' බලා යාත්‍රා කරමින් ඇති බවත් එම රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
චීන බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට එවැනි යුද කඳවුරක් පිහිටුවනු ලැබීමේ ඉලක්කය "බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ සාම සාධක හමුදාවක් ලෙස කටයුතු කිරීම සහ මානවීය ආධාර මෙහෙයුම් සඳහා උපකාරී" වීමයි.
එසේම එම චීන හමුදාව යුද හමුදා සහයෝගීතා වැඩ සටහන්, නාවික හමුදා අභ්‍යාස සහ බේරා ගැනීමේ මෙහෙයුම් සඳහාත් යොදවනු ඇතැයි 'ෂින්හුවා' (Xinhua) රාජ්‍ය පුවත් සේවය පවසයි.
චීනය පසුගිය කාලසීමාව තුළ අප්‍රිකාවේ මහා පරිමාණයෙන් ආයෝජන සිදුකළ අතර එම කලාපයේ යුද හමුදා නූතන තත්වයට ගැළපෙන මට්ටමින් නවීකරණය කිරීමට ද දායක වී ඇත.
කොපමණ භටයන් සංඛ්‍යාවක් 'ජිබුති' බලා ගමන් ගනිමින් සිටින්නේද යන්න සහ පිහිටවනු ලබන කඳවුරේ මෙහෙයුම් ආරම්භ කෙරෙන්නේ කවදාද යන්න චීන වාර්තාවන්හි නොදැක්වෙයි.
එහෙත් දෙරට අතර ඇතිකරගත් "මිත්‍රත්ව ගිවිසුම්" අනුව එම යුද කඳවුර පිහිටුවන බව එහි දැක්වෙයි.
අදාළ ඉදිකිරීම් පසුගිය වසරේ ආරම්භ කරන ලද බව කලින් නිකුත් කරන ලද චීන වාර්තා මගින් පැවසෙයි.
Image caption ජිබුති පිහිටා ඇත්තේ ඉතාම කාර්යබහුල නාවික ගමන් මාර්ගයකයි.
'ජිබුති' කඳවුර චීනය අප්‍රිකානු කලාපයේ ඔවුන්ගේ යුද බලය ස්ථාපිත කර ගැනීමේ සැලැස්මක් වශයෙන් බොහෝ දෙනෙක් දකිති.
එහෙත් එම යුද කඳවුර පිහිටුවනු ලැබීම සිය ආරක්ෂාව සලසා ගැනීමට අදාළ චීන සංවර්ධනයේ අත්‍යවශ්‍ය අරමුණක් යයි විග්‍රහ කරන චීන රජයේ ප්‍රකාශනයක් වන 'ග්ලෝබල් ටයිම්ස්' (Global Times) පුවත්පතේ අද (ජූලි 12) කතුවැකිය, එමගින් "ලෝකය පාලනය කිරීමේ අරමුණක් අපේක්ෂා නොකරන බව" සඳහන් කර ඇත.
එසේම ජිබුති රාජ්‍යය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජපානයත් යුද කඳවුරු පවත්වා ගෙනයන බව 'ග්ලෝබල් ටයිම්ස්' (Global Times) චීන රාජ්‍ය පුවත්පත පෙන්වා දෙයි.
ජිබුති 'අප්‍රිකාවේ අඟ' (Horn of Africa) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයේ පිහිටි කුඩා රටකි.
එය පිහිටා ඇත්තේ ඉතා කාර්ය බහුල නාවික ගමන් මාර්ගයක් අසලයි.
එසේම එය දැඩි ගැටුම් බහුල කලාපයක පිහිටි ස්ථාවර රාජ්‍යයක් ද වෙයි.
Image copyright AFP/getty
Image caption ජිබුති සහ අඩිස් අබාබා යා කෙරෙන දුම්රිය මාර්ගය චීන ව්‍යාපෘතියකි
දැනට අප්‍රිකානු මහාද්වීපයේ බලවත්ම වෙළෙඳ හවුල්කරු වන චීනය එම කලාපයේ යටිතල පහසුකම් ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සහ මිනිස් ශ්‍රමය සපයයි.
ජිබුති සහ ඉතියෝපියාවේ 'අඩිස් අබාබා' අගනුවර යා කෙරෙන දුම්රිය මාර්ගය මෙන්ම ඇන්ගෝලා,නයිජීරියා,ටැන්සානියා සහ සිම්බාබ්වේ යන රටවල දුම්රිය මාර්ග සඳහාත් චීන ආයෝජන සිදු කෙරෙයි.
අප්‍රිකානු රටවල් ඊට ප්‍රතිචාරයක් වශයෙන් සිය ස්වාභාවික සම්පත්, ඛනිජ ද්‍රව්‍ය සහ බල ශක්තිය චීනයට සපයති.
චීනය 2015 වසරේ දකුණු සුඩානයේ සාම සාධක හමුදාවක් රඳවනු ලැබ ඇත.
එය චීනය විදේශ රටක සාම හමුදාවක් ස්ථානගත කළ පළමු අවස්ථාවයි.