The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස් Empty ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

on Mon May 15, 2017 9:52 am
ලොව පුරා පැතිර යන "WannaCry" පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා.

එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට පෙරද ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ.

මීට අමතරව පරිගණක පද්ධතියේ ඇති දත්තවල පිටපතක් පරිගණකයට සම්බන්ධ නොමැතිව තබා ගැනීම ද සිදු කළ යුතු බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙන්නේ.

මෙවැනි පියවර අනුගමනය කරන්නේ නම් වෛරසයෙන් සිදු වන බලපෑම් අවම කර ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.

ඉකුත් සිකුරාදා එල්ල වූ මෙම සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වුණා.

අද දිනයේ ද තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවටයි පරිගණක විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

පහත පළවන්නේ මෙම වෛරසය හඳුන්වාදෙමින් පළකළ සිංහල වීඩියෝවක්.


http://nethnews.lk/article/41664
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස් Empty Re: ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

on Mon May 15, 2017 9:58 am
Message reputation : 100% (1 vote)
සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති වලට හානි - එක් පරිගණකයක් යථා තත්වයට පත් කිරීමට $300 ඉල්ලයි

සිකුරාදා සිදු වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි අද (14) නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙනවා.

ඉන් බහුතරයක් ව්‍යාපාරිකයින්ට අයත්. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රුසියාවේ සහ බ්‍රිතාන්‍යයේ පරිගණක පද්ධතිවලටයි.

පරිගණක ආරක්ෂක විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම සයිබර් ප්‍රහාරයත් සමඟ ලෝකය අවදානමකට පත්ව ඇති බවයි.

එමෙන්ම හෙට උදෑසන වනවිට තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඔවුන් පවසනවා.

එය වළක්වා ගැනීමට අපොහොසත් විය හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.

සෑම වසරකම පාහේ සයිබර් අපරාධ මැඬලීම සඳහා ලොව පුරා විශේෂිත මෙහෙයුම් දෙසියයකට වැඩි සංඛ්‍යාවක් සිදු කෙරෙනවා.

එහෙත් ඉකුත් සිකුරාදා එල්ල වූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු කිසිදු දිනෙක වාර්තා වී නොමැති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

කප්පම් ඉල්ලා සිටින හැකරුන් විසින් මුදාහළ වෛරසය හේතුවෙන් වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය ඇතුළත් ය.

මේ අතරතුර තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙවැනි සයිබර් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය ඉකුත් මාර්තු මාසයේදී මෘදුකාංගයක් හඳුන්වා දී තිබුණා.

එහෙත් බොහෝ පරිගණක පද්ධති යාවත්කාලීන කර නොතිබූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

------------------------------------------------------

තවත් සයිබර් ප්‍රහාරයක් සිදුවෙන බවට දැනුම් දෙයි (UPDATE 14-05-2017 10.52AM

ලොව පුරා රටවල් රැසක පරිගණක පද්ධතිවලට තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව පරිගණක විශේෂඥයන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල විය.

ඒ අනුව ලබන සදුදා මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල විය හැකි බවටයි විශේෂඥයන් අනතුරු අඟවා තිබෙන්නේ.

ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ රුසියාව යන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වීමේ අවදානමක් පවතිනවා.

ඉකුත් සිකුරාදා එල්ලවූ සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 99ක පරිගණක පද්ධතිවලට හානි සිදු වුණා.

දැනට ගණන් බලා ඇති පරිදි මෙම සයිබර් ප්‍රහාරය නිසා පරිගණක පද්ධතීන් එක්ලක්ෂ විසි පන්දහසකට පමණ හානි සිදුව ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

අදාළ වෛරසය හේතුවෙන් පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය.

Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස් Empty Re: ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

on Mon May 15, 2017 12:58 pm
Message reputation : 100% (1 vote)
Thanks.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස් Empty Re: ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

on Mon May 15, 2017 10:09 pm
මීළඟ සයිබර් ප්‍රහාරයෙන් බේරීමට පියවර 5ක්

පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසි කලට යාවත්කාලීන කර තබා ගැනීම.

ප්‍රති වෛරස මෘදුකාංගයක් (Anti-Virus Software) පාවිච්චි කිරීම සහ එය යාවත්කාලීන කිරීම.

සැකකටයුතු විද්‍යුත් තැපැල් පණිවිඩයක ඇති ඇමුණුම් (Attachments) විවෘත කිරීමෙන් වැළකී සිටීම.

තම පරිගණකය සතු දත්තයන් බාහිර දෘඩ තැටියක (External Hard Drive) save කර තැබීම. (මෙය නිතරම

පරිගණකයට සම්බන්ධකර තැබීමෙන් වළකින්න. පරිගණකය වෙත පැමිණෙන වෛරසයක් වයරය හරහා බාහිර දෘඩ තැටියට ද ඇතුළුවිය හැකියි.)

විශ්වාසදායක සැපයුම් හරහා පමණක් තම පරිගණකයට අවශ්‍ය මෘදුකාංග බාගතකර ගැනීම.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum