The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගෙයක් හදන්නද ඉන්නේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගෙයක් හදන්නද ඉන්නේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගෙයක් හදන්නද ඉන්නේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගෙයක් හදන්නද ඉන්නේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගෙයක් හදන්නද ඉන්නේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගෙයක් හදන්නද ඉන්නේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගෙයක් හදන්නද ඉන්නේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගෙයක් හදන්නද ඉන්නේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගෙයක් හදන්නද ඉන්නේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගෙයක් හදන්නද ඉන්නේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+17
sanjulanka
Market lover
Danidu
roshana7549
Ukboy
smallville
Ethical Trader
slstock
Rana
chutiputha
yellow knife
blacknights
AjithR
HUNTER
Leon
කිත්සිරි ද සිල්වා
nihal123
21 posters

    ගෙයක් හදන්නද ඉන්නේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Mon Feb 22, 2016 11:22 am

    අලුතින් ගෙයක් හදාගෙන යන, ගෙයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නං මේ ත්‍රෙඩ් එක බලනවා නං පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ත්‍රෙඩ් එක ටිකක් දිගයි. ඒත් මගේ වෙලාව කැපකරලා ඒක ටයිප් කරලා දැම්මේ කාටහරි නොදන්නා දෙයක් කියලා දෙන්න. ඔයලා මේකන් මොනාහරි දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.

    කොල්ලෙක් උනාම ගොඩක් වෙලාවට ලොකු බලාපොරොත්තු හතරක් හිතේ තියෙනවා. එයින් එකක් තමයි අවුරුදු 25 වෙන්න කලින් වත් හොද රැකියාවක් කරන එක,එහෙමත් නැත්තන් හොද ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. රැකියාවක්.ව්‍යාපාරක් කරන්න පටන් ගත්තම ඊළගට තියෙන බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වාහනයක්,අඩුම ගානේ මෝටර් සයිකල් එකක් වත් ගන්න ඕනි කියලා. ඊළගට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වැටිලා ඉන්න,තමුන්ගේම තැනක් ඕනි වෙන එක. අන්තිම බලාපොරොත්තුව තමයි හොද ගුණ යහපත් ගෑනුළමයෙක් හොයාගෙන කසාද බැඳලා සතුටු දායක පවුල් ජිවිතයක් ගතකරන එක.

    මේ බලාපොරොත්තු මේ පිළිවෙලටම ඉෂ්ට කරගන්න නං බැරි වෙන්න පුළුවන්. සමහර වේලට මේවයින් එකක් දෙකක් ඉටු වෙලා,අනික්වා ජිවිත කළෙම ඉටු කරගනං බැරි වෙන්නත් පුළුවන්. මං ඉතිං ඒවා ගැන විග්‍රහා කරනං යන්නේ නෑ මෙතැනදී. මම මෙතැනදී කතාකරන්න බලපොරොත්තු වෙන්නේ වැඩිය වියදම් කරන්නේ නැතිව, සමානය මට්ටමේ,කල්පවතින තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද/ ගෙයක් හදද්දී කල්පනාකාරී වෙන්න ඕනි දේවල් මොනාද කියලා. ඒ ගැන මගේ අත්දැකීම් ඇසුරින් කරපු සරල පැහදිලි කිරීමක් තමයි පහලින් සරල සිංහලෙන් තියෙන්නේ. මම කලින් දාපු හැම ත්‍රෙඩ් එකක්ම බොහොම කෙටියෙන් තමයි දාලා තියෙන්නේ. ඒත් මේ ලිපිය නං එහෙම නෑ. ඒත් කාලය අරං කියෙව්වොත් ඔයාට මොනාහරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

    ඉතිරි කොටස......

    http://www.elakiri.com/forum/showthread.php?t=1665687
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Mon Feb 22, 2016 11:31 am

    වාස්‌තු දෝෂ ඉවත් කර ගත හැකි සරල ක්‍රම

    වාස්‌තු විද්‍යාව පිළිබඳ නිවැරැදි වැටහීමක්‌ නොමැති නිසාත් වැරැදි උපදෙස්‌ ලැබීම නිසාත්, සමහර නිවාස හිමියෝ මහත් කරදරයට පත් වෙති. වාස්‌තු විද්‍යා දෝෂ පවතී නම්, එම නිවසේ සමහර කොටස්‌ බරපතළ ලෙස කඩා දැමීම අනුවණ ක්‍රියාවකි. දෝෂ ඉවත් කර ගැනීම සඳහා උපදෙස්‌ දීමේදීත් උපදෙස්‌ ලබා ගැනීමේදීත් ඉතා කල්පනාකාරී විය යුතුය.

    නිවසක කොන් වැටී ළිඳක්‌ දෝෂ සහිත නම්, එය ගෘහ මූලිකයාට මාරක අපල නිසා, ළිඳ වසා දමන්න යෑයි උපදෙස්‌ නොදිය යුතුය. නිවසේ මුල්ලේ සිට අත්තිවාරම අඩි කීපයක්‌ දික්‌කර, බැම්මක්‌ බැඳීමෙන් එම දෝෂය මග හරවා ගත හැකිය.

    ළිඳක දෝෂ පදිංචි නිවසට යොමු වන අවස්‌ථාවලදී ළිඳ සහ නිවස අතර, අඩි හයක්‌ පමණ උසට තාප්පයක්‌ බැඳීමෙන් දෝෂ ඉවත් කළ හැකිවේ. ළිඳ සහ නිවස අතර, දුර ප්‍රමාණය නිවසේ දිග ප්‍රමාණයට වැඩිනම්, දෝෂ බලපාන්නේ නැති බව වටහා ගත යුතුය.

    දෙමහල් නිවාසවල පිය ගැට පෙළ නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එය එක දිගටම නැග යා හැකි පරිදි හෝ දකුණට හැරෙන සේ හෝ සකස්‌ කළ යුතුය. වැරැදීමකින් හෝ නොදැනුවත්කම නිසා හෝ එය වමට හැරෙන සේ සකස්‌ කර ඇත්නම්, පිය ගැට පෙළ කඩා නැවත සකස්‌ කිරීමට උපදෙස්‌ දුනහොත් ගෙහිමියා මහත් අපහසුතාවකට පත්වේ. පියගැට පෙළ කඩා නැවත සකස්‌ කිරීම අධික වියදමක්‌ දරා මහත් අපහසුතාවකින් කළ යුතු කාර්යයකි.

    එම දෝෂය දුරුවීමට කළ හැකි එකම කාර්යය නම් පඩිපෙළ නැග හැරෙන ස්‌ථානයේ පිත්තල මල් බඳුනක්‌ තැබීමයි.

    ප්‍රධාන දොරටුවේ සිට නිවස ඇතුළත බලන විට, නිවසේ අභ්‍යන්තරය හරහා පිටුපස දොරටුවෙන් හෝ ජනේලයකින් හෝ පිටත පෙනේ නම්, එය දෝෂයකි. එවැනි නිවාසවල ධනය රැදෙන්නේ නැත. ලැබෙන සියලුම මුදල් වියදම් වී යයි. උළුවහු ජනේල වෙනස්‌ කිරීමෙන් එම දෝෂය ඉවත් කර ගැනීම අපහසු වීමට පුළුවන. එවැනි අවස්‌ථාවලදී සාලයේ කෙළවර බැම්මක්‌ බැඳීමෙන් දෝෂ වළක්‌වා ගත හැකිය. මේ ක්‍රම දෙකෙන් වඩා පහසු හා ලාභදායි ක්‍රමය කුමක්‌දැයි සිතා බැලිය යුතුය.

    නිවසක මුළුතැන්ගෙය ස්‌ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවේය. ගිනිකොණ සුදුසු ගින්දර සඳහාය. ප්‍රධාන දොරටුව තැබීමට හෝ ජලය සඳහා හෝ එම දිශාව සුදුසු නැත. එහෙත් කුඩා ඉඩම් කැබලිවල මාර්ගය පිහිටා ඇති දිශාව අනුව මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවේ තැනීම අපහසු විය හැකිය. සමහර විට සාදා වැඩ අවසන් කළ නිවසක මුළු තැන්ගෙය වෙනස්‌ කිරීම ඉතා අපහසු විය හැකිය.

    එවිට, කුස්‌සියේ හරිමැද මාලිමා යන්ත්‍රය තබා ගිනිකොණ දිශාව සොයා එම පැත්තේ විදුලි උදුන හෝ ගෑස්‌ කුකරය හෝ දර ලිප හෝ තැබීමෙන් දෝෂ මග හරවා ගත හැකිය.

    දෙමහල් නිවසක හරි මැද බ්‍රහ්ම පාදය පිහිටි ස්‌ථානයේ කොන්ක්‍රීට්‌ කණුවක්‌ බැඳ බිත්තියක්‌ද සාදා තිබිණි. මෙහි දිග පළල මැන බ්‍රහ්ම පාදය සොයා බැලූ කෙනකු කොන්ක්‍රීට්‌ කණුව සහ බිත්තිය ඉවත් කිරීමට උපදෙස්‌ දී තිබිණි. මහත් අපහසුතාවට පත් ගෘහ මූලිකයා මගෙන් උපදෙස්‌ පැතීය. අඩි කීපයක්‌ පළල විවෘත ආලින්දයක්‌ සාදා නිවසේ දිග වැඩි කරන ලෙස උපදෙස්‌ දුනිමි. එයින් නිවසට අලංකාරයක්‌ද ලැබුණි. දොස්‌ දුරු කිරීම සඳහා කළ නොහැකි දේ කිරීමට දැන්වීම වැරදිය.

    නිවසක ලී උළුවහු ඔත්තේ ගණනක්‌ද ලී ජනේල ඉරට්‌ටේ ගණනක්‌ද විය යුතු බව වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ. සැලසුම් කළ නිවසක මෙය වැරදී ඇත්නම්, නාන කාමරයට ප්ලාස්‌ටික්‌ උළුවහු දොර තැබීමෙන්ද නාන කාමරයට වැඩිපුර පෑන් ලයිට්‌ එකක්‌ දැමීමෙන්ද ඉතා පහසුවෙන් මෙම වරද නිවැරැදි කළ හැකිය.

    සාදා නිම කළ නිවසක වාස්‌තු දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සමහර විට ඉතා අපහසු විය හැකිය. එවැනි අවස්‌ථාවලදී නිවසට සුදුසු ශුභ නමක්‌ තැබීම හෝ නිවස ඉදිරිපිට ශුභ ගසක්‌ සිටුවීම ආදියෙන් දොස්‌ තරමක්‌ දුරට නිදොස්‌ කර ගත හැකිය.

    නිවසක්‌ සෑදීම සඳහා සැලසුම පිළියෙල කිරීමට පෙර දළ සැලැස්‌මක්‌ පිළියෙල කර, එහි දොස්‌ ඉවත් කර, ඉන්පසු නිවාස සැලැස්‌ම ඇඳ ගැනීම වඩාත්ම සුදුසු ක්‍රියා පිළිවෙතයි. කලින් සැලැස්‌මක්‌ සකස්‌ කර ගත්තේ නම්, අත්තිවාරම දැමීමට පෙර වාස්‌තු දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බැලිය යුතුය.

    සාදන ලද නිවසක්‌ සහිත ඉඩමක්‌ මිලදී ගැනීමේදී පළමුව නිවස පරීක්‍ෂා කර බැලීම වඩා ප්‍රඥාගෝචරය, සමහර නිවාස දෝෂ සහිත වුවද සුළු වෙනස්‌ කිරීමෙන් දෝෂ ඉවත් කරගත හැකිය.

    වාස්‌තු විද්‍යා උපදේශක හිඹුටානේ
    වී. මු. ධර්මදාස පෙරේරා
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by කිත්සිරි ද සිල්වා Mon Feb 22, 2016 11:59 am

    Thanks Nihal.
    (My problem is finding someone to do the drawing). Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Leon
    Leon
    Top contributor
    Top contributor


    Posts : 1264
    Join date : 2014-03-11

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by Leon Mon Feb 22, 2016 3:19 pm

    Thanks nihal.
    This is very useful.
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by HUNTER Mon Feb 22, 2016 3:31 pm

    Yes, Thanks and Useful!!
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by AjithR Mon Feb 22, 2016 3:45 pm

    නිවසක ලී උළුවහු ඔත්තේ ගණනක්‌ද ලී ජනේල ඉරට්‌ටේ ගණනක්‌ද විය යුතු බව වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ. සැලසුම් කළ නිවසක මෙය වැරදී ඇත්නම්, නාන කාමරයට ප්ලාස්‌ටික්‌ උළුවහු දොර තැබීමෙන්ද නාන කාමරයට වැඩිපුර පෑන් ලයිට්‌ එකක්‌ දැමීමෙන්ද ඉතා පහසුවෙන් මෙම වරද නිවැරැදි කළ හැකිය.

    Thank you Nihal 123, I found out that I have to add another window into my house.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by කිත්සිරි ද සිල්වා Mon Feb 22, 2016 6:02 pm

    More Sun light and fresh air. Very Happy
    But better be careful when modifying / altering too (if you believe in those stuffs).  Very Happy
    AjithR wrote:
    Thank you Nihal 123, I found out that I have to add another window into my house.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    blacknights
    blacknights


    Posts : 267
    Join date : 2014-08-28

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by blacknights Mon Feb 22, 2016 6:11 pm

    nihal123 wrote:අලුතින් ගෙයක් හදාගෙන යන, ගෙයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නං මේ ත්‍රෙඩ් එක බලනවා නං පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ත්‍රෙඩ් එක ටිකක් දිගයි. ඒත් මගේ වෙලාව කැපකරලා ඒක ටයිප් කරලා දැම්මේ කාටහරි නොදන්නා දෙයක් කියලා දෙන්න. ඔයලා මේකන් මොනාහරි දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.

    කොල්ලෙක් උනාම ගොඩක් වෙලාවට ලොකු බලාපොරොත්තු හතරක් හිතේ තියෙනවා. එයින් එකක් තමයි අවුරුදු 25 වෙන්න කලින් වත් හොද රැකියාවක් කරන එක,එහෙමත් නැත්තන් හොද ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. රැකියාවක්.ව්‍යාපාරක් කරන්න පටන් ගත්තම ඊළගට තියෙන බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වාහනයක්,අඩුම ගානේ මෝටර් සයිකල් එකක් වත් ගන්න ඕනි කියලා. ඊළගට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වැටිලා ඉන්න,තමුන්ගේම තැනක් ඕනි වෙන එක. අන්තිම බලාපොරොත්තුව තමයි හොද ගුණ යහපත් ගෑනුළමයෙක් හොයාගෙන කසාද බැඳලා සතුටු දායක පවුල් ජිවිතයක් ගතකරන එක.

    මේ බලාපොරොත්තු මේ පිළිවෙලටම ඉෂ්ට කරගන්න නං බැරි වෙන්න පුළුවන්. සමහර වේලට මේවයින් එකක් දෙකක් ඉටු වෙලා,අනික්වා ජිවිත කළෙම ඉටු කරගනං බැරි වෙන්නත් පුළුවන්. මං ඉතිං ඒවා ගැන විග්‍රහා කරනං යන්නේ නෑ මෙතැනදී. මම මෙතැනදී කතාකරන්න බලපොරොත්තු වෙන්නේ වැඩිය වියදම් කරන්නේ නැතිව, සමානය මට්ටමේ,කල්පවතින තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද/ ගෙයක් හදද්දී කල්පනාකාරී වෙන්න ඕනි දේවල් මොනාද කියලා. ඒ ගැන මගේ අත්දැකීම් ඇසුරින් කරපු සරල පැහදිලි කිරීමක් තමයි පහලින් සරල සිංහලෙන් තියෙන්නේ. මම කලින් දාපු හැම ත්‍රෙඩ් එකක්ම බොහොම කෙටියෙන් තමයි දාලා තියෙන්නේ. ඒත් මේ ලිපිය නං එහෙම නෑ. ඒත් කාලය අරං කියෙව්වොත් ඔයාට මොනාහරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

    ඉතිරි කොටස......

    http://www.elakiri.com/forum/showthread.php?t=1665687

    Thank Dear Nihal. This is really helpful Smile
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by yellow knife Tue Feb 23, 2016 8:01 am

    Thanx Nihal
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by chutiputha Tue Feb 23, 2016 3:52 pm

    Frenching Window කියන්නේ දොරවල් ද ජනෙල්ද...?

    Door Window කියන්නේ දොරවල් ද ජනෙල්ද...?or දෙකම ගණනය කරනවද?

    Thank U Nihal Ayya +++
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by කිත්සිරි ද සිල්වා Tue Feb 23, 2016 4:02 pm

    Once the word FRENCH is added in front, everything takes a total different meaning and or taste. Very Happy
    (Kiss / Fries / Leave / Windows and even letters). Embarassed


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by Rana Tue Feb 23, 2016 4:05 pm

    ෆ්‍රෙන්ච්  වින්ඩෝස්  ගණන්  ගන්නෙත්  දොරවල්  විදියට  මම  දන්න විදියට.අනික තමා ගම්බද පරිසරයක ෆ්‍රෙන්ච් වින්ඩෝස් ගැලපෙන්නේ නැහැ. මොකද අධික දුහුවිල්ලත් වින්ඩෝ එක යටින් කෘමි සතුන් ඇතුලු කුඩා සර්පයන් වුවද ඇතුළු වීමට ඉඩ තිබෙන නිසා. මෙය මාගේ අත්දැකීමකි
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by slstock Tue Feb 23, 2016 4:46 pm

    French Wine?
    French Bread?
    French onion dip?

    Pardon my French


    කිත්සිරි ද සිල්වා wrote:Once the word FRENCH is added in front, everything takes a total different meaning and or taste. Very Happy
    (Kiss / Fries / Leave / Windows and even letters). Embarassed


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Wed Feb 24, 2016 12:14 am

    chutiputha wrote:Frenching Window කියන්නේ දොරවල් ද ජනෙල්ද...?

    Door Window කියන්නේ දොරවල් ද ජනෙල්ද...?or දෙකම ගණනය කරනවද?

    Thank U Nihal Ayya +++

    ෆ්‍රෙන්ච් වින්ඩෝස් =ජනෙල් ලෙස ගණනය කරනව.

    Door Window =දොරවල් ලෙස ගණනය කරනව.

    මේවා එකිනෙකා සාදාගත් සම්මතයන්

    Very Happy
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by slstock Wed Feb 24, 2016 3:35 am

    Very interesting article. Thank you Nihal.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by Ethical Trader Wed Feb 24, 2016 3:55 pm

    ස්තූතියි නිහාල්. මෙය ඉතා ප්‍රෙයා්ජනවත් එකක්. ඔබ මේ ගැන විශේසඥයෙක් බව මා දන්නවා. දිගටම කරගෙන යන්න.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by slstock Wed Feb 24, 2016 4:01 pm

    As Nihal has done genuine service to this forum , I am sure no one will mind if I disclose : Nihal is good at drawing plans and house related advice.

    Contact him if you need such. From what I understand he will not rip you off with rates also.

    I feel genuine people needs to be helped ( as they receive nothing for the time/service they do to public via posting at the forum. They are not even benefiting from shares as they do not have big holdings or involved in share pushes for their benefit. I think there are few like that in this forum (
    FG is another. Few more are there as I see )


    (Btw nihal if you change youe goals or humbleness I will be first to jump on you too haha - but I feel you won't)


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by smallville Wed Feb 24, 2016 8:17 pm

    Nihal u nailed it... A lot of invaluable stuff u shared there.. Thanks a lot on behalf of all IS forum members..

    Surely I will contact u if Im gonna build a house Smile


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Wed Feb 24, 2016 8:31 pm

    Thanks slstock and all.

    Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Thu Feb 25, 2016 12:13 am

    ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
    Picture
    සුදුසුකම් :-    

    නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.

    1.අදාල  බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
    2.එම අනුමත මානක සැලැස්මේ පිටපතක් ඉදිරිපත්කල යුතුය.
    3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව,

    4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
    5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන්

    යුක්තව සකස්කර තිබීම.
    6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම.


    ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-  පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.

    ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 200.0012% වැට්  -රු : 24.00


    ඉදිරිපත් කලයුතු වේලාවන් :-කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා -ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.


    සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- (පෙරසැරි ගාස්තුව).

    සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සති 02 ක් හෝ 08 ක් අතරතුර.

    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
     
    1. නේවාසික-  

    *පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
    *අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
    ඔප්පු පිටපතක්.
    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
    *වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
    *අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
               
     2. වාණිජ හා කර්මාන්ත.

    *පාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
    *අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
    ඔප්පු පිටපතක්.
    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
    *වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා        
    සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
    *අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.              
    *ගිනි නිවීම්  සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
    *කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක්  ඉදිරිපත් කල යුතුය.

                                         
    අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.


    T O ට ........  නොදුන්නොත් මේ කිසිවක් හරි යන්නේ නැත.

    Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Sun Mar 06, 2016 2:34 am

    නිවසක් හදනවාද? හදන්න කලින් දැනගත යුතුම කරුණු 14ක්LIFE


    තමන්ටම කියල ගෙයක් දොරක් හදාගන්න එක අපි කවුරුත් කවදාක හරි හැබෑ කරගන්න කැමතිම හීනයක්. හැබැයි ගෙයක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සෑහෙන කාලයක් සහ මහන්සියක් වැයවෙන දෙයක්. ඒත් තමන්ටම කියල ඉන්න තැනක් හදාගන්න එකේ වටිනාකම ඔබට දැනෙන්න ගන්නේ ගෙයක් හදාගත්තට පස්සෙයි.මේ හීනය හැබෑ කරගන්න දවස උදා වුන දාක ඔබ දැන සිටිය යුතු සහ දැනටමත් ඒ දවස උදාවූ කෙනෙක් නම් ඔබේ අවධානය යොමු විය යුතුම දේවල් ටිකක් ගැනයි අපි අද ඔබ දැනුවත් කරන්න හදන්නේ.

    තමන්ට සහ තම පවුලේ අයට සුදුසු ස්ථානයක ඉඩමක් මිලදී ගෙන අවශ්‍ය සියලු නීතිමය කාරණා සපුරාගෙන ඔබේ හිතේ ඇති නිවහන ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා සැලසුම් කර ගත් පසු ඔබ දැනගත යුතු දේවල් කීපයකුයි මේ.



    1. හොඳ බාස්


    දැන්කාලේ කරන්න අමාරුම දේ තමා හොඳ බාස් කෙනෙක් හොයාගන්න එක. බාස්ලා කීප දෙනෙක්ගේ මිල ගණන් සසඳා බලන්න. අපි කැමති අඩුම මුදලකින් වැඩේ කරගන්න වුනාට බාස්ගෙ කලින් කරපු වැඩ ගැන සහ ඔහුගෙ පෙර සේවා දායකයන්ගේ අත්දැකීම් ගැනත් සොයා බලන්න.



    2. කොන්ත්‍රාත් දීම සුදුසුද?


    ඔබ කාර්ය බහුල කෙනෙක් නම් ඔබ හොයන්නේ කොන්ත්‍රාත් බාස් කෙනෙක්ව. ඒ කියන්නේ බඩුත් ඔහුම ගෙනත් ගොඩනැගීමත් ඔහුම කරන කෙනෙක්. සාමාන්‍ය බාස් කෙනෙක්ට වඩා කොන්ත්‍රාත් බාස්ගේ ගණන් ටිකක් ඉහළයි. වැඩේ එහෙම බාර දෙන එක ලේසි වුනත් කොන්ත්‍රාත් බාස්ලා යොදන බඩුවල ප්‍රමිතිය ගැන සහතික වෙන්න අමාරුයි. හැබැයි හැම කොන්ත්‍රාත් බාස් කෙනෙක්ම එක වගේ නෑ කියලත් කියන්නම ඕනේ. ඔබට විශ්වාසවන්තයෙක්ට වැඩ බලන්න බාර දෙන්න පුළුවන්නම් සුදුසුම දේ ඔබම උවමනා බඩු ගෙනවිත් දෙන එක.



    3. ගණන් හිලව්


    කොච්චර හොඳ බාස් කෙනෙක් මුණගැහුනත් අනිවාර්යෙන් ඔහුගේ මිල ගණන් ඔහුගේ අත්සනින් සහතික කරල ලිඛිතව ඉල්ලගන්න. ගේ හදාගෙන යද්දි ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගියා කියල බිත්ති වර්ග අඩියේ ගාන හිතුමතේ නග්ගලා බිලට දාන බාස්ලා ඕන තරම්.



    4. අමුද්‍රව්‍ය වල වැයවීම


    ඔබේ පදිංචිය ඔබ ඉදිකරන නිවස ලඟපාතක නොවේ නම් ඔබේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු කාරණයක් මේ. සිමෙන්ති කොට්ටයක වැයවීමේ වේගය ගැන දැනුවත් වෙන්න. ඔබ ආප්පයක් කනවාට වඩා වේගයකින් සිමෙන්ති කොට්ටයක් වැය වෙන බව බාස් පවසනවානම් ඔන්න ඔබට රතු එළියක්.



    5. ට්‍රැක්ටරේ ජරමරේ

    මේ ඔබ ඒ තරම් හිතන්නේම නැති දෙයක්. ගොඩනැගිල්ලට අවශ්‍ය සිමෙන්ති වැලි වගේ අමුද්‍රව්‍ය ඔබ ගෙනවිත් දුන්නාට බාස්ට අවශ්‍ය පලංචි, කොලම් බොක්ස් ආදී දේවල් නම් බාස්ටම ගේන්න කියන එක ඔබේ ඇඟට ගුණයි. ප්‍රධානම දේ ප්‍රවාහන ගාස්තු. මීටර200ක් 300ක් දුරින් තියෙන තැනකින් ඔබ පලංචි කුලියට ගත්තත් ට්‍රැක්ටරේට ඔබට බඩු ටික ගේන්න විතරක් අවම රුපියල් 300ක් ගෙවන්න වෙනවා. වෙලාවක් අවේලාවක් නැතුව වහින මේ අපේ වගේ රටක දවස් කුලියට මේ වගේ බඩු ගෙනත් තියගන්න එක ඔබට කොහොමත් පාඩුයි. වැසි දවසක වැඩක් කරන්න බැරි උනත් ඔබ කුලියට ගත් බඩු වලට ගාස්තුව ගෙවිය යුතුමයි.



    6. බිත්ති බැඳිල්ල


    ගෙයක් හදද්දි පසු කාලීනව එන කපරාරුව ටයිල් ඇල්ලීම වගේ දේවල් වලට ප්‍රශ්න මතු වෙන ප්‍රධානම දෙයක් මේ. ටයිල් වලට බිත්ති බැඳිල්ල කොහොමද ප්‍රශ්ණයක් වෙන්නෙ කියන එක ඔබට පුදුමයක්ද? මෙන්න හේතුව.බිත්ති දික්නූල් කර බිත්ති කෙලින් ලෙවල් එකකට නොබැන්දොත් ඒ ඇදය කපරාරුවෙන් හරිගස්සන්න සෑහෙන ඝනකමකට කපරාරු කරන්න වෙනවා. එහෙමත් කරගන්න බැරි උනොත් ටයිල් කිරීමේදී සහ සිවිලිම් ගැසීමේදී ඒ ඇදය පේන්න ගන්නවා. ඒකට කියන්නේ මුළුපරස් වෙනවා කියල.



    7. ගඩොල්ද බ්ලොක් ගල්ද?


    බ්ලොක් ගලෙන් ගෙයක් හදන එක කාලය සහ මුදල අතින් බැලුවාම වඩා හොඳයි කියල තමයි අපිට හිතෙන්නේ.හොඳම ප්‍රමිතියකට හදන බ්ලොක්ගල් හොයාගන්න පුලුවන්නම් එහෙම කරන එකේ වරදක් නෑ. ඒත් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. ඒ නිසා බ්ලොක්ගල් වලට වඩා චුට්ටක් ගාණ වැඩි වුනත් ශක්තිමත් බාවය, නිවස තුල සිසිලස, කල් පැවැත්ම වගේ වාසි ගැන හිතලා බැලුවාම ගඩොල් වඩාත් සුදුසු බව නොකියාම බැහැ.



    8. නානකාමරයට අවධානය


    ඒතරම් හිතන්නේම නැති කාරණයක් තමා නානකාමර වල ඇතුලත බිත්ති වෝටර් පෲෆ් කිරීම එහෙමත් නැත්නම් ජලය කාන්දු නොවන ලෙස සෑදීම. මේකේ වැදගත්කම දැනෙන්න ගන්නේ පසුකාලීනව ටයිල් අතරින් බිත්තියට කාන්දුවන ජලය පැල්ලම් ආකාරයට පිටත බිත්ති වල මතුවෙන්න ගත් විටයි.



    9. වහලය වෙනුවට ස්ලැබ් එකක්


    රූෆ් ටොප් ගාර්ඩන් එකකට අපි හැමෝම කැමතියි. හැබැයි මෙහෙම ගෙයක් හදන්න හිතනවා නම් අනිවාර්යෙන් ස්ලැබ් එකේ ජල කාන්දුවීම් ගැන හිතන්නම වෙනවා. වියදම චුට්ටක් වැඩි වුනත් නිසි ප්‍රමිතියකට ස්ලැබ් එක නිමකර ගැනීම අනාගතයේ ප්‍රශ්න හුඟක් අඩුකරාවි.



    10. බොක්ස් ටයිප් ගෙවල්

    බොක්ස් ටයිප් ගෙවල් දැන් අළුත්ම නිවෙස් විලාසිතාව. හැබැයි ලංකාව වගේ වෙලාවක් කලාවක් නැතුව වහින රටක මෙහෙම ගෙයක් හදන කොට අනිවාර්යෙන් පිටත බිත්ති ගැන අවධානය යොමු කරන්නම වෙනවා. මේ විලාසිතාවේ ගෙවල් වල පිටත බිත්ති නිරන්තරයෙන්ම තෙමෙනවා. ඒකට හොඳම විසදුම ප්‍රමිතියකින් යුතු පේන්ට් එකක් පාවිච්චි කිරීම. Jat Holdings සමාගමේ එන Weathercoat පේන්ට් එක ඉතාම ඉහලින් අනුමත කරන්න පුළුවන් පේන්ට් එකක් කියලා නම් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.



    11. පොඩි පොඩි වියදම් අඩු කරගමු


    ගෙයක් හදන කොට අපිටම කරගන්න පුළුවන් වැඩ සහ වියදම් අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා.නාන කාමර,රූෆ් ටොප් වගෙ තැන් වල කරන වොටර් පෲෆින් අපිටම කරන්න පුළුවන්. ජනෙල් ග්‍රිල් ටිකත් නිවාඩු දවසක පින්සලක් අරන් අපිටම පේන්ට් කරගන්න බැරි කමක් නෑ.

    බාස් ලවා බඩු ගෙන්වනවානම් ඔබම ගිහින් හාඩ්වෙයාර් එකකින් ගණන් කතා කරගෙන බාස්ව එතනට හඳුන්වා දෙන්න. නැත්නම් බාස්ල කොමිස් මුදලකුත් තියාගෙනයි බඩු ගේන්නෙ.

    ඒ ඒ දේවල් වලටම විශේෂ වූ තැන්වලින් බඩු ගන්න. උදාහරණයක් කිව්වොත් විදුලි කාර්මික බඩු ඒවම විකුණන තැනකින් ගන්න එක හාඩ්වෙයාර් එකකින් ගන්නවට වඩා ලාභයි. බඩු ගේන කොට ඊළඟ දවසටත් අවශ්‍ය දේවල් තියෙනවනම් එක පාර ඒවත් ගන්න. නැත්නම් ප්‍රවාහන වියදම් ඩබල්.

    මේව අපි හිතන්නෙ නැති විදියට වියදම් ඉතුරු කරන වැඩ. ගේ හදලා ඉවර වෙන කොට මෙහෙම ඉතුරු කරන රුපියල් 1000කින් ලයිට් එකක් වත් මිලදී ගන්න පුලුවන් කියලා ඔබටම හිතේවි.



    12. මිල ගණන් කලින් දැනගන්න


    ගේ හදාගෙන යන අතරතු එයට අවශ්‍ය නානකාමර උපාංග, විදුලි උපාංග වගේ දේවල් වල ඔබට අවශ්‍ය විලාසිතාව සහ මිල ගණන් කල් තියා සොයා බලා ගැනීමෙන් ඔබට නිවසේ අවසාන අදියරෙදී වැය වෙන මුදල ගැන දැනුවත් වෙන්නත් පුළුවන්. අනවශ්‍ය දේට අන්තිම මොහොතේ මුදල් වියදම් නොකර අවශ්‍යම දේ මිලදී ගන්න මෙයින් ඔබට හැකියාව ලැබෙනවා.



    13. විදුලි සහ රැහැන් සැලැස්ම


    ඔබේ අවදානය අඩුවෙන්ම යොමු වෙන දෙයක් මේ. නිවසේ බිත්ති ගොඩනැගෙන අතර තුරම ඔබට අවශ්‍ය විදුලි පහන්,ප්ලග් සහ ආරක්ශක කැමරා ආදිය ආ යුතු තැන් ගැන සටහනක් තබා ගන්න. ස්ලැබ් එක දාන විටම විදුලි කාර්මිකයෙකු ලවාම ඒවාට අවශ්‍ය බට ස්ථානගත කරගන්න.



    14. සැලසුම් සටහන්



    නානකාමර වල බට සහ නිවසේ විදුලි රැහැන් බට වල දල සටහනක් හැමවිටම ලඟ තබා ගන්න. පදිංචි වූ පසු ඔබට එන අළුත්වැඩියාවකදී හෝ වෙනස් කිරීමකදී මේ දෙයෙහි වැදගත්කම ඔබට අනිවාර්යෙන් වැටහේවි.

    අවසාන වශයෙන් අපි ඔබට මතක් කරන්න කැමතියි තමන්ටම කියලා ඉන්න හදාගන්න නිවස කල් ගත උනත් වියදම ටිකක් වැඩි උනත් නිසි ප්‍රමිතියකින් නිමකර ගැනීම ඔබේ ආදරනීයයන්ට ඔබ තිලිණ කරන ලොකුම දායාදය වන බව.
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by Rana Sun Mar 06, 2016 2:41 am

    නිහාල්  මහත්මයා
    මේකනම්  ඉතාමත්  වටිනා  ලිපියක්.  

    වර්තමානයේ අමුද්‍රව්‍ය  යොදා  ගෙමිදුල  සැදීමට  වර්ග  අඩියක  වියදම  කොපමණ  වෙනවද  ??
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Sun Mar 06, 2016 10:37 am

    ගෙමිදුලේ පා‍රමානය සහ අව‍යයතාවය මත තිරණයවේ. විශාල වෙන්න විශාල වෙන්න
    වර්ග  අඩියක  වියදම අඩුවේ. රෝපනය කරන ගස් වැල් ,තබන මූර්ති සහ නිර්මාණ මත
    වර්ග  අඩියක  වියදම තිරණයවේ
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by Ukboy Wed Mar 09, 2016 12:54 pm

    Better to study the capital gain tax a bit if you intend to buy/sell properties.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගෙයක් හදන්නද ඉන්නේ Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

    Post by nihal123 Mon Mar 21, 2016 5:16 pm

    අද මම ඔබට කියන්න යන්නේ නිවාස සැලසුම් සහ නිවාස වර්ග ගැන.මේ ලිපිය කියවීමෙන් පසු ඔබට අවශ්යතාවයට අනුව කුමන විදිහේ නිවාසයක්ද ඔබට අවශ්ය කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.ප්රධාන වශයෙන් නිවාස වර්ග 2 කි.

    1.තනි මහල් නිවාස
    2.මහල් කීපයකින් ඇති නිවාස.

    ඔබට නිවසක් තැනීමේ අවශ්‍යතාවය ඇතිවුන ගමන්ම තීරණය කරගන්න අවශ්ය තනි තට්ටුවේ නිවසක්ද නැතිනම් මහල් දෙකක හෝ මහල් කීපයක නිවසක් ද කියලා…එක පාරටම ඔබට ඒ තීරණය ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මම තේරෙන සින්හලෙන් මට පුලුවන් උපරිමවෙන් තේරුම් කරලා දෙන්නම් මේ නිවාස වර්ග දෙකේ වාසි සහ අවාසි ගැන.මුලින්ම තනි තට්ට්ටුවේ නිවාස ගැන හොයලා බලමු.

    1.තනි මහල් නිවාස
    තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.

    • තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්ය මධ්යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
    • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
    • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා…ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ…
    • පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
    තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා…ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප…ඉහත මා කී ක්රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්ය මධ්යම පාන්තික අයට.

    2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.

    • මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
    • මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
    • පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.

    බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.

    ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න…එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි

      Current date/time is Sat Jul 27, 2024 7:10 pm