- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අමු තේ දළුවලට සහතික මිල ලබාදීම අද සිට
Saturday, 18 April 2015 - 10:17අමු තේ දළුවලට සහතික මිලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (18) සිට ආරම්භ කරන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. එය නිළ වශයෙන් ඇරඹෙන්නේ මොරවක - කළුබෝවිටියාන තේ කම්හල් පරිශ්‍රයේ පැවැත්වෙන උත්සවයකදියි. මෙහිදී අමු තේ දළු කිලෝග්‍රෑමයකට රුපියල් 80ක් ලබාදෙන අතර, ඒ සඳහා මහා භාණ්ඩාගාරය මසකට වැය කරන අමතර මුදල රුපියල් මිලියන 790ක්.
පෞද්ගලික අංශයේ ණය වර්ධනයක්
Saturday, 18 April 2015 - 9:35පසුගිය මාස කිහිපය තුළ වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය අඛණ්ඩ ලෙස වර්ධනය වී තිබෙනවා. මහබැංකුව ප්‍රකාශ කළේ පසුගිය පෙබරවාරි මාසයේදී එහි වර්ධනය 12.6%ක් ලෙස සටහන් වූ බවයි. එහි අගය රුපියල් බිලියන 24.5ක්. පෙබරවාරි මාසයේදී පුළුල් මුදල් සැපයුම ද 12.3%කින් වර්ධනය වී තිබෙනවා.
කොටස් වෙළඳපළ ඉහළට
Saturday, 18 April 2015 - 9:31කොළඹ කොටස් වෙළඳපළ ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 7086.41ක් ලෙසයි. එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 4012.56ක් ලෙස දැක්වුණා. දිනය තුළ කොටස් මිලියන 17.3ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම මිලියන 717.05ක්.
http://www.hirunews.lk/sinhala/business