- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ධනවාදය දුරාචාරවත්ද? කොහෙත්ම නැත: ටොම් ජී. පාම(ර්) Exclusive Full Report & e-book
ඔහු ලියා ඇති බොහෝ නිබන්ධන අතරේ, ඔහුගේ මරණයට ටික කලකට පෙරාතුව, ‘නීතිය සහ දේශපාලන අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ තෝරාගත් කෘති’ යනුවෙන් දීර්ඝ අත්පොත් දෙකක් පළ කෙරුණි. ඇඩම් ස්මිත්ගේ දර්ශනය ඒ හරහා ඉදිරියට ගෙන ගිය ඔහු, නිදහස සහ නිදහස් ව්‍යවසාය වෙනුවෙන් හරවත් මැදිහත්වීමක් කෙළේය. පාම(ර්) ඉහත කී දේශනයේදී බැස්ටියට්ගෙන් අදහස් උකහාගත්තද, ඔහුගේ තර්ක බැස්ටියට්ගේ ආර්ථික සහ සදාචාර දර්ශනයට පමණක් සීමා වුණේ නැත.
බොහෝ දෙනාට ධනවාදය සහජයෙන්ම දුරාචාරී ය
ලංකාවේ බොහෝ දෙනෙකුට මෙන්ම, දියුණු ලෝකයේ මෙන්ම දියුණු වෙමින් පවතින ලෝකයේ බොහෝ දෙනෙකුටද, පාම(ර්) මතු කළ ප‍්‍රශ්නය අදාළ නැත. මන්ද යත්, ඔවුන්ට අනුව, ධනවාදය සහජයෙන්ම දුරාචාරවත් වන බැවිනි. එබැවින් ඒ ප‍්‍රශ්නය මතු කිරීම පවා අවශ්‍ය නොවේ. එසේ නම්, ‘ඔව්’ යනුවෙන් තිරසාර පිළිතුරක් ලැබී ඇති එවැනි ප‍්‍රශ්නයක් නැවත නැවතත් එසේ මතු කරන්නේ මන්ද යන ප‍්‍රශ්නය මතු විය හැකිය. මේ පිරිස් නගන ජනප‍්‍රිය තර්කය දිවෙන්නේ මෙසේය: ආර්ථික සහ දේශපාලනික බලය හසුරුවන ධනපතියන් මෙහෙයැවෙන්නේ, අනිත් සියල්ලන් පවතින්නේ තම ප‍්‍රයෝජනය සඳහාය යන ජීවන දර්ශනයකිනි. ඉතිං, ඒ කියන ‘සියල්ලන්ව’ සුරාකෑම වරදක් නොවේ. එයින් ඔවුන්ට මොන අගතියක් වෙතත් කම් නැත. අසීමිත ආත්මාර්ථය මේ ධනපතියන්ගේ අභිප‍්‍රායයි. ඒ අසීමිත ආත්මාර්ථය මේ පෘථුවියේ සුගතියට හේතු නොවේ. එසේ හෙයින් සමාජයක් කළ යුත්තේ, ධනවාදය ප‍්‍රවර්ධනය කිරීම නොව, එය අතුගා දැමීම බව ඔවුන්ගේ තර්කයයි.
ධනවාදය සහ නවලිබරල්වාදය
මේ මාදිලියේ තර්කනය මෑත කාලීනව, ධනවාදය සහ නවලිබරල්වාදය එකක් වශයෙන් ගැනීමේ ප‍්‍රවණතාවක් දක්වයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඉහළ පෙළේ ආර්ථික ප‍්‍රතිපත්ති උපදේශකයන් විසින් නවලිබරල් ආර්ථික පිළිවෙත් විවෘතවම හෙළාදකිනු ලැබීම ඊට උදාහරණයකි. ඒ අනුව, දියුණු රටවල්වල පවා අසාර්ථක වී ඇති නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තමන් අනුගමනය නොකරන බව, ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රකාශනය වූ ‘මහින්ද චින්තනය’ තුළ සඳහන් වුණි. එය වැඩියත්ම ප‍්‍රකාශයට පත්වුණේ, 2012 අයවැය තුළිනි.
මහින්ද රාජපක්ෂව පරාජය කරනු ලැබූ නව ආණ්ඩුවත්, ධනවාදයට හෝ නවලිබරල්වාදයට පක්ෂපාතී වීමෙන් තම දේශපාලන අනාගතය පරදුවට තැබීමට කැමැත්තක් නොදැක්වීය. එකී කාරණා දෙක සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ වැඩෙමින් පවතින අප‍්‍රසාදය පිළිබඳ ඉඟියක් ලත් ඔවුහූ, තම ප‍්‍රතිපත්තිය ‘සමාජ වෙළඳපොළ ආර්ථික ප‍්‍රතිපත්තියක්’ වශයෙන් භෞතීස්ම කරගනිමින් තමන්ගේ අතීත දෘෂ්ටිවාදයෙන් හැකි තාක් ඈත් වීමට වගබලාගත්හ. මෙයින් පෙනී යන්නේ, රටේ සහයෝගයක් නැති හෙයින් ඉහත කී ධනවාදයටවත්, නවලිබරල්වාදයටවත් පක්ෂපාතීව පෙනී සිටීමේ හයියක් දේශපාලඥයන්ටත් නැති බවයි.
හමන සුළෙඟ් දිසාව වෙනස් කිරීමට බලන පාම(ර්)
මේ පසුබිම තුළ, ‘ධනවාදයේ සදාචාරය’ ගැන කොළඹදී පාම(ර්) ඉදිරිපත් කළ දේශනය, පවතින රැුල්ලට එරෙහිව ගත් පියවරකි. නිදහස, මිනිස් ව්‍යවසායකත්වය, සමාජ සමෘද්ධිය සහ නිදහස් විනිමය ගැන 17 සහ 19 වැනි සියවස්වලදී බැස්ටියට්, ඇඩම් ස්මිත්, ජෝන් ලොක් සහ ජේ. බී. සේ වැන්නන් ඉදිරිපත් කොට ඇති දර්ශනවාදයන් හරහා ඔහු සභාවට කරුණු ඉදිරිපත් කෙළේය.
ඔහු සිය දේශනය ආරම්භ කෙළේ, හොඳ ආර්ථික විද්‍යාඥයෙකු සහ නරක ආර්ථික විද්‍යාඥයෙකු අතර වෙනස ගෙනහැර පාමින් ‘දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ තෝරාගත් රචනා’ තුළ බැස්ටියට් ඉදිරිපත් කළ කරුණු ගෙනහැරපාමිනි. (යම් ක‍්‍රියාවක්, පුරුද්දක්, ආයතනයක් හෝ නීතියක් විය හැකි) දෙන ලද ඕනෑම සංසිද්ධියක ප‍්‍රතිවිපාක සමහරක් එසැණින් දැකගත හැකි වන අතර, එයින් ඇතිවන ක‍්‍රියාවලියක අපරාපර්ය ප‍්‍රතිවිපාක එසැණින් දැකගත නොහැකි මුත්, පෙරදැකිය හැකි වන්නේය. දුෂ්කර කටයුත්ත වන්නේ, ඒ අපරාපර්ය ප‍්‍රතිවිපාක පෙරදැකීමයි.
හොඳ ආර්ථික විද්‍යාඥයෙකුගේ රාජකාරිය වන්නේ, දැකිය හැකි සහ පෙරදැකිය හැකි යන දෙවර්ගයේම ප‍්‍රතිවිපාක පිළිබඳ දැනුවත් වීමයි. බැස්ටියට්ට අනුව, නරක ආර්ථික විද්‍යාඥයෙකුට පෙනෙන්නේ ඇස්මානයේ ඇති ප‍්‍රතිවිපාක පමණි. එදා සිටි බොහෝ ආර්ථික විද්‍යාඥයන් සම්බන්ධයෙන් මේ විවේචනය සාධාරණ විය. ආණ්ඩුවක ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාකාරීත්වයක් හෝ මැදිහත්වීමක් නිසා ඇති විය හැකි ක‍්‍රියාවලියක සමස්තය සැළකිල්ලට නොගෙන දඩිබිඩි තීරණවලට එළැඹීම ඔවුන්ගේ ස්වභාවයයි. දැන් කාලයේ ද එවැනි ආර්ථික විද්‍යාඥයෝ බොහෝ වෙත්.
දෘෂ්‍යමානයෙන් එහා දැකීමේ අවශ්‍යතාව
බැස්ටියට්ගේ මේ විග‍්‍රහය අළුත් එකක් නොවේ. බුදුන් වහන්සේගේ කාලයේ පවා ඒ ගැන වැටහීමක් තිබුණි. මීට පෙරත් මේ ලියුම්කරු පෙන්වා දී ඇති පරිදි, සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ එක් කතාවක මෙසේ කියැවෙයි: බත් ලැබෙන හැටි තමන් දන්නේදැයි වරක් සුද්ධෝදන රජු ශාක්‍ය කුමාරවරුන්ගෙන් විමසුවේලූ. රන් ආලේප කළ මේසයේ වාඩි වූ විට රන් තලියකට බත බෙදෙන බව එක් කුමාරයෙකු කීවේය. ඔහුගේ මතය නොපිළිගත් තවත් කුමාරයෙකු රන් තලියට බත් බෙදෙන්නේ රන් හැන්දකින් බව පෙන්වා දුන්නේය. තුන්වැනි කුමාරයා ඒ දෙන්නාවම පරයමින් කියා සිටියේ, රිදී පලංගානමක ඒ බත් රැුගෙන ආ යුතු බවකි. හතරවැන්නා ඊට වඩා නැණවත් විය. රිදී පලංගානමට බත් බෙදිය යුත්තේ කුස්සියේ ඇති තඹ කල්දේරමකින් බව ඔහු පෙන්වා දුනි. මේ එකිනෙකා තම තමන්ගේ පාර්ශ්වීය නිරික්ෂණ ඉදිරිපත් කළත් ඒ කිසිවෙකුට සමස්ත කතාව ග‍්‍රහණය කරගත නොහැකි විය. ඒ කතාව කීවේ සිද්ධාර්ථ කුමාරයා ය. ගොවියන් පොළොව අස්වද්දන්නේ කෙසේද, කුඹුර සීසාන හරකුන්ව ගොවියන් පෝෂණය කරන්නේ කෙසේද, උදලූ නගුල් සහ දෑකැති වැනි දෑ කම්මල්කරුවන් නිෂ්පාදනය කරන්නේ කෙසේද, ගොවියන් තම කුඹුරු දිවා ? රැුක බලාගන්නේ කෙසේද යන්න සහ අනතුරුව ගොයම් කපා, කොළ මැඩ, වී කොටා, කරත්තවල පටවා කඩවලට ඒවා ප‍්‍රවාහණය කරන්නේ කෙසේද යන්න ගැන පමණක් නොව, කරත්ත හදන්නේ කෙසේද යන්න ගැන පවා ඔහු විස්තර කෙළේය. ඒ සියලූ ශාක්‍ය කුමාරවරුන් අතරින් දෘෂ්‍යමානයෙන් එහා දැකීමේ හැකියාව තිබුණේ සිද්ධාර්ථට පමණි. බෞද්ධ කතිකාව තුළ මෙය හැඳින්වෙන්නේ පරිඥානය යනුවෙනි. උදාහරණයක් වශයෙන්, මජ්ජිම නිකායේ මූලපරියාය සූත‍්‍රයේ, මූලාරම්භය පිළිබඳ සංකථනයේදී බුදුන් වහන්සේ පෙන්වා දෙන පරිදි, කෙනෙකුට මේ දැක්ම නැතොත්, සංසිද්ධිමය සැබෑ ස්වභාවය පරිපූර්ණව වටහා ගැනීමට ඔහු අපොහොසත් වන්නේය.
ටොම් පාමර්ගේ පොත මෙතනින් බා ගන්න
https://studentsforliberty.org/wp-content/uploads/2011/04/The-Morality-of-Capitalism-PDF.pdf
The Morality of Capitalism Sri Lankia by Randora Lk
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ධනවාදය දුරාචාරවත්ද? කොහෙත්ම නැත: ටොම් ජී. පාම(ර්) Exclusive Full Report & e-book
Agreed with the statement that ask to avoid premature conclusions.
These days a very common experience.