දේශපාලනේ නිසා අනිත් ඔක්කොම යට ගිය නිසා හිතට නිකං හරි නෑ වගේ.
ඉතින් පරණ කතාවක් ලියන්න හිතුන.
මේකෙ නම් පූර්ණ ප්‍රකාශන අයිතිය මට තියා ගන්නව.
----------
මෙක නම් මටම සිද්ධ උන දෙයක්. පොඩි කාලෙ.
පසුබිම:
1971 පත් වුන සිරිමා බණ් ඩාරනායක රජය දැඩි සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ගියා. 1977 දී එජාපය වාර්තා ගත ජයක් ලබන්නත් මේ 1971-77 කාලය තුල ජනතාව අත් විඳි දැඩි පීඩනය හේතු උනා. බස් එකක හාල් රාත්තල් 2 (1 kg) ට වඩා අරන් ගියොත් අල්ලනව. පාර හරහ බැරියර් දාල මිරිස් ගෙනියනවද බලනව. ඒවට කිව්වෙ මිරිස් පොලු කියල.
කලිසමක් මහගන්න රෙදි දෙන්නෙ මාස කිහිපයකට එක ලෙන්ත් එකයි. දැන් වගේ පිටින් ගන්න නෑ.
අප බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා කාරයන්ව පේන්න බැරි වෙන්නත් එය හේතු උනා.
ඒ කාලෙ විදේශ අනයනය සීමා කොට රටේ මූල්‍ය තත්ත්වය සතුටු දායක මට්ටමකට ගන්න උත්සාහ කලේ. මේක එ සමයයේ ලොව බෝහෝ රටවල අත් හදා බලන්න ගිය දෙයක්. නමුත් ජනතා පීඩනය හමුවේත් විපක්ෂ උසි ගැන්වීම හමුවේත් ඒවා කලින් අරමුණු කළ සාර්ථක අදියරට එන්න කලින් කඩා වැටුන.
අද වගේ නෙවි ඒ කාලේ රටේ මුදල් වැඩියෙන් පිටට ගියේ ආහාර ආනයනයට.
ඒ නිසා ආහාර මෙහිම වගා කළොත් විදේශ සංචිත ඉහල යනව. ඒ කාලයේ අපේ හැම ගෙවත්තකම වගා කලා.
මට මතකම දෙයක් තමයි වියලි මිරිස් මිල.
ආනයනය සම්පූර්ණ යෙන් නැවැත්තුව.ඉල්ලුම අධිකයි .සැපයුම බිංදුවයි.
ඒ කාලෙ රාත්තලක් රුපියල් 80 ට ගියා. ඒ කියන්නෙ කිලෝ එකක් රු. 180 ක් විතර.
ඒ කාලෙ රජයේ සාමාන්‍ය සේවක වැටුප 300-375 ක් විතර.
ඒ අනුව අද මිලට මිරිස් කිලෝ එක රුපියල් 15,000.00 ක් වගේ !
ඉතින් කොහොමද ලුනු මිරිසක් වත් හදා ගන්නේ ?
ඒ නිසා හැම දෙනාම වවල තමයි කෑවෙ. ඒ කාලේ ආව MI - 1, MI-II (මහ ඉලුප්පල්ලම ) නමින් හොඳින් අස්වනු දෙන මිරිස් වර්ග. මිරිස් ආනයනයට ඉන්දියාවට ගිය රුපියල් ලක්ෂ ගාන ඉතුරු උනා. පසුව කවුරුත් මිරිස් වවන්න ගත්තම ඔය මිල අඩු උනා.
ඒ වෙනකොට සමහර ගොවි මහතුන් ලක්ෂපතියන් වෙලා. යාපනේ අය එහෙම ශ්‍රී ලංකා රජයට හරිම කැමැත්තෙන් හිටියෙ. 1977 UNP එක ඇවිත් ඒ ආර්ථිකය බිඳ දැමීම ත්‍රස්තවාදය වැඩි වෙන්නත් එක හෙතුවක් වූ බව සමහරු කියනව.
කෙසේ හෝ අපේ අම්මත් කොළඹ ආසන්නයේ අප හිටපු නිවෙස ඉදිරිපස පර්චස් 2-3 ක ඉඩේ පාත්ති හදල විවිධ දේ වැව්ව. මඤඤොක්කා, කිරි අල, වැට කොලු , පතෝල, දඹල ආදිය.
පාසලෙන් පසු හා නිවාඩු දිනවල මමත් උදවු කලා . (අදත් තියෙන වවන පිස්සුව හැදුනේ ඒ කාලෙ.)
දැන් අපේ කතාව:
මිරිස් කරල් හටගන්නෙ අතු වල යටට නේ. එවිට අස්වනු නෙලන කොට අතු යටින් අත දාල කරල් කඩන්න වෙනව. (අදත් එහෙමයි.) නො ඉදුන කරලුත් කැඩෙනව. ඉතින් කෘෂි පර්යේශකයින් කල්පනා කලා මේ කරල් උඩ අතට හැදුනොත් තේ දළු නෙලනව වගේ ලෙහෙසියෙන් අස්වනු නෙලන්න පුලුවන් වෙන බව.
එසේ සිතා උඩට හැදෙන කුඩා මිරිස් වර්ගයකට(කොච්චි කරල් වගේ) හෝ මාලු මිරිස් වර්ගයකටදෙමුහුන් කරල MI-35 නමින් නව මිරිස් වර්ගයක් හදල ගොවීන් අතර බෙදා දුන්න. ඒකෙ කරල් හැදෙන්නෙ උඩ අතට. ඒ කරල් මඳක් කහ පාටයි.
හැබැයි අද MI-35 ගූගල් කලොත් එන්නෙ හෙලිකොප්ටරය. ඒ නිසා ඒ සමාන පින්තුරයක් මෙහි දැම්ම.
![සති අන්තයේ හිත සැනහෙන්න Starbu10](https://i.servimg.com/u/f38/18/78/19/65/starbu10.jpg)
නමුත් කෘෂි දෙපාර්තමෙන්තුව හිතූ තරම් මේක ගොවීන් පිලිගත්තෙ නෑ. එයට හේතුව MI-II වගේ දිගට මේකෙ කරල් හැදෙන්නෙ නෑ. කරල කොටයි. කරලක් කඩන්නෙ වෙන මහන්සිය අපතේ යන බව ගොවීන්ට තේරුනා.
අපේ වගාවෙ ඔය දෙකම තිබුනා.
MI-35 වැව්වෙ ආසාවට. ලස්සනට. කරල් හැදුනම හරි ලස්සනයි. ඒකට කිව්වෙ "රොකට් මිරිස්" කියල.
ඉතින් මම කල්පනා කළා MI-35 නැවත වරක් දිග මිරිස් වර්ගයකට දෙමුහුන් කලොත් උඩට එන කරල තව දිගට හැදෙන වර්ගයක් හදගන්න පුලුවන් වෙයි කියා.
එහෙම හිතල MI-35 පරාග පුපුරන්න කලින් ඒව සීරුවෙන් ඉවත් කරල දිග වර්ගෙක පරාග අරන් දෙමුහුන් කරනව.
කෙසේ හෝ මෙහෙම කරපු සමහර කරල් හරි ගියා. මෙසේ කිරීමෙන් එන ඇට වලින් MI-35 ට වඩා දිගට උඩට හැදෙන කරලක් හැදුන. ඒකෙනුත් හොඳටම දිගට එන කරලකින් නැවත බෝ කලා.
හැබැයි පොඩි පරහක් හිටිය.
කරල් උඩට දික් වෙන එක වැඩි නිසා අග හරියෙන් නැවෙනව. කුඩ මිටි හිටවල වගේ. අනිත් එක අස්වනු නෙලනකොට අර නැවුන තැනින් කරල කැඩෙන්න බලනව. දිගම කරල් බරට පැත්තකට ඇල වෙන ගතියකුත් තිබුන.
ඒත් මම හිතුව කොහොම හරි උඩට හැරිල දිගට එනවනේ කියල.
ඉතින් අර අතු උස්ස උස්ස බල බල කරල් කඩන එක අවශ්‍ය වෙන්නෙ නැති නිසා වැඩේ සැහෙන්න සාර්ථකයි කියල. එහෙම හිතල ඒ පලාතෙ ගොවිතැන් කළ අපේ හිතවත් නියම ගොවි මහතෙකුට දුන්න වවන්න.
(අද නම් ඒ ගොවි බිම් නෑ. තට්ටු ගෙවල් විතරයි. )
ඉතින් මිනිහත් අනිත් මිරිස් පාත්ති අතරේ කිහිපයක ඕකත් වවල . මම ඒ කාලෙත් ඔය වටින බීජ වර්ග ලැබුනම ඔවුන්ට දෙනව.
ඉතින් මාස 3-4 කට පසු අර මිරිස් පාත්ති වල කරල් ඉදිල කට්ටිය කඩන බව දැක්ක.
අපේ පිරිමි බිම් සකස් කරල මහන්සිවෙලා වැව්වට බොහෝ විට අස්වනු නෙලන්නෙ කාන්තා පක්ෂය.
මම අපේ යාලුවා හමු උනාම ඇහුව " කොහොමද මං දුන්න අලුත් මිරිස් වර්ගෙ හොඳයි නේද ?
මොකද ඇන්ටිල කිව්වෙ . කඩන්න ලේසියි කිව්ව ද ?" කියල.
මිනිහ කියනව: "වැඩේ හරි යන්නෙ නෑ. MI-I ම හදන්න වෙනව."
"මේ කරල් කඩන්න ගියාම නිකං කාලෙ කනව විතරයි. දෙන අත්තමටත් පාඩුයි."
මම ඇහුව: "ඇයි ඒ ? කරල් දිගට හැදෙනව නේ" කියා.
මිනිහ ඒකට දුන්න උත්තරෙන් මගේ නව මිරිස් ප්‍රභේද හදන ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වෙලා සුන්නත් ධූලි වෙලා ගියා.
" මේකනේ බබා, කරල කොච්චර දික් උනත් වැඩක් නෑ හරියට කෙලින් වෙලා හිටින්නෙ නැත්නම්.
අපේ ගෑනු කැමති නෑ."
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?