The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත !

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! Empty කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත !

    Post by nihal123 Sun Apr 19, 2020 8:35 am

    ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව වූයේ කෙසේ හෝ ඇය හමුවන්නට ස්වීඩනයට පැමිණෙන බවකි. කාලය කෙමෙන් ගෙවී ගියේය. තරුණයාට ස්වීඩනයට යාමට මුදල් නොවීය. එහෙත් තම පොරොන්දුව අමතක නොකළ ඔහු කෙසේ හෝ ඇය දකින්නට යන්නෙමියි අදිටන් කර ගත්තේය. ගුවන් මගින් යාමට නොහැකි හෙයින් ඔහු පාපැදියක් මිලට ගෙන එහි නැඟී රටවල් අටක් ඔස්සේ ඉන්දියාවේ සිට ස්වීඩනය බලා ගියේ තම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. තරුණිය චාලට් වොන් ස්ලෙඞ්වින්ය. තරුණයා ප්‍රදියුම්නා කුමාර් මහනන්දියාය. මේ ඔවුන්ගේ කතාවයි.

    1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය. චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය. ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය. එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්නෙමැයි යන ප්‍රාර්ථනය සිත් දරාගෙනය. තම හැකියාවන් මත නවදිල්ලි සෞන්දර්ය ආයතනයට ඇතුළත් වන්නට ඔහු සමත් වූයේය. නවදිල්ලි සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු අති දක්ෂ ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු ලෙසින් දස්කම් දැක්වූ අතර අධ්‍යාපන ආයතනයේ සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය.

    19 හැවිරිදි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක වූ චාලට් වොන් ස්ලෙඞ්වින් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩනයේය. ඇයට තමාගේ උඩුකය සිතුවමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවූ ඇයට මිතුරියක මාර්ගයෙන් ඉන්දියානු ජාතික තරුණයා පිළිබඳව දැන ගැනීමට ලැබිණි. එම තරුණයා ලවා තම සිතුවම නිර්මාණය කර ගැනීමේ අරමුණින් චාලට් 1975 වසරේ ඉන්දියාවට පැමිණියාය.

    ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය සඳහා මාස කිහිපයක් ගත විය. චිත්‍රය අඳිනු පිණිස දිනපතා තමා ඉදිරියේ අසුන් ගන්නා චාලට්ගේ රූ සිරියෙන් මත් වූ කුමාර් ඇයට සිතින් පෙම්කරන්නට විය. ඔහුගේ දක්ෂතාව හා අහිංසකත්වය දුටු චාලට්ගේ සිත ද චිත්‍රශිල්පියා කෙරෙහි බැඳී ගියේය.

    ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින මෝරා වැඩෙන්නට විය. කුමාර් නොදැක සිටින්නට නොහැකි වූ චාලට් දිනක් ඔහු විස්මයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ තමා හා විවාහ වන ලෙසටය. කුලහීනයකු වන තමාට ඇයගේ අතගැනීම සිහිනයක් වූයෙන් කුමාර් තම පවුල් පසුබිම ඇයට පැවසුවාය. එහෙත් ඇය ඒ කිසිවක් පිළිබඳ නොතැකුවාය. අවසානයේ දෙදෙනා සාම්ප්‍රදායික ඉන්දියානු පිළිවෙත් අනුව විවාහ වූ අතර තරුණිය තම නම වූ චාලට් වෙනුවට චාරුලතා යන ඉන්දියානු නම තෝරා ගත්තාය. ඔවුහු නව දිල්ලියේ මහල් නිවෙසක නව ජීවිතයක් ආරම්භ කළහ.

    මාස කිහිපයකට පසු තම අධ්‍යාපන කටයුතු සඳහා චාලට් යළි ලන්ඩනය බලා යා යුතු වූවාය. තමා සමඟ යෑමට එන්නැයි ඇය තම සැමියා වන කුමාර්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් කුමාර් ඒ වන විටත් සෞන්දර්ය ආයතනයේ සිසුවකු වූ බැවින් අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට හැකියාවක් නොවීය. තවත් වසරක කාලයකින් අධ්‍යාපන කටයුතු නිමවා ඇය හමුවන්නට ලන්ඩනයට එන්නෙ මැයි ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. එයට එකඟ වූ චාලට් අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස ලන්ඩනයට පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවන බව පැවසුවද කුමාර් එයට කැමති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ තමා උපයා ගත් මුදලකින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ඇය හමුවන්නට යාමය. අවසානයේ චාලට් ඔහුගේ ඉල්ලීමට එකඟ වූ අතර වසරකින් හමුවීමේ අපේක්ෂාවෙන් දෙදෙනා වෙන් වූහ.

    වසරක් පුරා දෙදෙනා ලිපි මගින් හමු වූහ. හදවත ප්‍රේමයෙන් පිරී ගියද කුමාර්ගේ පසුම්බිය හිස්ය. ඇයට ප්‍රතිඥා දුන් පරිදි ලන්ඩනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔහුට නොහැකි විය. තමා මුදල් සොයා ගන්නා බව පැවසූ හෙයින් ඇයගෙන් මුදල් ඉල්ලීමටද ඔහු අකමැති විය. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබසින්නකු නොවීය.
    5
    චිත්‍ර අඳින උපකරණ හැර තමා සතු සියල්ල විකුණා දැමීමට කුමාර් තීරණය කළේය. අවසානයේ යම් මුදලක් රැස් කරගත් ඔහු භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පාපැදියක් මිලට ගත්තේය. ඔහු කරන්නට යන දේ ඇසූ මිතුරෝ “උඹට ඔල්මාදදැ” යි ඔහුගෙන් ඇසූහ. නැත, ඔහු ඔල්මාදයෙන් පෙළෙන්නකු නොවීය. කෙසේ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීමත්, තම ආත්ම අභිමානය රැක ගැනීමත් ඔහුගේ එකම අරමුණ විය. තම බිරිය හමුවීම සඳහා පාපැදියෙන් ඉන්දියාවේ සිට ස්වීඩනය බලා යෑමට කුමාර් සැලසුම් කොට තිබිණි. ඒ වන වන විට චාලට් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට තම මව් රට වන ස්වීඩනය බලා ගොස් තිබුණාය.

    දින ගණනකට අවශ්‍ය ආහාර පාන සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත, පැන්සල්, පින්සල් ආදී සියලු දෑ ඔහු තම පාපැදියේ අසුරා ගත්තේය. සීත කාලයට අවශ්‍ය ඇඳුම් කිහිපයක්ද ඒ අතර විය. තම බිරිය හමුවීමේ අරමුණින් ඔහු 1978 එක්තරා දිනෙක නවදිල්ලියෙන් ගමන් ඇරඹීය. හුදෙකලාව යන හෙයින් පරිස්සම් විය යුතු බවත්, කිසියම් ආපදාවක් පැමිණියහොත් යළි ඉන්දියාවට පැමිණිය යුතු බවටත් ඔහුට සමුදීම සඳහා පැමිණ සිටි මිතුරෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ.

    නවදිල්ලියෙන් ගමන් ඇරඹූ කුමාර් අම්රිත්සාර් නුවරට ළඟා විය. දිනක් විවේක ගෙන යළි ගමන් ඇරඹූ ඔහුගේ ඊළඟ නැවතුම වූයේ ඇෆ්ඝනිස්ථානයයි. එහි සිට ඉරානයටත් එතැනින් තුර්කියටත් ගිය ඔහු අවසානයේ යුරෝපයට ඇතු`ඵ විය. ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ බල්ගේරියාවය. එතැනින් ජර්මනියට ළඟා වූ ඔහු ඔස්ටි්‍රයාව ඔස්සේ ඩෙන්මාර්කයට පැමිණියේය. එකල බොහෝ රටවලට වීසා බලපත් අවශ්‍ය නොවූයෙන් රටකින් රටකට යෑමට ඔහුට එතරම් බාධා ඇති නොවිණි. ගමන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පාපැදිය අබලන් විය. වරින්වර එය සකස් කර ගනිමින් අධික වෙහෙස කර ගමනක නිරත වන්නට කුමාර්ට සිදු විය. අත ඇති මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඔහු දින ගණන් කුසගින්නේ තම බයිසිකලය පැද්දේය. වරෙක දැඩි හිරු රශ්මියෙන්ද, වරෙක තද සුළඟින් හා වැස්සෙන්ද ඔහු පිඩා වින්දේය. අධික වෙහෙස හා රිදෙන දෙපා පිළිබඳ ඔහු තැකුවේ නැත. ඇතැම් අවස්ථාවල ගස් යට රැය පහන් කළ අවස්ථාද විය. එහෙත් කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත.

    මාස හතරකුත් සති තුනකට අධික වෙහෙසකර ගමනකින් පසු ඔහු ස්විඩනයේ ගොතන්බර්ග් නුවරට ළඟා වූයේය. එහිදී ස්වීඩන ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදු විය. මේ මිනිසා පාපැදියක නැගී ඉන්දියාවේ සිට ස්වීඩනයට පැමිණියා යන්න ඇදහීමට ඔවුහු නොකැමති වූහ. අවසානයේ ඔහු පැමිණි කරුණ ඇසූ ඔවුහු විමතියට පත් වූහ. තමා ස්වීඩන තරුණියක හා විවාහ වූ බවත් ඇය හමුවන්නට පා පැදියකින් ස්වීඩනයට පැමිණි බවත් කුමාර් පැවසීය. විවාහ වූ දිනයේ ලබාගත් ඡායාරූප ඔවුනට පෙන්වූ විට ඔවුහු නැවතත් විමතියට පත් වූහ. චාලට් ස්වීඩනයේ රාජකීය පෙළපතකට අයත් තරුණියක වූවාය. ආගමන විගමන නිලධාරීන් වඩාත් විමතියට පත්වූයේ රාජකීය රුධිරය සහිත තරුණියක දිළිඳු ඉන්දියානු තරුණයකු හා විවාහ වූ බැව් අසන්නට ලැබුණු හෙයිනි.

    කුමාර් හට දින කිහිපයක් ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන්නට සිදුවූයේ චාලට් හමුවී මේ මිනිසා පවසන්නේ සත්‍යයක්දැයි විචාරීමට ඔවුනට අවශ්‍ය වූ හෙයිනි. තම සැමියා පාපැදියකින් තමා සොයා පැමිණ ඇතැයි දැනගත් චාලට් ඔහු හමුවනු පිණිස ගොතන්බර්ග් නගරයට පැමිණියාය. අති මහත් සතුටකින් යුතුව තම සැමියා වැළඳගත් චාලට් ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඔහු නිදහස් කර ගත්තාය.

    ස්වීඩන රාජවංශිකයන් හට රාජකීයයකු හා සුදු ජාතිකයකු නොවන පුද්ගලයකු හා විවාහ වීම තහනම් විය. එහෙත් චාලට්ගේ මව්පියෝ එම සම්ප්‍රදාය බිඳ දමමින් තම දියණියගේ රාජකීයයකු නොවන සැමියා තම පවුලට එක් කර ගැනීමට කැමැත්ත පළ කළහ.

    මේ වන විට ආචාර්ය උපාධිධරයකු වන කුමාර් මහනන්දියා ස්විඩනයේ සම්භාවනාවට පත් චිත්‍ර ශිල්පියෙකි. පී.කේ. නමින් ලොවම හඳුනන ඔහු ස්වීඩන් රජයේ චිත්‍ර සහ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකයකු වන අතර ඉන්දියාවේ තමා උපන් ඔඩිෂා ප්‍රදේශයේ ස්වීඩන සංස්කෘතික තානාපතිවරයා ලෙසින් කටයුතු කරයි. කලකට ඉහත කුල හීනයකු ලෙසින් ඔහු පීඩාවට පත් කළ එම ගමේ කුලවත්හු පී.කේ. ගමට පැමිණෙන විට මහත් හරසරින් පිළිගැනීමට සැදී පැහැදී සිටිති.

    වසර 40ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කුමාර් හා චාලට් යුවළට දරුවන් දෙදෙනෙකි. කාල් සිද්ධාර්ත් සහ එමලි ඔවුන් දෙදෙනාය. කුමාර්ගේ චිත්‍ර ලොව පුරා ප්‍රධාන නගරයන්හි ප්‍රදර්ශනය කෙරේ. යුනිසෙෆ් සංවිධානයේ සුබපැතුම් පත් රැසක් සැරසී ඇත්තේ ඔහුගේ චිත්‍රවලිනි. 2012 ජනවාරි මාසයේ ඉන්දියාවේ උට්කල් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය. ස්වීඩන රජය කුමාර්ගේ හා චාලට්ගේ ප්‍රේම වෘත්තාන්තය සියවසේ අමරණීය පෙම්පුවත සේ සලකනු ලබන අතර එම පුවත අළලා ස්වීඩන් බසින් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණයවී තිබේ. ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වන සංජේ ලීලා බන්සාලි, කුමාර් හා චාලට්ගේ පෙම්පුවත ඇසුරින් බොලිවුඞ් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙයි. කුමාර් මහනන්දියාගේ ප්‍රවෘත්තිය අධිෂ්ඨානශීලී දිළිඳු තරුණයකුගේ සැබෑවූ සිහිනය පිළිබඳ කතාවයි.


    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත ! Empty Re: කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත !

    Post by The Invisible Sun Apr 19, 2020 10:07 pm

    Great story. Thanks nihal for sharing the same.

      Current date/time is Sat Jul 27, 2024 1:21 pm