- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මනුස්සකම
ඇඳිරි නීතිය ඉවර වෙන්න පැයක් එක හමාරක් තියලා ආපු පොඩි ඩිමෝ බට්ටා ලොරියක් කඩවත පැත්තට මූණ දාලා හරවලා නතර කලා. ලොරියේ තිබුණෙ අල,ළූණු, හාල් මැස්සන් සහ පොල්. ලොරිය පදවගෙන ආපු රියදුරු මහත්තයා තරුණයි, ඔහුගේ බිරිඳත් සහයට ඇවිල්ලා... ඉස්සරහා සීට් එකේ පරිස්සමට නිල් පාට මල්පීස් රෙදි කෑල්ලකින් උණුහුමට ඒ දෙන්නගේ පුංචි පුතා තද නින්දක. ටක් ගාලා ඒ තරුණයා අල සහ ළූනු කියලා ලොකු අකුරෙන් ලියපු බෝඩ් කෑල්ලකුත් පාර අයිනෙන් හිටෙව්වා... විනාඩි පහක් යන්න උනේ නෑ පාරේක් ගියපු කාර්, වෑන්, ලොරි වගේම ත්‍රීවීල්, මෝටර්බයිසිකල් සේරම වාහන ජාති විසි පහකට වැඩිය වෙනදා වගේ නැතුව හරි පිලිවෙලට නතර වෙලා. සේරම මුහුණු ආවරන බැඳගෙන. සමහරු ලේන්සු වලින් මූණ බැඳගෙන.... හදිස්සියටද කොහෙද කොල්ලො දෙන්නෙක් ටීසර්ට් වලිනුත් මූණ කට වැහෙන්න වහගෙන. සේරම එකිනෙකාට ඈතින් ඒක හරි අපූරුයි.... පෝලිම ඉස්සරහට යනවා
ලොරියේ ආපු යුවලගෙන් ස්වාමියා බඩු කිරලා මලු වලට දාලා දෙනවා... බිරිඳ ගණන් හදලා සල්ලි අරගන්නවා ඉතුරු දෙනවා... ඒ ගෑණු ළමයගේ ඇස්වල වසංගත රෝග බියක් අස්සේ උනත් මම දැක්කේ පුදුමාකාර සතුටක්... තමන්ගේ ස්වාමියගේ උත්සහය ධෛර්යය එක්ක වෙනදාට වඩා මිනිස්සු පෝලිමේ බඩු ගන්නකොට.... නුහුරු විදියට කැල්කියුලේටරය ඔබන ගමන් පොඩි එකසයිස් පොතක පොඩි උන්ගේ තාලෙට ගණන් ටික ලියලා යටින් ඉරකුත් ඇඳලා එක්කාසු කරද්දි මට හිතුනා උන් දෙන්නම තාම වෙලඳාම අස්සේ කාබසිනියා නොවිච්ච උන් වග....
පෝලිම පිලිවෙලට ඉස්සරහට යද්දි කෙනා දෙන්න බඩු අරන් යද්දි , පරණ අත්දිග කමිසයක් එක්ක අවපැහැ සරමක් ඇඳලා රුපියල් විස්සෙ කලු කවරයක් එල්ල ගෙන උන්නු මනුස්සයා.. මං එයාව දන්නවා.. නම ජයසේන. මේ පැත්තේ වතු සුද්ද කරන එක වගේ සේරම කුලී වැඩ කරන්නේ එයා. ජයසේනගේ වාරේ...
"අල පන්සීයයි...හාල් මැස්සො දෙසීය පණහයි"
බඩු ටික කිරලා කවරෙට දා ගෙන සල්ලි දෙද්දි... පිටි පස්සෙන් පෝලිමෙ උන්න කොල්ලෙක් අහනවා....
"අංකල් ඔය ගත්තා මදි නේද ?"
"නෑ මහත්තයෝ.... ඇති....ඇදිරිනීතිය හින්දා දවස් හයකින් කිසිම සල්ලියක් නෑ "
තත්පර පහක් යන්න ඇති....
"මල්ලි මේ මාමට අල කිලෝ එකක් වෙන්නයි, ළූණු කිලෝ එකක් වෙන්නයි දෙන්න... "
බඩු ගත්තා මදි නේද කියලා අහපු කොල්ලා කිව්ව... ඒ එක්කම පෝලිමේ පොඩ්ඩක් පිටි පස්සෙන්...
"තව පොල් ගෙඩි පහක් දෙන්න... මං ඒකට සල්ලි දෙන්නම්... " එහෙම කිව්වේ පෙනුමෙන් ඩියුටි ඉවර වෙලා ගෙදර යන පොලිසියේ රාලහාමි කෙනෙක් වගේ...
"හාල් මැස්සො තව පන්සීයක් දෙන්න..." ඒ තව නෝනා කෙනෙක්....
බඩු විකුණපු ජෝඩුවගේ ගානේ එයාලා කන්න අරන් තිබුණ සැමන් ටින් එහෙකුත් ඒ මාමගේ කවරෙට වැටෙනවා.
ඒ විතරක් නෙමෙයි.... හැමෝම ඒ පෝලිමේ උන්න හැමෝම තමන්ගේ සාක්කුවෙන් පර්ස් එකෙන් ගත්ත රුපියල් පණහා සීය පන්සීය එක්ක එකතු කරපු මුදලක් ජයසේන මාමගේ අතමිට මොලවනවා...
තවත් ටික වෙලාවකින් මහ පාරෙන් අතුරු පාරට හැරිලා එක උරේක කිලෝ දහයේ හාල් මිටියකුත් අනික් අතින් සෝයාමීට් පරිප්පු අල,ළූණු පුරෝපු සිලි සිලි මල්ලකුත් එල්ලගෙන... ජයසේන මාමා සෑහෙන සංතෝසෙන් ගෙදර යනවා.
කොරෝනා නෙමෙයි තවත් වසංගත සීයක් ආවත් මේ සුන්දර මිනිස්සු ටික මතු කරගත්ත ආදරණීය මනුස්සකම් ටික ඉතුරුවෙලා තියන තාක්කල් තවත් එක අහිංසකයෙක් හරි බඩගින්නේ ඉන්නේ නෑ කියන එක ඉරහඳ වගේ විශ්වාසයි.
කවදා හරි දවසක අර ලොරියේ ඉස්සරහා ගුලි වෙලා නිදන් උන්න පුංචි පුතා ලොකු මහත්තයෙක් වෙච්චි දවසට ඒ අම්මයි තාත්තයි ...කොරෝනා කියලා වසංගත රෝගයක් කාලේ ලංකාවේ මිනිසුන්ගේ මනුස්සකම ගැන ලස්සන කතාවක් කියයි නේද කියලා මට හිතුණා.
මේ පුංචි දුප්පත් රටේ කොයි තරම් පොහොසත් හදවත් තියනවාද... අපි මොනතරම් වාසනාවන්ත මිනිස්සු ද , අපි විසින්ම අපිට අපි නැති කරගෙන තියනවාද කියන ප්‍රශ්නෙත් ඒ එක්ක්ම මට දැනුනා
කුෂාන් ප්‍රේමසිරි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මනුස්සකම
Lately, many have shown their basic, fundamental goodness in them, which is a good sign.
- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Re: මනුස්සකම
මේ ලෝකේ මනුස්සකම් අතින් ඉහලින්ම ඉන්න ජාතියක් අපි. මේ රට පොඩි උනත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ හිත් පොඩි නෑ... මට මගේ රට ගැන ආඩ්ම්බරයි. අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙ අපේ රට මේ විනාශයෙන් බේරගන්න හැකි උපරිම දේ කරමු.
nihal123 wrote:#මනුස්සකම

- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: මනුස්සකම
nihal123 wrote:LSE wrote:මේ පුංචි දුප්පත් රටේ කොයි තරම් පොහොසත් හදවත් තියනවාද... අපි මොනතරම් වාසනාවන්ත මිනිස්සු ද...
මේ ලෝකේ මනුස්සකම් අතින් ඉහලින්ම ඉන්න ජාතියක් අපි. මේ රට පොඩි උනත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ හිත් පොඩි නෑ... මට මගේ රට ගැන ආඩ්ම්බරයි. අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙ අපේ රට මේ විනාශයෙන් බේරගන්න හැකි උපරිම දේ කරමු.
අපේ අයගෙ මනුස්සකම කොච්චරද කියනවනම් රුපියල් 250 එලවලු මල්ලට රුපියල් 500ක් ගන්නව.
අපි හදවතින්ම මනුස්සකම තියෙන ජාතියක්.අපි ඔක්කොම එකතුවෙලා මිනිස්සුන්ට උදව් කරමු. දැන් ඩිලිවරි කරන අයගේ කාලයයි.රුපියල් 100 යෙ බඩුවට 200ක් ගනිමු.
අපි කොච්චර පිරිහිලද කියල කිව්වොත් ඒකත් හොදයි කියන අය ඉන්නව.
- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Re: මනුස්සකම
malanp wrote:nihal123 wrote:LSE wrote:මේ පුංචි දුප්පත් රටේ කොයි තරම් පොහොසත් හදවත් තියනවාද... අපි මොනතරම් වාසනාවන්ත මිනිස්සු ද...