The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri Nov 27, 2020 9:32 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි Empty අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි

on Fri Mar 27, 2020 12:02 pm
Message reputation : 100% (2 votes)
අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
March, 27, 2020

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය වාරික අය කිරීම සම්බන්ධයෙන් සහන ලබා දෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති පසුබිමක බොහෝ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් අදාළ ණයවාරික මේ විටත් කපා ගෙන ඇති බවට විවිධ මැසිවිලි අසන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ සභාපති සුජීව රාපක්ෂ මහතාගෙන් අද දෙරණ විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ එසේ අයකරගන්නා ලද ණය වාරික නැවත ලබා දෙන්න කටයුතු කරන බවයි.

“මහ බැංකුවෙන් අපට විධාන නිකුත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ගොඩක් අය බලා ඉන්නවා, එහෙම කිව්වාට මේ ණය වාරිකයක් අය කළා නේද කියලා. නමුත් මහජන බැංකුව ලෙස අපි කියන්න කැමතියි එසේ අය වී ඇති ණය වාරිකය අපි ආපසු ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා.“

මේ අතර මහජන බැංකුව අද (27) දින සිට වාහනවලට සවිකරන ලද තැනින් තැනට ගෙනයා හැකි ATM යන්ත්‍ර හඳුන්වා දෙන බව සුජීව රාජපක්ෂ මහතා අද දෙරණ වෙත පැවසීය. මෙහිදී වැඩිදුරටත් මහජන බැංකු සභාපතිවරයා අවධාරණය කර සිටියේ, ජනතාව මොබයිල් ඇප් වැනි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රම වෙත යොමු වීමෙන් සිය ගනුදෙනු නිවසේ සිටම සිදුකර ගත හැකි බවයි.

“ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) 4,000 ක් පමණ තිබෙනවා. මේ හාරදාහ විවිධ බැංකුවලට අයත්. මහජන බැංකුවේ තියෙනවා 750 ක් විතර. මේ හැම බැංකුවකම ගනුදෙනුකරුවෙකුටම අනෙක් බැංකුවක ටෙලර් යන්ත්‍රයකටත් ගිහිං ගනුදෙනු කරන්න පුළුවන්. සමහරු මේ කාරණය ගැන දැනුවත් නැහැ. එම නිසා එකම නගරයක හෝ ස්ථානයක විවිධ ටෙලර් යන්ත්‍ර තිබෙනවා නම්, ගනුදෙනුකරුවන් තමන්ගේම බැංකුවේ ටෙලර් යන්ත්‍රයට ගිහිං පෝලීමේ ඉන්න අවශ්‍ය නැහැ. එකම දේ මෙහිදී ඉතා සුළු මුදලක් සේවා ගාස්තුවක් ලෙස අයකෙරෙනවා. මේ වෙලාවේ දී ඒ ගැන සැලකිය යුතු නැහැ.“

“මහජන බැංකුවේ සීඩීඑම් යන්ත්‍රත් තියනෙවා 250 ක් විතර. ඒ සීඩීඑම් යන්ත්‍රවලින් මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ සඳහා බැංකු කවුන්ටරයට යාමට අවශ්‍ය නැහැ.“

“අපි අද ඉඳන් මොබයිල් ATM යන්ත්‍ර හඳුන්වා දෙනවා. වාහනවලට සවිකරන ලද තැනින් තැනට ගෙනයා හැකි ATM යන්ත්‍ර. දැනට බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. කෙනෙකුට ඒ යන්ත්‍රයක් වෙත ගිහිං මුදල් ලබා ගන්න පුළුවන්. එය මහජන බැංකුව ලෙසට අපි ඉදිරිපත් කරන ලොකුම පහසුකමක්.“

“විශේෂයෙන්ම මේ ඇඳිරිනීතිය කාලේ බැංකු වහලා කියලා යම්කිසි විදියකින් චෝදනා තිබෙනවා. නමුත්, මහජන බැංකුව විදියට අපේ කාර්යමණ්ඩලය සම්පූර්ණ සහයෝගය දෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඇඳිරිනීතිය කාලය තුළත් හැම නගරයකම වගේ එක පළාතක ශාඛාවන් 5ක් 6 ක් පමණ විවෘත කරලා තිබනෙවා. ඒ වගේම ඇඳිරි නීතිය නැති වෙලාවට පැය 4ක් හෝ 5ක් අපි ගනුදෙනුකරුවන් සඳහා බැංකු ශාඛා විවෘත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි කිසිම ගනුදෙනුකරුවෙක් මේ දක්වා හරවා යවලා නැහැ. ඒ හැම කෙනෙකුටම දෙන්න පුළුවන් උපරිම සේවාව අපි ලබා දෙනවා.“

“මා මෙහිදී ගනුදෙනුකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. හැකි සෑම විටම ගනුදෙනු සඳහා ATM යන්ත්‍ර යොදා ගන්න. බැංකු කවුන්ටරය වෙත යාම සීමා කරන්න. මහජන බැංකුව තමයි ඩිජිටල්කරණය කරන ලද සියලු තාක්ෂණය සපිරි මේ රටේ තිබෙන ප්‍රධානම ඉලෙක්ට්‍රොනික වේදිකාව. මෙහිදී මොබයිල් ඇප්ලිකේෂන් භාවිතා කරලා හැකි සෑම විටම ගනුදෙනු කරන්න උත්සාහ කරන්න. තමන්ට ගෙවිය යුතු ඕනෑම ගෙවීමක් මේ ඇප් එකක් හරහා ගෙවන්න පුළුවන්. ඒ නිසා මේ ගෙවීම් කරන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. නිවසේ සිටම ඒවා කරන්න පුළුවන්.“
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum