- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
2020-03-14
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචනය එල්ල කරනු ලැබුවා.
ඇතැම් ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුධ හමුදාවද ප්‍රකාශ කර සිටියා.
ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජායාරූප පළකරමින් ඇතැම් පුද්ගලයින් කියා සිටියේ තමන්ට නිසි වෙලාවට ආහාර ලබාදීමක් සිදුනොකල බවයි. තව පුද්ගලයෙක් කියා සිටියේ බිමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස මෙන් සාදාලා කියලා.
මේ සියලු චෝදනා වලට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ලාංකික තරුණයෙක් මෙලස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණා.
" අපිට සලකන එක නම් සලකනව බොක්කෙන්ම.. කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා..Free_Wifi... රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා උදේ වෙද්දි හදලා ඉවරයි....මෙහෙම කන්න දෙනව නම් තව මොනද අපි ඉලන්න ඔනේ. එත් අවුලකට තියෙන්නේ අපි එක්කම ඉන්න සම හරක් හිතන් ඉන්නෙ උන් වෙන ලොකෙකින් අවා කියලා උන් ඉපදිලා තියෙන්නේ තරු 5 Hotel වල.. අපිට නම් මෙ හොදටම ඇති මසයක් උනත් ඉන්නම් තියා ගන්නවා නම්. ආදරේයි බොක්කෙන්ම SL ARMY"
http://nethnews.lk/article/75272
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ විශාල කැප කිරීමක් සිදුකරමින් පවතින මොහොතක සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවමින් එම එම කටයුතු කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය පසුගිය දින කිහිපය තුලම අපට අසන්නට දකින්නට ලැබුනා. එසේම එය බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්වුනා.
එවන් තත්වයක් තුල කළගුණ දත් තරුණයෙක් තමන්ට නිරෝධායනයේදී ලැබෙන පහසුකම් ගැන පසුගියදා ෆේස්බුක් ලයිව් ඔස්සේ ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ ඇතුලු සියළුම රටවැසියන්ටද සිය ස්තූතිය ප්‍රකාශ කරමින්.
එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළා.
අපි ගුවන්තොටුපොළේ සිට පැමිණෙද්දී VIP විදිහේ සැලකිල්ලක් ලබා දුන්නා. දරුවන් සිටින පවුල් වලට තනි කාමරත්, තනිකඩ පිරිමින්ට වෙනමත්, කාන්තාවන්ට වෙනමත් කාමර ලබා දුන්නා. අන්තර්ජාල පහසුකම්, අලුත්ම රූපවාහිනී, රෙදි සේදීමේ යන්ත්‍ර ලබා දුන්නා. පැකින් කැඩුවේ ඊයේ.
කෑම බීමේ කිසිම අඩුපාඩුවක් නෑ. උදේ 6 ට කිරි, හත හමාරට උදේ ආහාර, දහයට ප්ලේන්ටී හෝ කිරි තේ, දවල්ට දිවා ආහාරය, තුනට තේ, රාත්‍රී ආහාර, නිදා ගන්න කළින් කොත්තමල්ලි පානයක්. යුද හමුදාවෙන් අපිට කතා කරන්නේ "සර්" කියලා. අපි ඔවුන්ට සර් කියන්න ඕන වෙලාවට ඔවුන් අපිට එහෙම ගරු කරද්දී හිතට හරිම වේදනාවක් දැනෙනවා.
ජනාධිපති තුමාට, අගමැතිතුමාට, යුද හමුදාපති තුමාට, රණවිරුවන්ට සහ අපිට මේ සඳහා බදු මුදල් දෙන ජනතාවට බොහොම පින්.
7500 කතාව සම්පූර්ණ බොරු. අපිට ඕන දත් බුරුසුව පවා නොමිලයේ දෙන්නේ. අනිත් නිරෝධායන මධ්‍යස්ථාන වල අයත් පුලුවන්නම් තමන්ට ලැබෙන සේවය ගැන කියන්න. අපිට කවුරුවත් කියල නෙමෙයි, ඒත් අපි ස්වෙච්ඡාවෙන් අපේ කාමර පිරිසිදුව තියාගන්නට සහයෝගය දෙනවා. නාන්න උණු වතුර පහසුකම් පවා අපිට ලබා දී තියෙනවා.
එම වීඩියෝව පහතින්.
http://nethgossip.lk/article/35923