Search
Latest topics
Disclaimer
Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
භාරකාර ආණ්ඩුවක් හෙට
nihal123- Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
- Post n°1
භාරකාර ආණ්ඩුවක් හෙට
nihal123- Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
- Post n°2
Re: භාරකාර ආණ්ඩුවක් හෙට
පැය 8 කට පෙර
පාර්ලිමේන්තුව විසුරුවා වහා මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කොට තිබේ.
වහාම ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාරදී එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ අසුන් ගත යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බව තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සඳහන් කරයි.
වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු මාසයේ අවසන් වන අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ බලයක් හිමිවන්නේ ලබන පෙබරවාරි මාසය අවසානයේදීය. එනම් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 4 1/2 සම්පුර්ණ වූ විටය.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත්කළ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන පිරිසක් රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව අනුව නිල කාලය අවසන්වීමට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුයැයි සඳහන් කරන බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය.
මේ අතර, ජනාධිපතිවරණයෙන් දුන් ජනමතයට ගරුකරමින් ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා වහාම මහමැතිවරණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සහය දියයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා සිටී. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ රට ඉදිරියට ගෙනයාමට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහද අද නිවේදනයක් නිකුත් කරමින් "ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතානායකතුමා සහ පක්ෂ නායකයන් සමගද, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වෙමු" යනුවෙන් සඳහන් කර තිබේ.
කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළේය.
Image copyrightPMD
Image caption
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩබාරගැනීමේ උත්සවයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනද එක්විය..
එම සාකච්ඡාවන්හි ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව අවධානය යොමුව ඇති බව කතානායකවරයා සඳහන් කරයි.
ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.
මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.
ඉහත කරුණු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තමන් දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන බව කතානායකවරයා සඳහන් කරයි.
නව ජනපති ගෝඨාභය ජාතිය අමතා කළ කතාවෙන් කරුණු 7ක්
දෙමළ මුස්ලිම් ඡන්ද: නව ජනපති ගෝඨාභය කළ යුත්තේ කුමක් ද?
ගෝඨාභය: සෙබළා සේනාධිනායක පදවියට
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ මන්ත්‍රීවරු විසින් ස්වේච්චාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමුවීම සිදු නොවනු ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් දක්වා නොමැති බවට ද වාර්තාවේ.
පෙබරවාරි මාසය අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නිත්‍යානුකුල බලය හිමිවන තෙක් භාරකාර කැබිනට් මණ්ඩලයක් හරහා රට පාලනය කිරීමට මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.
ඒ අනුව බොහෝදුරට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස අග හෝ මැයි මස මුල පැවැත්වෙනු ඇති බවය ඔහු කියා සිටියේය.
මේ අතර අද උදෑසන නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් වැඩ භාරාගත් අතර එම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සහභාගි විණි.
https://www.bbc.com/sinhala/sri-lanka-50471532
nihal123- Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
- Post n°3
Re: භාරකාර ආණ්ඩුවක් හෙට
2019-11-20
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දින දහවල් 1.00 ට නව භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දිමට නියමිතව තිබෙනවා.
හෙට උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි දැනුම් දිමෙන් අනතුරුව නව භාරකාර ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් පත් කිරිමට නියමිතව ඇත්තේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට දහවල් 1.00ට අගමැතිධුරයේ දිවුරුම් දිමෙන් අනතුරුව සවස 3.30ට අගමැති කාර්යාලයේදි වැඩ භාර ගැනිමට නියමිත බවයි ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කලේ.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?