The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
දුක බෙදාගත් හැටි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දුක බෙදාගත් හැටි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දුක බෙදාගත් හැටි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දුක බෙදාගත් හැටි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දුක බෙදාගත් හැටි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දුක බෙදාගත් හැටි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දුක බෙදාගත් හැටි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දුක බෙදාගත් හැටි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දුක බෙදාගත් හැටි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දුක බෙදාගත් හැටි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දුක බෙදාගත් හැටි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දුක බෙදාගත් හැටි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දුක බෙදාගත් හැටි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දුක බෙදාගත් හැටි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දුක බෙදාගත් හැටි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දුක බෙදාගත් හැටි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දුක බෙදාගත් හැටි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දුක බෙදාගත් හැටි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දුක බෙදාගත් හැටි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දුක බෙදාගත් හැටි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දුක බෙදාගත් හැටි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දුක බෙදාගත් හැටි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දුක බෙදාගත් හැටි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දුක බෙදාගත් හැටි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දුක බෙදාගත් හැටි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දුක බෙදාගත් හැටි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දුක බෙදාගත් හැටි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දුක බෙදාගත් හැටි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දුක බෙදාගත් හැටි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දුක බෙදාගත් හැටි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දුක බෙදාගත් හැටි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දුක බෙදාගත් හැටි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දුක බෙදාගත් හැටි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දුක බෙදාගත් හැටි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දුක බෙදාගත් හැටි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දුක බෙදාගත් හැටි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දුක බෙදාගත් හැටි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දුක බෙදාගත් හැටි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දුක බෙදාගත් හැටි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දුක බෙදාගත් හැටි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දුක බෙදාගත් හැටි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දුක බෙදාගත් හැටි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දුක බෙදාගත් හැටි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දුක බෙදාගත් හැටි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දුක බෙදාගත් හැටි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දුක බෙදාගත් හැටි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දුක බෙදාගත් හැටි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දුක බෙදාගත් හැටි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දුක බෙදාගත් හැටි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
දුක බෙදාගත් හැටි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    දුක බෙදාගත් හැටි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දුක බෙදාගත් හැටි Empty දුක බෙදාගත් හැටි

    Post by nihal123 Fri Oct 25, 2019 12:49 am

    දුක බෙදාගත් හැටි

    මම ලියනා මේ කතාවල සඳහන් ඇතැම් වචන ඒ ඒ කතාවේ එන අදාල පුද්ගල චරිතය විසින් භාවිතා කල වචන මිස මගේ පෞද්ගලික වාග්මාලාවේ ඇති වචන නොවන බවත්, කතාවේ රසයට බිඳකිනුදු හානි නොවීම සඳහා අදාල දෙබස් ඒ මුල් වචන වලින්ම ඉදිරිපත් කර ඇති බවත් කාරුණිකව සැලකුව මනාය.

    එබැවින් මෙහි එක් තැනක ඇති එකම එක වචනයක් ගැන මට සමාවන්නැයි ඔබගෙන් බැගෑපත්ව ඉල්ලමි.

    සෑහෙන කලක් පෙමින් බැඳී සිට පසුව විවාහපත් පෙම්බර අඹුසැමි යුවලක් වූහ. පෙමින් වෙලී සිටි කාලයේ මෙන්ම විවාහ වූ පසුවද අන්‍යෝන්‍ය වශයෙන් සෑහෙන්න ආදරයෙන් මෙන්ම පැමිණි සියළු දුක් ගැහැට සමව බෙදා හදා ගනිමින්ද මේ දෙදෙන ජීවත් වූහ. දෙදෙනාගෙන් කෙනෙක් අසනීප වුවහොත් අනෙකාද රැකිරක්ෂා ආදියට නොගොස් ආවතේව කරමින් හිඳගෙන දුක සැප බෙදාගැනීම සිරිතක් වීය.

    විවාහ වී කලක් ගතවුනද බිරිඳ දරුවකු නොලැබූ නිසා දෙදෙනාම කණස්සල්ලට පත්ව සිටි මුත් දෙදෙනා අතර සමගි සමාදානය නම් අඩු වුනේ නැත. විශේෂයෙන්ම මොනම කාරනයක් නිසාවත් සිය බිරිඳගේ සිත රිදවීමට සැමියා අකමැති වූ අතර කිසි විටකත් සිය බිරිඳ හඬනු දැකීමට ඔහු කැමති නොවීය.

    තවත් කෙටි කලකින් මේ සෙනෙහෙබර යුවලගේ අපේක්ෂා ඉටු කරමින් බිරිඳගේ කුසට දරුවකු පිලිසිඳුනේය. ඒබව දැනගත් දෙදෙනා අතිශය ප්‍රීති ප්‍රමෝදයට පැමුණුනාහ. එතැන්පටන් සැමියා නිරතුරුවම බිරිඳ සමගම හිඳිමින් ගේ දොර කටයුතු බෙදාගෙන කරමින් බිරිඳගේ වැඩ කටයුතු වල බර අඩු කර ගැනීමට සහාය වීය.

    කඩේ පිලේ යනවිට බිරිඳගේ පසුපසින් බඩු මළු හිසදරා ගෙන යමින් ද, නාන තොටුපලට යනවිට සියළු කිලිටි රෙදි ඔසවාගෙන ගොස් සෝදා දෙමින් ද, මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් වලදී පොල් ගාමින්, මිරිස් අඹරා දෙමින්, ලිප් දල්වම්න් ද, තවත් වේලා ඉතිරිව ඇතොත් දර පලමින් ද, ලිඳෙන් දිය අදිමින් ද මේ සෙනෙහෙවන්ත සැමියා බිරිඳ සමග දුක බෙදාගත්තේය.

    මාස ගණන පිරී බිරිඳ දරුවා ලබන දිනය උදාවූවෙිය. උදෑසනම කොන්දේ රුදාව ගැන බිරිඳ විසින් දැනුම් දුන් බැවින් තිරික්කලයක් ගෙන්නාගෙන නුදුරේ වූ ග්‍රාමීය රෝහල වෙත ප්‍රිය බිරිඳ කැඳවාගෙන යාමට සැමියා පියවර ගත්තේය. මේ ප්‍රීතිදායක අවස්ථාවේ සිදුවූ දේ කීමට පෙර ඒ මාහැඟි කාර්යයට සහය වූ රෝහල් කාර්ය මණ්ඩලයේ සිටියහු ගැනද යමක් නොකියාම බැරිය.

    රෝහලේ සිටි එකම වෛද්‍යවරයා ඉතා ප්‍රියශීලී මෙන්ම රෝගීන් ගැනත් හොඳින් හොයාබලා කටයුතු කරන විනෝදකාමී මහතෙකි. හෙදියන් කිහිප දෙනෙකු, වින්නඹු මාතාවන් දෙදෙනෙකු හා කංකානම් මහතුන් දෙදෙනෙකුද ඒ දොස්තර මහතා සමග රෝහලෙහි සේවයට එක්ව සිටියහ. ඉන් එක් වයසක කංකානමක් මදක් සැරපරුෂ මෙන්ම දොස්තර මහතා කියනා දෙයක් අකුර⁣ටම පිලිපදිනා රෙකුලාසි කාරයෙක් වීය.

    ප්‍රසව වේදනාවෙන් ඇඹරෙමින් සිටි අර කාන්තාව පරීක්ෂා කල දොස්තර මහතා ඇයව එතැන සිටි වයසක හා හොඳම වින්නඹු අම්මාට භාර දී,

    "ඔන්න දායම්මට මං මේ දුව බාරදෙනව, වැදුංගෙට අරං ගොහින් දෙයියනේ කියල ඒකිවයි දරුවයි බරෙං නිදහස් කරං එනව හොඳයි...."

    ඇගේ සැමියා අසාමාන්‍ය ලෙස කලබල වී ඇති බව දැක ඔහුගේද හිත සැහැල්ලු කරනු වස් වචනයක් දෙකක් ඔහු සමගද කතා කලේය...

    "මොකද ඉලන්දාරිය මේ හොඳටම කලබල වෙලා වගෙ. තමුසෙ සතුටෙන් ඉන්නෙපායැ මේ වගෙ වෙලාවක...?.."

    "අනේ සර් මෙයා දුක් විඳිනව මට බලං ඉන්න බෑ. මේ දුක මෙයා වෙනුවෙන් මට උහුලන්න ඇහැක් උනානං මම ඒක කරනව.... අම්මාපල්ල..."

    "අපූරු ආදරවන්තයෙක් නෙවැ.... ඒත් මේ දුක නං තමුසෙ එක්ක බෙදාගන්න බෑ එයාට...හහ්"

    ඒ සමගම වින්නඹු මාතාව ගැබිණියද සමග සූතිකාගාරයට ඇතුල්වී නොපෙනී ගියේය. කාන්තාව සැමියා දෙස අසරණ බැල්මක් හෙලා යන්නට ගිය පසු සැමියා හඬන්නට වීය..

    "අනේ දොස්තර මහත්තයෝ මම මෙච්චරකල් කවදාවත් එයා අසනීප වෙච්ච වෙලාවක තනි කොරල නෑ. දරුව හම්බවෙනකොට එයාට ගොඩක් වේදනා වෙයිද..?"

    "වේදනා නැතුව ඕයි.... ඔය වේදනාව තමයි මේ මිහිපිට තියෙන ලොකුම වේදනාව. ඒත් ඉතිං තමුසෙ කලබල උනයි කියල ඒකෙ අඩුවක් වෙනඑහෙක?"

    එසේ කියනවාත් සමගම යාබද සූතිකාගාරය තුලින් "බුදු අම්මේ..." යනුවෙන් යටිගිරියෙන් කෑගසන හඬ පිටතට ඇසින.

    "අනේ බුදු දොස්තර මහත්තයෝ මගෙ ගෑනියි මායි හැම දුකක්ම බෙදාගත්තා..... මේ දුකෙන් බාගයක් මට ගන්න බැරිදෝ....."

    යනුවෙන් අර මිනිසා ද විලාප දී අඬන්නට වීය. දොස්තර මහතාටද හිනහය. එමෙන්ම අනුකම්පාවක් ද ඉපැදින. පිරිමියා විලාපදී හඬනු අසා අර සැරපරුෂ කංකානමද එතැනට දිව ආවේය.

    "මොකද සර් මේ මෝලා මෙතන බෙරිහන් දෙන්නෙ? මූටත් ලමයෙක් හම්බ වෙන්නද?"

    දොස්තර මහතා සිනාසී,

    "කංකානං උන්නැහේ.. මෙන්න මෙයා මෙච්චරකල් එයාගෙ නෝන එක්ක හැම දුකක්ම බෙදාගත්තලු දැං අර දුකෙනුත් බාගයක් ගන්න ඇහැක්ද අහනව... ඔන්න අර තමුසෙගෙ කාමරේ පැත්තට එක්කං ගිහිං බලනවකො දුකෙන් බාගයක් දෙන්න විදියක් තියේද කියල. හහ්...හහ්... හහ්..."

    එසේ කීවේ අර බිරිඳ ප්‍රසව වේදනාවෙන් නගනා විලාපය නෑසෙන දුරකට මේ අහිංසක අවංක සැමියා රැගෙන යාම පිණිසය. කංකානම ඒ හාදයා අතින් ඇදගෙන තුවාල වලට බෙහෙත් දමන කාමරය දෙසට ගියේ බැන බැනය.

    මද වේලාවක් ගතවී සූතිකාගාරය දෙසින් බිළිඳෙකුගේ සුරතල් හැඬමක් ඇසෙන්නට වූ අතර කංකානමගේ බෙහෙත් දමන කාමරය දෙසින්ද වැඩිහිටි පිරිමියෙකු බෙරිහන් දෙන හඬක්ද ඇසෙන්නට වින

    "බුදු අම්මේ ... මට බැරියෝ.... අනේ දොස්තර මහත්තයෝ.... මට බැරියෝ... බුදු අම්මෝ...."

    දොස්තර මහතාට මේ හඬ ඇසී වහාම බෙහෙත් දමට කාමරය දෙසට දිවගොස් බලන්නට වින. මොහොතකට පෙර කංකානම විසින් අතින් ඇදගෙන ගිය, දැන් උපන් බිළිඳාගේ පියා දෑතින් බඩ බදාගෙන ඒ කාමරයේ ඇඳ මත පෙරලෙමින් වේදනාවෙන් මොරදෙන අයුරු දුටු දොස්තර මහතාට උන්හිටිතැන් අමතක වින.

    "ඈ කංකාකම, තමුසෙ මොකක්ද අර අහංසකයට කෙරුවෙ? අරතරං වේදනාවෙන් ඇඹරෙන්නෙ. ??"

    "ඇයි සර් මට කිව්වෙ මූට අරයගෙ දුකෙන් බාගයක් දෙන්න කියලනෙ... ඉතිං මං දුන්න ඒ හා සමානම දුකක්....."

    "ඈ බොල... තමුසෙ මොකද්ද ඒ මිනිහට කෙරුවෙ .... අර මොකද අරම ඇඹරෙන්නෙ ඇඳේ පෙරලි පෙරලි...?? "

    "නෑ නෑ වැඩි දෙයක් නෑ... තව ටිකකින් මැහුං කපල දැම්මම හරියාවි. මං මිනිහගෙ පුකට මැහුං දෙක තුනක් දාල බඩඑලිය යන්න බෙහෙත් ටිකක් දුන්න....."


    උපුටාගැනීම මුහුණු පොතෙනි
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    දුක බෙදාගත් හැටි Empty Re: දුක බෙදාගත් හැටි

    Post by serene Sun Oct 27, 2019 6:48 pm

    Ane ammapa Nihal..
    Razz Laughing

      Current date/time is Sat Jun 22, 2024 9:01 am