- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
June, 11, 2019
එබැවින් මෙම මිල ඉහළ දැමීම, පුද්ගලික මෝටර්රථ, මෝටර් සයිකල් හා ත්‍රීවීල් භාවිතා කරන්නන් සෘජුව ඉලක්ක කර ගනිමින් සිදුකළ මිල ඉහළ දැමීමක් බව කිව හැකිය. මක්නිසාද යත් මෙරට වැඩිවශයෙන් පරිභෝජනය වනුයේ එම ඉන්ධන වර්ගය වන බැවිනි. එය ඉහළ පැළැන්තියේ මෝටර් රථ භාවිත කරන්නන් ඉලක්ක කර ගෙන නැත්තේ ඔක්ටේන් 96 හෝ ලංකා IOC සමාගමේ Xtra Premium Petrol මිලෙහි ඉහළ යාමක් සිදු වී නොමැති බැවිනි. කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවල දී ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නොදමා තත්ත්වයෙන් ඉහළ සෙසු ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට රජය කටයුතු කළ අවස්ථාද විය.
පසුගිය 2018 වසරේ මැයි 11 දින සිට මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මෙරට පාලනාධිකාරිය තීරණය කළද, මිල සූත්‍රය යනු කුමක්දැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුල් වරට අනාවරණය කළේ 2018 ඔක්තෝබර් 18 වෙනිදාය. එනම් එය හඳුන්වා දීමෙන් මාස 05ක කාලයක් ඇවෑමෙනි.
මිල සූත්‍රය සඳහා පදනම් වන දර්ශක සහ එය ගණනය වන්නේ පහත ආකාරයෙනි. මෙහි එක් එක් විචල්‍යයන් පිළිබඳ විස්තරයක් ඊට පහළින් දැක්වේ.
මිල සූත්‍රය
MRP = V i + V ii + V iii + V iv
උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)
+ පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)
(V i) වරායේ ගොඩබාන පිරිවැය
මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.
(V ii)සැකසීමේ පිරිවැය
සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.
(V iii) පරිපාලන පිරිවැය
මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.
(V iv)බදු පිරිවැය
මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.
මෙකී දර්ශක හතරෙහි එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.
කෙසේ වෙතත් අද වන විට ලෝක වෙළෙඳපොළේ Brent බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 62.62 ක් වශයෙනි. ශ්‍රී ලංකාව මිල දී ගන්නා සිංගප්පූරු (Platt’s) බැරලයක මිල ඩොලර් 65 වටා පවතී. පසුගිය මැයි 10 දින මෙම මිල මට්ටම් පැවතියේ ඩොලර් 70 සීමාව ඉක්මවමිනි.
එසේම එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද වන රු. 176.47 කි. මෙය මීට මාසයකට පෙර එනම් මැයි 13 දින සටහන් වූයේ රු. 176.16 ක් ලෙසිනි. මේ අනුව ගෙවී ගිය කාලපරිච්ඡේදය තුළ ඉන්ධන මිල සඳහා විනිමය උච්ඡාවචනයෙහි බලපෑම පවතින්නේ අවම මට්ටමකය.
මේ අනුව ඉන්ධන මිල සූත්‍රයට ඊයේ දිනයේ දී සිදුවිය යුතුව තිබුණේ කුමක්දැයි වටහා ගැනීමට අමුතුවෙන් මොළය වෙහෙසීමට අවශ්‍ය වන්නේ නැත.
එසේම තවත් කරුණක් සිහියට ගත යුතුය. එනම් ලංකා IOC සමාගම මෙම වසරේ මුල් මාස 03 තුළ දී පමණක් ඉන්ධන වෙළෙඳාමෙන් රුපියල් මිලියන 938 ක ශුද්ධ ලාභයක් ලබා ගෙන ඇති බවයි.

- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
If IOC can run profitably, why not Ceypetco is the question.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- ruwan326
- Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?

- ruwan326
- Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?

- ruwan326
- Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?

- soileconomy
- Posts : 77
Join date : 2016-05-26
Age : 43
Location : Nebraska
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
What is the purpose?
It is brought not to make profits for CPC,,,,,,
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
My concern is if IOC can run profitably, then why not CPC.
@soileconomy wrote:Price formula introduced by whom?
What is the purpose?
It is brought not to make profits for CPC,,,,,,
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- sereneTop contributor
- Posts : 4849
Join date : 2014-02-26
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
They always take us for ride, Fuc%#%#ng Bas^#^#ds.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
@කිත්සිරි ද සිල්වා wrote:Yes, so many ambiguous Vs there.
My concern is if IOC can run profitably, then why not CPC.@soileconomy wrote:Price formula introduced by whom?
What is the purpose?
It is brought not to make profits for CPC,,,,,,