Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
කිඹුලා
කිඹුලා
කවුද ඇල්ලුවේ.
මමයි... සිරිපාලයි.
කිඹුලා කෝ බං...?
ගම්සභා ගොඩනැඟිල්ලේ පිළිකන්නේ...
යකෝ...· ඌ පැනලා යයි...
කඹ දෙකකින් කිටි කිටියේ ගැටගහල ඉන්නේ...
සිරිපාල උඹලා දන්නවද මේ දවස්‌වල විපක්‌ෂේ එවුන්ගේ කටේ තියෙන්නෙම සත්ව ආඥ පනත... ඒක නිසා කල්පනාවෙන් වැඩ කරපල්ලා.
කිඹුලාව ආරක්‍ෂිතව තබා ගැනීමට දිග පළල ශක්‌තිමත් යකඩ කූඩුවක් අවශ්‍ය විය. එක්‌ලක්‍ෂ පනස්‌දාහක් වැය කර යකඩ කූඩුවක් සාදා ගැනීමට සභාපතිතුමා සිය සභාවෙන් පූර්ණ අනුමැතිය ලබා ගත්තේය.
ගම් සභාවට අයත් හිස් ඉඩමක් මධ්‍යයේ කිඹුල් කූඩුව තබා බැමි මුදාහල කිඹුලාව කූඩුව තුළට දැමීය. සතියක් පුරාම ලෝකයේ විශාලතම බියකරුම කිඹුලා ප්‍රදර්ශනයට තබන බව ප්‍රදේශය පුරාම ප්‍රචාරය කරනු ලැබීය. පිටවීමේ සහ ඇතුල්වීමේ දොරටුවක්‌ද පෝලිමේ පැමිණ නැරැඹීමට වැටක්‌ද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කවුළුවක්‌ද කාර්යාලය සඳහා කුඩා කුටියක්‌ද මහජනතාවගේ පහසුව තකා ඉදිවිය. පොලිස් ආරක්‍ෂාවද සභාපතිතුමාගේ අණ පරිදි ලබාගත හැකිවී තිබුණි.
ජල බවුසරයන්ද සිය ගම් සභාවේ අනුග්‍රහය මත ලැබුණු අතර සභාපතිතුමාගේ හිතවතුන් විසින් වෙළෙඳ කුටි රාශියක්‌ද ප්‍රදර්ශන භූමියේ ඉදිකරන ලදී. ගම්සභා පිට්‌ටනියට සිව් දෙසින් පැමිණෙන රථ වාහන ගාල් කිරීම පිණිස වෙන්කර දෙනු ලැබීය.
"කිඹුලාගේ කතන්දරය" නමින් පොත් පිංචක් මුද්‍රණය වූ අතර ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්‌සේ විරිදු ගායනාද, හිටිවන කවිකාරයන්ද කිඹුලා ගැන ප්‍රකට ගීත රචකයෙකු ලවා නිර්මාණය කරගත් යුග ගීතයක්‌ද කිඹුලාගේ සැණකෙළි බිම විකාශනය කළේය.
කිඹුල් සැණකෙළි භූමියට ඇතුල්වෙන තැන "ලොව විශාලතම කිඹුලා නැරැඹීමට කිඹුල් අධිරාජ්‍යයට පැමිණෙන ඔබ සාදරයෙන් පිළිගනිමු" ලෙස දැවැන්ත තොරණක් කිඹුලෙකුගේ ආකෘතියකට අනුව නිර්මාණය කර තිබුණි. කිඹුලා නැරඹීම සඳහා වැඩිහිටියෙකුගෙන් රුපියල් විස්‌සක්‌ද දරුවන්ගෙන් රුපියල් දහයක්‌ද විදේශිකයන්ගෙන් රුපියල් තුන්සියක්‌ද අය කරගනු ලැබීය. මෙයින් ලැබෙන ආදායම ජාතික සත්වෝද්‍යානයේ සිටින කිඹුලන්ගේ සුභ සාධනය සඳහා යොදවන බව ප්‍රවේශ පත්‍රයේ පසුපිටෙහි සඳහන් කර තිබීම කැපී පෙනුණි.
අම්මේ.... තාත්තේ....
අපි තමුන්නාන්සේලාගේ කිඹුල් භීතිකාව සදහටම තුරන් කර දැමුවා. වසර දහයක් පුරා අපගේ චිත්ත සන්තානයන් තුළ මර බිය ඇති කළ මිනීමරු කිඹුල් තඩියා අද අපේ සුවච කීකරු ගෝලයෙක් බවට පත්වෙලා හමාරයි.
අපි තව සතියකින් මේ බියකරු කිඹුලා පුනරුත්ථාපනය කරනවා. එහි පළමු පියවර තමයි මේ මහජන ප්‍රදර්ශනය. ඊට පස්‌සේ රුදුරු කිඹුල් භීෂණය සදහටම තුරන්කර දැමිය හැකි බව මං ප්‍රකාශ කරන්න කැමතියි.
අටකලම්පන්න වැවේ තමුන්නාන්සේලාට හිතේ හැටියට නාගන්න, රෙදි ටික හෝදගන්න, දරු පැටව් නාවගන්න, බියක් සැකක් නැතුව අපේ දරුවන්ට දියබුං ගහන්න, රජමහා විහාරයේ හස්‌ති රාජයා නාවන්න, හරකා බාන විතරක් නෙමෙයි බල්ලන්, බළලුන්ගේ වටිනා ජීවිත ආරක්‍ෂා කර ගන්න, ඔරු පාරු පදින්න, ජාකොටු හදන්න. දේශීය මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කරගන්න සාමකාමී වටපිටාවක් ඉතා සූක්‍ෂම ආකාරයට නිර්මාණය කළා...
පෙරවරු නවයට කිඹුල් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර මධ්‍යම රාත්‍රිය දක්‌වා එය පැවැත්වුණි. සමනල වර්ණ විදුලි බුබුළුවලින් සැණකෙළි බිම ඒකාලෝක වූ අතර කිඹුල් කූඩුව පුරාම නිවෙන දැල්වෙන විදුලි පහනින් සරසා තිබුණි. වෙසක් සමයේ රත්මලානේ පහන් කූඩු රාජයා නැරඹීමට එන ජනගඟ සිහිගන්වමින් කිඹුල් රාජයා නැරඹීමට මහත් ජන ගංගාවක් පැමිණියහ. විද්යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේද අන්තර් ජාලය හරහාද කිඹුල් පුවත ප්‍රචාරය කරනු ලැබීය. මේ නිසා සභාපතිතුමාගේ යශෝරාවයද දනන් මුවඟින් නිබඳ මතුවිය.
මං තමයි මේ ආසනයේ ප්‍රධාන සංවිධායක. සභාපතියට යුතුකමක් තියෙනවා කිඹුල් දඩයම කරද්දී කෙසේ වෙතත් කිඹුල් ප්‍රදර්ශනයේදී මගෙන් අවසර ගන්න... මටත් මතක් කරන්න... මාවත් හවුල්කර ගන්න.
මං මේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙළ අරගෙන යනවා පාර්ලිමේන්තුවට... ගේනවා දොaෂාභියෝගයක්... මේකා හදන්නේ තනියම බුදුවෙන්න...
සිය පක්‍ෂයේ සගයන්ගෙන් පවා සභාපතිට විරෝධය එල්ල විය. ඒ වගේම ඇතැම් සගයන් කිඹුල් ප්‍රදර්ශනයට ආශීර්වාද කළේය.
මේ වෙලාවේ අපි සභාපති එක්‌ක ඉන්න ඕනේ. කිඹුල් ප්‍රදර්ශනයට විරුද්ධ වුණොත් අපි ජනතාවගෙන් කැපෙනවා. පේනවනේ ගලන ජන ගඟ...
විකල්ප දේශපාලන කණ්‌ඩායම් නිරන්තරවම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්නට විය.
short1"කුණු කඳු අද්දර වෙල්යායවල් ගොඩ වෙද්දී... ගස් කපද්දී ස්‌වාභාවික වනාන්තර වැනසෙද්දී... මිනිස්‌සු දවල්ට වතුර නැතුව... රෑට ලයිට් නැතුව ලතවෙද්දී... කිඹුල් ෆැන්ටසියේ අතරමං වෙන්න එපා මිත්‍රවරුනි...
"බලපන් සිරා.... කිඹුලා කන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එකනේ ඉවසගන්න බැරි..."
කිඹුල් රාජයාගේ ආරක්‍ෂාව සඳහා වැටුප් ලබන සිවිල් ආරක්‍ෂකයන් දෙදෙනකුද පත්කර ඇති බවත් පශු වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා බවත් කිඹුලාට තුන් වේලටම එළු මස් ආහාරයට දෙන බවත් අන්තර් ජාලයේ ප්‍රචාරය විය.
"අසහාය කිඹුල් රාජයාට ලස්‌සන නමක් තබා තෑග්ගක් දිනා ගන්න..." තරගය උණුසුම් මුහුණුවරක් ගනිද්දී ගුණපාල සහ සිරිපාලගේද කරල පැසුණු බවක් දක්‌නට ලැබුණි.
"සහෝදරවරුනි, දැවෙන ප්‍රශ්න අමතක කරන්න මෙවර කිඹුල් මොටෙක් ප්‍රදර්ශනය වෙනවා. ඔය කිඹුල් මොටා අඩි විසිහතක් දිග නෑ සහෝදරවරුනි, හරියටම දිග අඩි විසිහය හමාරයි. මෙන්න මේ ටේප් එකෙන් තමයි අපි කිඹුලව මැන්නේ... කවුද කියන්නේ මේ ඉන්නේ ලෝකයේ විශාලතම කිඹුලා කියලා. මුන්ගේ බේගල් ලෝකයේ විශාලම කිඹුලා අන්න ඉන්නවා මිසරයේ. දිග අඩි විසිහතහමාරයි... මේවට අහුවෙන්න එපා සහෝදරවරුනි....
"අයියෝ.... සභාපතිතුමා අපි විනාශයි...."
"කිඹුලා මැරිලා..."
"මේ හොඳට හිටිය සතා" පිස්‌සු කතා කරනවා... ඌ දවසින් දවස හූනෙක් ගානට වැටුණා...
ඉතිං උඹලාට තිබුණනේ පශු වෛද්‍යවරයෙක් චැනල් කරන්න.... තොපි දෙන්න කළේ අර හෝස් පයිප්පෙන් ඌව නාවපු එක විතරමනේ...."
"කිඹුලා මැරිලා නෙමෙයි..."
"අරුන් ඌව මරලා..."
"ඊයේ රෑ අපි දෙන්නට ටිකක් වැඩිවෙලා නින්ද ගියා. අපි ඉඳල හිටලා කිඹුලට කන්න දුන්නේ සාලයෝ කටු මැස්‌සෝ ටිකක් විතරයිනේ... ඌ ගිල්ලෙම කිරිමැටිනේ...
"ගෝණ මස් කුට්‌ටියක් අස්‌සේ හක්‌කා පටස් එකක් හංගලා කිඹුලාට කන්න දීලා...
කිඹුලාගේ අමානුෂික ඝාතනය රට පුරා ප්‍රචාරය විය. ජාතික, විකල්ප පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූ අතර විද්යුත් නාළිකාවල ප්‍රමුඛ පුවත බවට පත්විය. අන්තර්ජාලය පුරා මහත් ආන්දොaළනයක් ඇති කළේය.
මෙම අමානුෂික කිඹුල් ඝාතනය සෙවීමට රහස් පොලිසියේ බුද්ධි අංශයට යොමු කළ අතර රජය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිව්පුද්ගල කමිටුවක් වහාම පත්කරනු ලැබීය.
"අපි අනන්ත අප්‍රමාණ කිව්වා මේ රටේ වගකිව යුත්තන්ට ඔය වගේ අපරාධයක් වෙයි කියලා... කෝ ඇහුවද? එදා ඒ සියල්ල බිහිරි අලීන්ට වීණා වයනවා වගේ වුණා නේද? අපි මේ අපරාධයට එරෙහිව සත්ව හිංසා විරෝධී අවිහිංසා පෙරමුණ ඔස්‌සේ ජනතාව පෙළ ගස්‌සනවා... පාරට බස්‌සවනවා.... නඩු දානවා.... නීතියේ පිහිට පතනවා..."
ජාතික අවිහිංසාවාදී පෙරමුණ කිඹුලාගේ ඝාතනයට එරෙහිව පෙළපාලි, උපවාස, පාගමන් වර්ජන කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වාම ගියේය.
කිඹුලෙකු දඩයම් කිරීම, ම්ලේච්ඡ ආකාරයට රඳවා තබා ගැනීම, හිංසනයට බඳුන්වීම, ප්‍රදර්ශනය කර මුදල් ඉපැයීම, මහජන දේපළ මේ සඳහා අවභාවිත කිරීම, කිඹුලා අමානුෂික ලෙස ඝාතනය කිරීම ආදී කරුණු හමුවේ අධිකරණය සිරිපාල සහ ගුණපාල යන දෙදෙනාට බරපතළ වැඩ සහිතව වසර විස්‌සක් සිරදඬුවම් නියම කළේය.
දැතට වැටුණු විලංගු සහිතව සෝබර මුහුණින් යුතුව බන්ධනාගාර රථයට ගොඩවෙන සිරිපාල සහ ගුණපාලව රූපවාහිනී නාළිකා ඔස්‌සේ වරින්වර ප්‍රදර්ශනය කරනු ලැබීය.
"සත්ව හිංසාව තරයේ හෙළා දකිමු" දැවැන්ත පුවරුවක් සහිත විරෝධතාකරුවන් පිරිසක් උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. කිඹුල් කඳුළු හෙළමින් සභාපතිතුමා එම විරෝධතාවයේ පෙරමුණ ගන්නා අයුරු කැමරා කාචවල සටහන්වී අන්තර් ජාලය ඔස්‌සේ ප්‍රචාරය විය.
The Invisible- Posts : 1333
Join date : 2016-11-28
Age : 40
Re: කිඹුලා
Brave Heart- Posts : 171
Join date : 2018-10-17
» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
» How to get Access to: 104 Technical trading experiments by HUNTER
» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
» Dividend Announcement
» East West properties
» Colombo US Embassy Air Pollution
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
» Land & Property sector chart
» Gota's Era
» සිමෙන්ති මිල පහළට
» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
» Flying is the Safest mode of Transport
» OSEA .N
» LIOC.N0000 (Lanka IOC PLC)
» Hayleys MGT
» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
» Thread for News on CSE and SL Economy
» Lanka Tiles
» ACL Cables
» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
» SEYB.N0000 ( SEYLAN BANK PLC )
» Thought for the day...
» An Attitude Adjustment
» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
» Sri Lanka cement production picks up
» Thread for News on Local and Foreign Politics
» SEC Chief says ready to hand over baton
» Technology~විද්‍යාව ~ Wisdom
» The Theatre | Best movies to Watch
» SHL.N0000 (Softlogic Holdings PLC)
» An individual in pursuit of a porcupine found dead in a burrow
» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
» APLA.N0000 (ACL PLASTICS PLC)
» භාරකාර ආණ්ඩුවක් හෙට
» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
» මගේ කියවීම ...
» How the silence on this !
» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්‍යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
» ඇයි අප්සට් ද?
» ගෝඨාට ඉල්ලන්න බෑලු
» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
» Puolanka The most pessimistic town
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» අනං මනං! #/+?.<>
» What's 5G?
» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු