!["මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923306_sangacapture](https://ichef.bbci.co.uk/news/304/cpsprodpb/EBAC/production/_102923306_sangacapture.png)
Image copyright Facebook
Image caption කුමාර් සංගක්කාර හා ස්ම්‍රිති මන්දනා
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර තම ක්‍රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා පවසන්නීය.
මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාගයක් බව ඇය පැවසුවේ බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය.
"මම මගේ පළමු තරගය (එංගලන්තය ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා"
"මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්" ඇය කියා සිටියාය.
කුමාර් සංගක්කාර සමග පෙනීසිටි ජායාරුපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණේ එය "රසිකාවියකගේ විශේෂ අවස්ථාවක්" ලෙස හඳුන්වමින්.
!["මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923310_gettyimages-803383992](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/0534/production/_102923310_gettyimages-803383992.jpg)
Image copyright Getty Images
Image caption ස්ම්‍රිති මන්දනා
තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බව ඇය ප්‍රකාශ කළාය.
"මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා" කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහනට කියා සිටියාය.
2017 වසරේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙනයාමට ස්ම්‍රිති මන්දනා විශාල දායකත්වයක් දුන් අතර ඉතා කෙටිකලකින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තනතුර ද ඇයට හිමිවිණි.
!["මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923524_gettyimages-1010278290](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A624/production/_102923524_gettyimages-1010278290.jpg)
Image copyright Getty Images
Image caption ස්ම්‍රිති මන්දනා
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකාරිනියන් වර්ගීකරණය යටතේ ඇය දැන් 4 වෙනි තැනට ද පැමිණ තිබේ.
1996 වසරේ ජූලි 18 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ ස්ම්‍රිති මන්දනා ගේ පියා මෙන්ම සහෝදරයා ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී තිබේ.
වයස අවුරුදු 9 වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අවුරුදු 15 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්, අවුරුදු 11 දී එම ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායමටත්, 2014 වසරේදී ඉන්දීය ජාතික කාන්තා කණ්ඩායමටත් ඇය ඇතුළත් විණි.
මේ වසර අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් අතර ඇය ද සිටිනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?