The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbYesterday at 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි Empty ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි

on Sat Jul 28, 2018 10:15 am
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2018 ජූලි 27
ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි _102720575__100618168_airindiaplanein2018
Image copyright Getty Images
Image caption එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමයි

නිව් යෝක් සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි 'එයාර් ඉන්දියා' ගුවන් යානයක මකුණන් සිටීමට හේතුව කාලගුණ වෙනස් වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය.

ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්වෙන ඡායාරූප කීපයක් පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය.

මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට "විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට" ප්‍රතිඥා දී තිබේ.

විශාල ණය ප්‍රමාණයක් තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය.

නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්ථානය අහිමි වී තිබේ.
ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි _102720577__96735671_india
Image copyright Air India

මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය.
එයාර් ඉන්දියා: 'හැමෝම වෛර කරන ගුවන් සමාගම'

බීබීසී දිල්ලි ප්‍රවෘත්ති සේවයේ අයේෂා පෙරේරා ගේ විග්‍රහය.

එයාර් ඉන්දියා ගැන නිතර ඇසීමට ලැබෙන්නේ අමිහිරි පුවත්ය. විටෙක ගුවන් යානය තුළ මීයන් රැඳී සිටි බවට පුවත් පළ වෙන අතර, තවත් විටෙක අවහිර වූ වැසිකිළි ගැනත්, අකාර්යක්ෂම ගුවන් සේවා කාර්යමණ්ඩලය ගැනත් පුවත් පළ වී තිබේ. මෙවැනි නිෂේධාත්මක පුවත් සිරස් තල හේතුවෙන් මෙම ගුවන් සමාගම "ජාතියට ලැජ්ජාවක්" ලෙස පුවත්පත්වල සඳහන් වී තිබිණි.

කෙසේවෙතත්, සත්‍යය මීට වඩා තරමක් වෙනස්ය. ඇත්තෙන්ම, මේ අත්වැරදීම් බොහොමයක් එයාර් ඉන්දියා සමාගමට සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි.

මෙය ලොව ඉහළම නූතන අහස් යාත්‍රා හිමි සමාගම් අතුරෙන් එකක් ලෙසත්, ගුවන් ගමන් කර්මාන්තය තුළ සිටින හොඳම නියමුවන් කීපදෙනෙකු ඔවුන් යටතේ සිටින බවත්, ඔවුන්ගේ ගුවන් කාර්යමණ්ඩලය කිසි දිනෙක මගීන්ට බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් හැසිරී නැති බවත්, ඔවුහු සිය සමාගම ගැන වර්ණනා කරමින් පවසති.

ඉන්දියානුවන්ට මෙම ගුවන් සේවය ගැන තිබෙන මහත් ආවේගාත්මක හැඟීම එක්තරා ආකාරයක අමිහිරි සෙනෙහසකි. මෙවැනි සිදුවීම් ගුවන් සේවා ක්‍රියාදාමය තුළ සාමාන්‍ය සිද්ධීන් ලෙස ඔවුන් සලකන අතර, ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් සමාගම අපකීර්තියට පත් වන්නේ නැත. නමුත් දේශීය ගුවන් ගමන් සඳහා නිර්මාංශ ආහාර සැපයීමට ගත් තීරණයට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය.

ජූලි මස 17 වන දින නිව් යෝක් සිට මුම්බායි දක්වා පියාසර කළ ගුවන් යානයේ සිටි මගීන් මකුණන් විසින් සපා කෑම ගැන එයාර් ඉන්දියා සමාගම සමාව ඉල්ලා සිටියේ ඉන් සතියකට පසුය.

සමහරු සිය දෑත් මකුණන් සපා කා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර තිබූ අතර, තවත් අය ආසනවල ඡායාරූප දක්වමින් ඒවායේ මකුණන් ජීවත් වන බවට පවසා තිබුණි.
ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි 1020295314878750721
ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා 2007 වසරේ සිට පාඩු ලබමින් ක්‍රියාත්මක වේ.

මෙම සමාගම පෞද්ගලීකරණය කිරීමට 2017 ජූනි මාසයේදී ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. එහෙත් මධ්‍යම ආණ්ඩුවෙන් කොටස් විකිණීම පාලනය කිරීම හේතුවෙන්, එය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත.

ඕනෑම ගැනුම්කරුවකුට මෙම ගුවන් සමාගම මිලදී ගත හැකි වන්නේ ඩොලර් බිලියන 5ක ණය සමග වන අතර, එය සමාගමේ මුළු ණය මුදලින් හරි අඩක් පමණි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8696
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි Empty Re: ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි

on Sat Jul 28, 2018 10:53 am
එක මකුණයි කන්නේ ඇයි ඔක්කෝම මකුණෝ මරන්නේ ? Embarassed
(Indians will never change from their century-old way of thinking).

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි Empty Re: ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි

on Sun Jul 29, 2018 10:54 am
Message reputation : 100% (1 vote)
Niganta Natha Putta, the founder of Jainism, preached strict vegetarianism and advocated not to harm even minute creatures like bacteria or live trees. He was born in India. There is a vast segment of population there, practicing Jainism even today. Naked Jain priests roaming in public places is a common sight there. This national religious mentality may have crept into Air India management team.  
කිත්සිරි ද සිල්වා wrote:එක මකුණයි කන්නේ ඇයි ඔක්කෝම මකුණෝ මරන්නේ ? Embarassed
(Indians will never change from their century-old way of thinking).
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum