The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී Empty නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී

on Fri Jun 01, 2018 5:12 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya පැයකට පෙර
නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී _101836069_b2843596-0348-4458-93c8-73d685873ecd
Image copyright NASA / JHUAPL / SWRI

ප්ලූටෝ මත මිදුණු මීතේන් වැටියක් ඇති බවට සාක්ෂි හමු වූ බව විද්‍යාඥයෝ පවසති.

දුරින් පිහිටි ප්ලූටෝ පෙර සිතුවාට වඩා වඩාත් ක්‍රියාකාරී යයි 'සයන්ස්' සඟරාවේ පළ කරන ලද පර්යේෂණය මගින් යෝජනා කරයි.

පෘථිවිය මත දිස්වන කාන්තාර හා සමාන විශේෂ ලක්ෂණ නිර්මාණය වීමට තරම් ප්ලූටෝ වටා ඇති බොහෝ තුනී වායු ගෝලය ප්‍රමාණවත් නොවන බව විශ්වාස කෙරිණි.

ඉහත කී සොයා ගැනීම් සිදු කරනු ලැබ ඇත්තේ 2015 වසරේ ජුලි මස ප්ලූටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ 'නව ක්ෂිතිජ' මෙහෙයුම මගින් ලබා ගත් පුදුමය දනවන සුළු ඡායාරූප විශ්ලේෂණය කිරීමෙනි.

දශකයකට ආසන්න කාලයක් පැයට කිලෝමීටර 58,536 ක ඉක්මවූ වේගයකින් සෞරග්‍රහ මණ්ඩලය වටා දීර්ඝ චාරිකාවක යෙදෙන අතරතුර 'නව ක්ෂිතිජ' යානය දත්ත එක්රැස් කරනු ලැබීය.
නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී _101836073_b892986c-36c5-492d-8f96-fe83c91668bd
Image copyright NASA / JHUAPL / SWRI

ස්පුට්නික් ප්ලැනිෂියා (Sputnik Planitia) යනුවෙන් හැන්දින්වෙන වැලිතලා වැනි ආවරණය වූ තැනිතලා භුමියෙහි ඡායාරූප තමන් අධ්‍යයනය කළේ කෙසේදැයි පර්යේෂකයන් විද්‍යා සඟරාවේ පළකළ සිය වාර්තාවේ දක්වා ඇත.

මෙම තත්ත්වය දක්නට ඇත්තේ කිලෝ මීටර 5 ක් පමණ උස අයිස් කඳුවලට ආසන්නයේය.

මෙම වැටි කි.මි. 0.4 සිට 1 දක්වා දුරකින් එකිනෙකට වෙන්ව පවතින බවත්, ඒවා මයික්‍රො මීටර 200 - 300 අතර විශ්කම්භයකින් යුත් මීතේන් කැටවලින් නිර්මාණය වී ඇති බවත් විද්‍යාඥයන් නිගමනය කර ඇත. ඒ අනුව මෙම මීතේන් අංශුවක ප්‍රමාණය දළ වශයෙන් සාමාන්‍ය වැලි කැටයක විශ්කම්භයට සමානවේ.
නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී _101836075_ab6f2df9-e7a6-499d-a9fe-5153187173f0
Image copyright NASA / JHUAPL / SWRI

"අපිට කැට (මීතේන් අයිස්) වෙන වෙනම පේන්නෙ නැහැ. නමුත් අපිට වැටි හඳුනා ගන්න පුළුවන්. ඒවගේම ඒවායේ මූලික භෞතික පරාමිතියේ ලක්ෂණ සහ එමගින් නිර්මාණය කරන ලද යටින් පිහිටි වායු ගෝලයේ ඝනත්වය හඳුනා ගන්න පුළුවන්." යනුවෙන් පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන සංස්කාරක එක්සත් රාජධානියේ ප්ලිමුත් විශ්ව විද්‍යාලයේ භෞතික භූ විද්‍යාඥ ආචාර්ය මට් ටෙල්ෆර් (Dr Matt Telfer) බීබීසී සේවයට පැවසීය.
නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී _101836077_b52edb1e-70bd-4071-8614-c3e689e1920f
Image copyright NASA / JHUAPL / SWRI

"ඒ වගේම අපට එම වැටි එකිනෙකට කොපමණ දුරකින් පිහිටා තිබේද යන්නත්, එමගින් ඇති කරන සුළඟේ වේගය පිළිබඳ තක්සේරුවකට පැමිණීම වැනි යම් මූලික මිණුම් කළ හැකියි."

"අප සතුව ඇති දත්ත සියල්ල එක් ආකෘතියකට ඇතුළත් කිරීම මගින් මීතේන් අයිස් කැටවල ප්‍රමාණය සම්බන්ධ නිගමනවලට එළඹෙන්න පුළුවන්" ඔහු වැඩිදුරටත් පැවසීය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum