The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" Empty "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"

on Mon Jan 15, 2018 2:12 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya  2018 ජනවාරි 14
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" _99592498_cad2213b-19fb-4fdc-8c7e-c01eb1a21d13
Image caption සිසුන් 29 දෙනෙක් කසල බඳුන්(rubbish bins) තබන කාමරයක විනාඩි 47 ක කාලයක් සැඟවී සිටියහ

හවායි දූපත්වාසීන් භීතියට පත් කරමින් නිකුත් කෙරුණ ව්‍යාජ මිසයිල් ප්‍රහාර අනතුරු ඇඟවීමක සුලමුල සොයා ගැනීම සඳහා ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.

'බැලස්ටික්' මිසයිල ප්‍රහාරයක් ආසන්න බවට සෙනසුරාදා උදෑසන සිදු කෙරුණ අනතුරු ඇඟවීමත් සමග එහි වෙසෙන ජනතාව බලවත් කලබලයට පත්ව සිටියහ.

මිසයිල ප්‍රහාර පිළිබඳව විපරමින් සිටින 'හවායි හදිසි කළමනාකරණ පාලන ආයතනයේ' ((EMA)) නිලධාරියකු එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවනු ලබන බොත්තමක් ඊයේ සෙනසුරාදා (ජනවාරි 13) උදේ අටට පමණ එබීමත් සමඟ ජංගම දුරකථන ඔස්සේ මහජනයාට මිසයිල් ප්‍රහාරයක් ආසන්න බවට අනතුරු ඇඟවීම් ලැබෙමින් පැවතුණි.

"හවායි අවට 'බැලිස්ටික්' මිසයිල් අනතුරක් පවතී. වහාම ආරක්ෂක ස්ථානයක් කරා යොමු වෙන්න. මෙය පෙරහුරුවක් නොවේ" යන පණිවුඩය හවායි වැසියන්ට ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ ලැබී ඇත.

ඒ සමඟ එම පණිවුඩය ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් ද විකාශනය කර ඇති අතර තත්වය නිවැරදි කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගත වී තිබුණි.

ඒ අතර කාලය තුළ ආරක්ෂක ස්ථාන කරා දිවගිය ජනතාව මේවනවිට ආපසු සිය වාසස්ථාන කරා පැමිණ සිටින බවත් වාර්තා වෙයි.

ඉහත කී අනතුරු ඇඟවීමත් සමඟ තමන් මුහුණ දුන් මානසික තත්වය සහ කලබලකාරී ලෙස පදිංචි ස්ථානවලින් පළාගිය ආකාරය එම අවස්ථාවට මුහුණ දුන් ජනතාව විසින් විස්තර කරනු ලබන්නේ දැඩි ආවේගයකිනි.
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" _99592500_dceaf26b-f218-4851-ae5f-40185e989d7c
Image caption අනතුරු ඇඟවීමේ පණිවුඩය

සිදු වූ වරද සම්බන්ධයෙන් බලධාරීන් එකිනෙකාට වරද පැටවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බවක් ද වාර්තා වෙයි.

සේවයේ නිරතව සිටි නිලධාරියෙක් සිය වැඩ මුරය නිමාවේ ඊට අදාළ රාජකාරිය ඊලඟ තැනැත්තාට භාර දෙන අවස්ථාවේ වැරදි බොත්තමක් එබීමෙන් ඉහත කී අනතුරු ඇඟවීමේ වරද සිදු වූ බව අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

හවායි දූපතේ එවැනි මිසයිල අනතුරක් පවතින්නේ එය උතුරු කොරියාවේ පහසු ඉලක්කයක් හෙයිනි.

අනතුරු ඇඟවීමේ පණිවුඩය ලත් ඇතැමුන් නාන කාමරවල දිය නාන බේසම්වල ද (bathtub) තවත් අය කාණු විවර (manholes )තුළත් සැඟවී ඇත.

'හවායි පැසිෆික්' සරසවියේ ශිෂ්‍යයකු වන හසන් ඩීන් අදහස් දක්වමින්, තමා සහ තවත් සිසුන් 29 දෙනෙක් කසල බඳුන්(rubbish bins) තබන කාමරයක විනාඩි 47 ක කාලයක් සැඟවී සිටි බව සඳහන් කළේය.

ඇතැම් හවායි දූපත්වාසීන් සහ සංචාරකයන් එය ඔවුන්ගේ ජීවිතවල අන්තිම හෝරාව ලෙස සිතා ඇත.
සෝවියට් අත්දැකීම

1983 සැප්තැම්බර් 26 වෙනි දා න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය.

එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටි සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකු වූ ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි.
Image caption සෝවියට්-ඇමෙරිකානු න්‍යෂ්ටික යුද්ධයකින් ලෝකය බේරාගත් මිනිසා - ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov)

වහාම ක්‍රියාත්මක වූ ස්තනිස්ලාෆ් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරුම් ගත් අතර ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය.

ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනයි.

සෝවියට් දේශයේ බල පැවැත්වුන දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුනත්, සෝවියට් පාලනය බිඳ වැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමග ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු න්‍යෂ්ඨික යුද්ධයක් වලක්වන ලද බව ලෝකයට හෙළිදරව් විය.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" Empty Re: "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"

on Tue Jan 16, 2018 1:19 pm
Message reputation : 100% (1 vote)
ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයෙන් බේරාගත් රතු සෙබළා

http://www.bbc.com/sinhala/world-41318387
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum