The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Dividend AnnouncementsYesterday at 7:19 pmAjithR
Tokyo CementYesterday at 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක Empty ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක

on Mon Jan 15, 2018 2:06 pm
BBC Sandeshaya 2018 ජනවාරි 14
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක _99590113__99567899_mediaitem98773807
Image copyright Reuters
Image caption ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයේ වැරදි හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධාවක් වන බව කියා සිටියහ.

එවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, අගවිනිසුරු දීපක් මිස්රාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය එම තත්ත්වයට හේතුව බව විනිසුරුවරුන් හතර දෙනා පවසති.

අගවිනිසුරු දීපක් මිස්රා මෙතෙක් මෙම චෝදනාවන්ට පිළිතුරු දී නැත.

ඉහත කී විනිසුරු ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි සහ අධිකරණ ඇමතිවරයා අතර හදිසි හමුවීමක් සිදු වූ බවත් වාර්තා වෙයි.

"අධිකරණ පද්ධතිය රැක ගෙන එහි ශාන්තභාවය පවත්වාගෙන යාමට නොහැකි වුණොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැති බව අපි හතර දෙනාට ඒත්තු ගිහින් තියෙන්නේ " විනිසුරු ජස්ටි චෙලමෙස්වාර් (Jasti Chelameswar) දිල්ලි නගරයේ පිහිටි ඔහුගේ නිවසේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පවසා ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විසි පස් දෙනා අතරින්, අගවිනිසුරුට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම විනිසුරුවන් හතර දෙනා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා ඇති අතර, ඔවුන් විසින් බෙදා හරින ලද ලිපියක සදහන් වී ඇත්තේ අගවිනිසුරු මිස්රා ඉතා වැදගත් නඩු ඔහු විසින් "පදනම් විරහිතව" තෝරා ගත් විනිසුරු මඩුල්ලකට යොමු කරන බවය.

එමගින් නඩුවලට අනවශ්‍ය බලපෑම් කළ හැකි බව විනිසුරුවරු හතර දෙනා තව දුරටත් පෙන්වා දෙති.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක _99590115__99575498_mediaitem99575497
Image copyright EPA
Image caption ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජස්ටි චෙලමෙස්වර් (Jasti Chelameswar)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති "සමහර අධිකරණ තීන්දු" පිළිබදව තම අසතුට ප්‍රකාශ කරන සිව් පුද්ගල විනිසුරු මඩුල්ල එමගින් "අධිකරණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල කෙරෙන බවත් " පවසති.

අගවිනිසුරු දීපක් මිෂ්රා ඔවුන්ට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කළ හෙයින් මෙම තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළි කර සිටීමට සිදු වූ බවත් සිව් පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළහ.
මේ තොරතුරුද දැනගන්න:

තලාක් දික්කසාදය : ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

බන්වාරි දේවි: දූෂකයන්ට එරෙහිව වසර විසි පහක සටනක්

තොරතුරු දැන ගැනීමේ සංකල්පය 'අශෝක අධිරාජයාගෙන්'

2014 දී සිදු වු පහළ උසාවියක විනිසුරුවරයකු වූ බී. එච් ලෝයාගේ මරණය මෙම ගැටුමට එක් හේතුවක් බව රංජන් ගොගෝයි (Ranjan Gogoi) විනිසුරුවරයා පවසයි..

විනිසුරු ලෝයාගේ මරණය සිදු වූයේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙකු වූ අමිත් ෂා මිනී මැරුමක් සඳහා නියෝග කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ටික දිනකට පෙර වීම විශේෂත්වයකි.

එම මිනීමැරුම් නඩුව ඇසීමට පත් කළ නව විනිසුරුවරයා අමිත් ෂාගේ නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් නඩු තීන්දුවක් දී ඇත.

විනිසුරු ලෝයා හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව වාර්තා වුණත්, ඔහුගේ මරණය සැක සහිත යැයි පවසමින් ඉදිරිපත් වූ පෙත්සමක් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඩේ විභාග වෙමින් ඇත.

විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් හසුරුවන ආකාරය ද සතුටුදායක නොවන බව ඉන්දියානු මාධ්‍යය පසුගිය වසර අග භාගයේ වාර්තා කර ඇත.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum