The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbToday at 6:24 pmWonderer
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ Empty හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ

on Fri Dec 01, 2017 11:47 am
BBC Sandeshaya  2017 නොවැම්බර් 30
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956029__98429802_d8e583e8-3494-4e9c-bf98-b267ad05b899
Image copyright DEEPTI ASTHANA

උතුරු ඉන්දියාවේ හිමාල කදුවැටිය පාමුළ පිහිටි 'ලදාක්' ඉතා දුෂ්කර නමුත් සුන්දර වටපිටාවකට උරුමකම් කියන පළාතකි.

එහි වෙසෙන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රදේශයේ ඇති බෞද්ධ ආරාම වෙත විදේශිකයෝ දහස් ගණනින් වසරක් පාසා පැමිණෙති.

නමුත් 'ලදාක්' පළාත බෞද්ධ භික්ෂුනී ආරම විසි අටකට නිවහන වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

නයෙර්මා නමැති කුඩා ගම්මානයේ පිහිටි එවැනි භික්ෂූනී ආරාමයක් පිළිබද මේ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ඉන්දියානු ඡායාරූප ශිල්පිනියක් වන දීප්ති අස්තානා විසිනි.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956030_2
Image copyright DEEPTI ASTHANA

භික්ෂූනී ශාසනයේ ඇරඹුම ගෞතම බුදුන් වැඩසිටි සමය දක්වා දිව යයි. පැවිදිවීම සඳහා කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ පෙනී සිටි බව විශ්වාස කෙරේ.

නමුත් සියවස් ගණනාවක සිට භික්ෂූනී ශාසනය පරිහානිය කරා ගමන් කරමින් පවතින අතර භික්ෂූන් වහන්සේලා ආරාම තුළ ජීවත් වුවත්, භික්ෂුනියන්ට දිවි ගෙවීමට හෝ ආගමික වතාවත් සිදු කිරීමට විශේෂයෙන් වෙන් වූ ස්ථාන නොමැත.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956031_3
Image copyright DEEPTI ASTHANA

2012 වසරේ සිට චට්නයාලින් ආරාමය වයෝවෘද්ධ භික්ෂුනියන්ට නිවහන වී තිබේ. එම ආරාමය ඉදිකරනු ලැබ ඇත්තේ ලදාක් භික්ෂූනී සංගමය විසිනි. ඒ ගම්වාසීන්ගේ ද සහාය ඇතිවය.

"මේ කාන්තාවන්ට ඉතා දැඩි ලෙස උදව් අවශ්‍ය කර තිබුණා. මේ අයට කෑමට ආහාර තිබුණේ නැහැ. කිහිප දෙනෙකු තමන්ගේ පවුලේ ගෙවල්වල වැඩට ගිහින් තිබුණා" යනුවෙන් භික්ෂුනී සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සෙරින්ග් පැවසුවාය.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956032_4
Image copyright DEEPTI ASTHANA

අසූපස් හැවිරිදි ලොබ්සාන්ග් ඩොල්මා චට්නයාලින් ආරාමයේ වැඩවසන වයෝවෘද්ධම භික්ෂුනියයි. ආරාමයේ වැඩවිසීමට පෙර ලොබ්සාන්ග් භික්ෂුනිය කම්කරුවෙකු ලෙස වගා බිම්වල සේවය කර ඇත.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956033_5
Image copyright DEEPTI ASTHANA

පාසල් අධ්‍යාපනය මෙන්ම බෞද්ධ දර්ශනය සහ වෛද්‍ය විද්‍යාව හදාරන තරුණ භික්ෂුනියන් පිරිසක් සමග වෛද්‍ය සෙරින්ග් පැල්මෝ භික්ෂුනි වහන්සේ (පළමු පෙළ, මැද) ඡායාරූපයකට පෙනී සිටියහ.

කලකට ඉහත, ආගමික වතාවත් සිදු කිරීමට හෝ ඒ සඳහා සහභාගී වීමට ආරාධනා ලැබුවේ භික්ෂුන් වහන්සේලා පමණි. නමුත් මේ වනවිට බණ දේශනා කිරීම සඳහා තරුණ භික්ෂුනී වහන්සේලා වෙත ආරාධනා ලැබේ. ආගමික වතාවත් සඳහා සහභාගීවන භික්ෂුනීයන් වෙත මුදල් ආධාර ද පිරිනැමෙයි.

ලිංගිකත්වය මත පදනම්ව සිදු කෙරෙන නොසලකා හැරීම් ආගමික සංස්ථා තුළ බහුලව දක්නට ලැබෙන බව තමන්වහන්සේට නිරීක්ෂණය වූ බව වෛද්‍ය පැල්මෝ භික්ෂුනිය පවසති.

එවැනි සම්ප්‍රදායික ක්‍රමවේද අභියෝගයට ලක් කරනුවස් තරුණ භික්ෂුනියන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා නූතන අධ්‍යාපනය පිටුවහලක් වනු ඇති බවට වෛද්‍ය පැල්මෝ භික්ෂූනී වහන්සේ විශ්වාසය පළ කළහ.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956034_6
Image copyright DEEPTI ASTHANA

චට්නයාලින් ආරාමයේ වැඩවසන ලාබාලතම භික්ෂුනිය අට හැවිරිදි ස්කර්මා චුක්සිට්. 2008 වසරේ දී ස්කර්මා භික්ෂුනිය ආරාමය වෙත පැමිණෙන විට මන්දපෝෂණයෙන් සහ විටමින් 'ඩී' ඌනතාවයෙන් පෙළෙමින් සිටියහ. සිය සහෝදර සහෝදරියන් නිතර සිහි නොවුන ද පෙර ජීවත් වූ ලදාක්හි සැන්ස්කාර් මිටියාවත නිතර මතකයට නැගෙන බව ස්කර්මා භික්ෂුනිය කියා සිටියහ.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956035_7
Image copyright DEEPTI ASTHANA

චට්නයාලින් ආරාමයේ වැඩවසන චම්බා භික්ෂුනිය වෙත එහි පැමිණි අමුත්තෙකුගෙන් පාපැදියක් තෑගි ලැබී තිබේ. සෑම උදෑසනකම සහ සැන්දෑවකම පාපැදියේ නැග යන විට දැනෙන නිදහසට තමන්වහන්සේ දැඩි ඇල්මක් දක්වන බව චම්බා භික්ෂුනිය පැවසූහ.
හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ _98956036_8
Image copyright DEEPTI ASTHANA

සෙරින්ග් කුන්සොම් භික්ෂුනිය පැවිදි වීමට තීරණය කළේ යන්තම් වසර 7 ක් සපිරුණ විටදීය.

භික්ෂුනී ආරාමය විසින් ලදාක් පළාතේ ප්‍රත්‍යන්ත ගම්මාන තුළ නොමැති අධ්‍යාපන පහසුකම් සහ වෙනත් අවස්ථා පිරිනමනු ලබන බැවින් කුන්සොම් භික්ෂුනිය මෙන් තරුණ ගැහැණු ළමුන් පැවිදි ජීවිතයක් ගත කිරීමට යොමු වේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum