- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක්
වායු දූෂණය දිල්ලියට කරන හානිය
දිල්ලි අගනුවර දැනට පවතින පරිසර දූෂණයේ මට්ටම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරන බලධාරීන් , නගරයට රථ වාහන ඇතුල් කිරීම සම්බන්ධයෙන් නැවත වරක් විකල්ප දින නියම කිරීමක් සිදු කරනු ලැබ ඇත.
මේ අනුව ඔත්තේ සහ ඉරත්තේ අංක තහඩු සහිත පෞද්ගලික වාහනවලට නොවැම්බර් 13 සහ 17 අතර කාලය තුළ එකම දිනයක අගනුවරට ඇතුල් විය නොහැකි අතර ඒවාට විකල්ප දින නියම කෙරෙනු ඇත.
මෙහිදී සිදු කෙරෙන්නේ අංක තහඩු ඔත්තේ සංඛ්‍යාවකින් (1 පටන් 9) අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඔත්තේ දිනවලත් අංක තහඩු ඉරත්තේ සංඛ්‍යාවකින් (2 පටන්

එහෙත් එම සලාක ක්‍රමය පරිසර දූෂණය පාලනය කර ගැනීමට උදව්වක් වේද? නැද්ද ? යන්න අපැහැදිලි බවත් පැවසෙයි.
දිල්ලි අගනුවර පරිසර දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලැබ ඇති මට්ටමටත් වඩා තිස්තුන් ගුණයකින් නරක තත්වයක පවතින බව ප්‍රකාශයට පත් කොට ඇත.
දිල්ලියේ මහ ඇමතිවරයා අනතුර විස්තර කරමින් සිය නගරය "ගෑස් කාමරයකට" සමාන කළේය.

Image copyright Getty Images
Image caption "ඇන්ජිම නතර කරන්න" යනුවෙන් සඳහන් පුවරුවක්
පරිසර දූෂණය පාලනය කර ගැනීමේ පියවරක් වශයෙන් දිල්ලි පාලකයන් එහි ඉදි කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, නගරය තුළ රථ වාහන ගාල් කර තැබීම සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමටත් පියවර ගනිමින් ඇතැයි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි පංජාබ් සහ හර්යානා ප්‍රාන්තයන්හි ගොවීන් සිය අස්වනු නෙලා ගනු ලැබීමෙන් අනතුරුව, ශීත කාලය ආරම්භ වීමත් සමඟ ඔවුන්ගේ කුඹුරුවල ඉපනැලි වලට ගිනි තබන්නට පටන් ගැනීමත් සමඟ ඉහත කී පරිසර දූෂණය තවත් බරපතළ අතට හැරෙයි.
ඒ හැර, මඳ වේගය සහිත සුලඟ, ඉදිකිරීම් භූමිවලින් නැගෙන දූවිලි, කුණු කසල දහනය සහ උත්සව පැවැත්වෙද්දී ගිනිකෙළි දැල්වීම ආදිය නිසා දිල්ලි අගනුවර පරිසරය දූෂණ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙයි.
ඉන්දියානු වෛද්‍ය සම්මේලනය (IMA) පවතින අනතුරුදායක තත්වය පෙන්නුම් කරන්නේ එය "වෛද්‍යමය හදිසි අවස්ථාවක්" වැනි යයි පවසමිනි.