The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" Empty ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"

on Thu Sep 21, 2017 6:05 pm
BBC Sandehaya මිනිත්තු 55 පෙර
ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" _97958785_4afb90c3-10bc-4b4f-9905-01e7f424628d
Image copyright Getty Images
Image caption ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවේ නායකයා හැඳින්වූයේ "රොකට් මෑන්" යනුවෙනි

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව දැඩි විවේචනයට ලක් කළේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය.

දින දෙකකට පසුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ (Ri Yong-ho) පවසන්නේ ජනාධිපතිවරයාගේ එම දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" හා සමාන බවය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස දී මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, "බල්ලෝ බිරුවත් තවලම යනවා කියල කියමනක් තියෙනවනේ," යනුවෙන් සඳහන් කළේය.

"සුනඛයෙක් බුරන සද්දෙන් අපිව බය කරන්න පුළුවන් කියල හිතනවා නම් පැහැදිලිවම එයා දකින්නේ හීනයක්."
ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" _97958786_9d351487-05b5-4427-af22-d7d9c5dd6ac3
Image copyright UN
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි ද සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "රොකට් මෑන්" ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ කියා සිටියේ, "ඔහුගේ ආධාරකරුවන් ගැන මට කනගාටුවක් දැනෙනවා," යනුවෙනි.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා සිකුරාදා (සැප්තැම්බර් 22) මහා මණ්ඩලය අමතා අදහස් දැක්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා උතුරු කොරියාව දිගටම සිය න්‍යෂ්ඨික වැඩසටහන දියත් කළ අතර, උතුරු කොරියාවේ අලුත්ම න්‍යෂ්ඨික අත්හදා බැලීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා සිය සම්බාධක තවත් දැඩි කළේය.

ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශනයේ දී සඳහන් කළ අතර, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) පවසන්නේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය.
ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" _97958788_6782c1b6-7e07-4907-879b-42fc037c4aa0
Image copyright Getty Images
Image caption සිය න්‍යෂ්ඨික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවිණ

ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය.

වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව "සමාජවාදී ආඥාදායකත්වයක්" ලෙසින් හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය.

අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය වෙනිසුවෙලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරියේසා (Jorge Arreaza) විග්‍රහ කළේ සිය රටට එරෙහිව එල්ල කළ "තර්ජනයක්" ලෙසිනි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum