- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලන්ඩන් ගින්න : "ගොඩනැගිල්ල කඩා වැටේදැයි" සැකයක්
BBC Sandeshaya මිනිත්තු 23 පෙර
Image copyright Reuters
බටහිර ලන්ඩනයේ ගොඩනැගිල්ලක් අඟහරුවාදා (ජුනි 13) රාත්රී ගිනි ගැනීමකට හසු විය.
උතුරු කෙන්සිංටන් ප්රදේශයේ පිහිටි ග්රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට එහි සිටි පුද්ගලයින් කොටුවී ඇති බව එහි තත්ත්වය ඇසින් දුටුවෝ පැවසුහ.
පුද්ගලයින් සිය ගණනක් පදිංචිව සිටියේ යැයි සැළකෙන එම ගොඩනැගිල්ලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා 200 ට අධික ගිනි නිවීම් භටයින් යෙදවිණි.
Image copyright AFP/Natalie Oxford
30 ට අධික පිරිසක් රෝහල්වල ප්රතිකාර ලබන බව වාර්තාවේ.
ලන්ඩනයේ වේලාවෙන් උදැසන 4 පමණ වනවිට පොලිසිය සඳහන් කර තිබුනේ ගොඩනැගිල්ලේ සිටි නෙවාසිකයින් ඉන් ඉවත් කෙරෙමින් සිටින බවය.
ඇතැමුන් පැවසුවේ ගොඩනැගිල්ල තුළ කොටුවී යැයි සැළකිය හැකි පුද්ගලයින් කවුළු අසළට පැමිණෙන අයුරු දැකිය හැකි වූ බවය.
Image copyright Reuters
මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ ගින්නෙන් වෙලුනු අතර එය කඩා වැටේ යැයි බිය පළවී තිබේ.
"අතිශය අසීරු තත්ත්වයක් යටතේ ගින්න පාලනය කරගැනීමට ගිනි භටයින් දැඩි පරිශ්රමයක යෙදී සිටිනවා " යැයි ලන්ඩන් ගිනි නිවීම් සේවයේ සහකාර කොමසාරිස් වරයා පැවසීය.
Image copyright Reuters
කෙන්සිංටන් හා චෙල්සී නාගරික සභාවට අනුව අනතුරට පත් මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල නිවාස ඒකක 120 න් සමන්විත විණි.
පවුම් මිලියන් 10ක් වය කරමින් ක්රියාත්මක් වූ එහි අලුත්වැඩියාව නිම වුයේ පසුගිය වසරේදීය.
Image copyright Reuters