- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"සමාජ ජාල ඔස්සේ දෙවියන්ට අපහාස කළොත් දඬුවම්"
BBC Sandeshaya මිනිත්තු 6 පෙර
ආණ්ඩුවේ කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති
දෙවියන් වහන්සේට අපහාසවන ආකාරයේ කිසිදු අදහසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කර නොගන්නා මෙන් අනතුරු අඟවමින් පාකිස්තාන ආණ්ඩුව දස ලක්ෂ සංඛ්‍යාත රටවැසියන්ට කෙටි පණිවුඩ යවා තිබේ.
එවැනි පණිවුඩ ප්‍රසිද්ධියේ හුවමාරු කරගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආණ්ඩුවේ පාලනය යටතේ පවතින විදුලි සංදේශ අධිකාරිය විසින් යවන ලද කෙටි පණිවුඩයේ සඳහන් වේ.
එවැනි පණිවුඩ හුවමාරුවන අවස්ථාවල එයට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස තමන්ට දැනුම් දෙන මෙන් ද ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාම් දහමට අපහාස කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදකි.
ආණ්ඩුවේ මෙම කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති.
ඝාතනයක්
මුස්ලිම් පූජකයන්ගේ පෙළඹවීම් මත කල්ලි ගැසුණු පිරිස් විසින් පුද්ගල ඝාතන සිදු කරනු ලැබීම පාකිස්තානයේ බොහෝ විට දක්නට ලැබෙන්නකි.
ඉස්ලාම් දහමට නිගරු කළ බවට චෝදනා ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු, පසුගිය අප්‍රේල් මාසයේ එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයන් විසින් මරා දමනු ලැබීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය වසා දැමීමට සිදුවිය
Copyright © 2017 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "සමාජ ජාල ඔස්සේ දෙවියන්ට අපහාස කළොත් දඬුවම්"
We should all be mindful and see to that militancy should not creep into Buddhism at any cost.