- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
16 ජනවාරි 2016 BBc අවසාන වරට යාවත්කාලීන කළේ 16:26 GMT
ඇමරිකානු ජනපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේ 'යු-ටියුබ්' ආයතනය හා සාකච්ඡාවකට එක් වෙමින්.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් වෙතින් ලැබුණු ඇතැම් ත්‍යාග තමා සමග රැගෙන යන බවයි ජනපතිවරයා කියා සිටියේ.
'ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන්' තමා වෙත ලැබුණු දෑ ජනාධිපතිවරයා සිය කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.
''ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනමන ලද කිතුනු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබා දෙනු ලැබූ හනුමාන් දේව රූපයක් සහ ඉතියෝපියාවේ සංචාරය කළ අවස්ථාවක ලැබුණු කුරුසියක්' ද ඒ අතර විය.
අන්ධ විශ්වාසයෙන් නොව
අන්ධ විශ්වාසයෙන් නොව තමාට හමු වූ විවිධ පුද්ගලයන් සහ ඔවුන් තමා වෙත තැබූ විශ්වාසය සිහිවීම් වස් එම සිහිවටන තම සාක්කුවේ තබා ගෙන සිටින බවයි ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ.
'මම ජනතාව අමතන විට ඔවුන් යම් යම් දෑ මා වෙත පිරිනමනව.ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන් ළඟ තබා ගන්නා දේවල්. ඔවුන්ගේ ජීවිතේට වැදගත් දේවල්. මම සෑම විටකම ඒවා මා සමග රැගෙන යනවා. දැන් මට මේක පුරුද්දක් වෙලා. ලැබෙන සියල්ල මට රැගෙන යන්න බැහැ. මට මුණ ගැසුණු සහ ඔවුන් මට පැවැසූ දේවල් මතකයේ තබා ගැනීම සඳහා එලෙස මට ලැබුණ දේවල් අතුරින් කීපයක් සෑම විටම මා සමග රැගෙන යනවා. ඉතින් අද මගේ සාක්කුවේ තිබෙන්නේ මේ දේවල්' ජනාධිපති ඔබාමා සඳහන් කළේය.
'මට විඩා දැනුණු විටක හෝ අධෛර්යයට වූ විටක මම මගේ සාක්කුව දෙසට අත යොමු කරලා කියනවා, ඔව්.. මට මේකෙන් ගොඩ එන්න පුළුවන්. මට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා - මිනිසුන්ට බලපාන ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා මම නැවතත් මගේ රාජකාරියට යා යුතු බව' ඔබාමා පවසයි.
Watch video
http://www.bbc.com/sinhala/world/2016/01/160116_smbp_obama_pocket_buddha_statue
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
nis2008 wrote:ඔබාමා බුදු පිළිමය සාක්කුවේ දාගෙන ඉන්නවා කියලා ,දැන් අපේ බුද්ධාගම වෙනුවෙන් දිවිපුදන්න ලෑස්ති වෙලා ඉන්න කස්ටිය ඇමෙරිකන් එම්බැසිය ළඟ උද්ගෝෂණය කරාවි
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
කිත්සිරි ද සිල්වා wrote:Hope they will write placards in Sinhala, unlike last time "We Condom US action".nis2008 wrote:ඔබාමා බුදු පිළිමය සාක්කුවේ දාගෙන ඉන්නවා කියලා ,දැන් අපේ බුද්ධාගම වෙනුවෙන් දිවිපුදන්න ලෑස්ති වෙලා ඉන්න කස්ටිය ඇමෙරිකන් එම්බැසිය ළඟ උද්ගෝෂණය කරාවි
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
So if anyone less than this is not buddhist they show it only,
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක්
guruji wrote:Buddhism not a religion,,its where truth,,,,,its where state of thoughtlessness,,that lead to supreme panna nibbana,,
So if anyone less than this is not buddhist they show it only,