- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රුපියල වැඩ්ඩෙක් වෙයි
Friday, 24 April 2015 - 19:57ඩොලර් විනිමය සැපයුම ඉහළ යාමත් සමඟ රුපියලේ අගයෙහි ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණා. ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය අද (24) සටහන් වූයේ රුපියල් 134යි ශත 20ත් 50ත් අතර, පරාසයකයයි. ඊයේ දිනයේදී ඩොලරයක් සඳහා රුපියල් 134යි ශත 70ත්, 90ත් අතර අනුපාතිකයක් වාර්තා වුණා.
ඇතැම් බැංකු ඩොලර් විකිණීම ද රුපියල ශක්තිමත් වීමට බලපෑ තවත් කරුණක්. කෙසේ නමුත්, ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය රුපියල් 132යි ශත 90ත්, රුපියල් 133යි ශත 20ත් අතර සීමාව ඉක්මවා ශක්තිමත් වීමේදී එය පාලනය කිරීමට මහබැංකුව මැදිහත් වනවා.
http://www.hirunews.lk/sinhala/business/108231
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: රුපියල වැඩ්ඩෙක් වෙයි
ගත්තු ණය ගෙවන්නේ ඇමරිකානු ඩොලර් වලින් නේ.
මේ බලන්න 2011 - 2015 අපි පාවෙච්ච හැටි
මේ බලන්න 2005 - 2015 අපි පාවෙච්ච හැටි
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: රුපියල වැඩ්ඩෙක් වෙයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රුපියල වැඩ්ඩෙක් වෙයි
pathfinder wrote:Thanks Nihal and Chuti
Thanks both.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: රුපියල වැඩ්ඩෙක් වෙයි
Saturday, 16 May 2015 - 13:26කොටස් අයෝජනයට සම්බන්ධ ඩොලර් ගලනය හේතුවෙන් රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශත 10කින් අධිප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සැලසූ අතර, ඊට සමාන ප්‍රමාණයක් සඳහා පසුගිය බදාදා දිනයේදී ද අවස්ථාව හිමි වුණා. පසුගිය අප්‍රේල් 30 වන දා සිට රුපියලේ අගය ශත 60ක් දක්වා අවප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සලසා තිබුණා. එහෙත් පසුගිය සතිය තුළ එම තත්ත්වයේ වෙනස්වීමක් දක්නට ලැබුණු බවයි මූල්‍ය වෙළදපළ විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ. ඇතැම් විදේශීය ආයෝජකයන් මිලදී ගත් මෙරට භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් විකිණීම ද රුපියලේ අගය කෙරෙහි ඍජුවම බලපාන කරුණක්. පසුගිය මැයි 13 වන දායින් අවසන් වූ සතිය තුළ විදේශීය ආයෝජකයන් මිලදී ගෙන තිබූ ඩොලර් බිලියන 2.1ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර තිබෙනවා. කෙසේ නමුත්, ඊයේ දිනය අවසන් වන විට ඇමරිකානු ඩොලරයකට එරෙහිව රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 133යි ශත 30ක් ලෙසයි.
http://www.hirunews.lk/sinhala/business/109574/