- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් ඉල්ලා ජාතික රූපවාහිනිය නඩුමඟට
මුදල් ඉල්ලා ජාතික රූපවාහිනිය නඩුමඟට
නෝමන් පලිහවඩන
දිවයින
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජාතික රූපවාහිනිය විකාශනය කළ වෙළෙඳ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල ලබාගැනීමට අධිකරණය වෙත යැමට කටයුතු කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා "දිවයින" ට පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද දැන්වීම් ජාතික රූපවාහිනියෙන් දිනපතාම විකාශය කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා පෙනී සිටින "අප්පච්චි" ගීතය ද දිනකට හයහත් වතාවක් ප්‍රදර්ශනය කර ඇති බව පැවසේ.
මෙම ඡන්ද දැන්වීම් නොමිලේ ප්‍රචාරය කිරීම පිළිබඳව දැනටමත් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.
මෙම මැතිවරණයේදී ස්‌වාධීන රූපවාහිනියෙන් ද මෙවැනි දැන්වීම් විකාශය කර ඇතත් දැනට කරන ලද පරීක්‍ෂණ අනුව එම දැන්වීම්වලට මුදල් අයකර ඇති බව ස්‌වාධීන රූපවාහිනියේ සභාපති ගංගානාත් දිසානායක මහතා පැවසීය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් ඉල්ලා ජාතික රූපවාහිනිය නඩුමඟට
රුපියල් කෝටි පනහකට