- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්රයෙන් පහළට
February, 5, 2020
ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද බලාපොරොත්තු නොවූ පරිදි සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විටත් චීනයේ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එහි ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල කිරීමට පමණක් නොව, එය පැතිරීම වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර සංචාරක සීමා කිරීම් නිසා චීනයේ තෙල් ඉල්ලුමද පහත දමා තිබේ. චීන ආර්ථිකය අකර්මණ්‍ය වීම මේ වන විට ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත ද බලපෑමක් වී ඇත.
අඟහරුවාදා (04) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55 සීමාවෙන් මෙපිට පැමිණි අතර මීට මාසයකට පෙර (ජනවාරි 06) එම අගය වාර්තා වූයේ ඩොලර් 68.51 ක් වශයෙනි. එසේම WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 50 සීමාවට පැමිණ තිබේ. එය පසුගිය ජනවාරි 06 දින වන විට දැක්වුණේ ඩොලර් 63.27 ක් ලෙසිනි.
පවතින වාතාවරණය තුළ ඔපෙක් සංවිධානය විසින් වියානා නුවර සිය මූලස්ථානයේ දී අද (05) දින සිය සාමාජික රටවල් 14 හි හදිසි රැස්වීමක් කැඳවීමට කටයුතු යොදා ඇත. මේ අනුව මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට මුදාහරින නිෂ්පාදන ධාරිතාවෙහි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
පසුගිය වසර 5ක කාලය දෙස අවධානය යොමු කිරීමේ දී 2016 ජනවාරි 15 දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 28.94 ක් දක්වා පහත වැටුණු අතර එය 2018 ඔකතෝබර් 05 වන විට ඩොලර් 84.16 ක් දක්වා ඉහළ ගියේය. එබැවින් ලෝක තෙල් මිල උච්ඡාවචනයන්ට මුහුණ දීම සඳහා ඔපෙක් රටවල් 14 සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් 9 විසින් උපක්රමශීලීව කටයුතු කරනු ඇතැයි යන්න විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
ඔපෙක් සංවිධානයේ වැඩි බලයක් සහිත සාමාජිකයා වන්නේ සෞදි අරාබියයි. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නයිජීරියාව හා ලිබියාව එහි සෙසු ප්‍රබල සාමාජිකයෝ වෙති. ඔපෙක් සාමාජික නොවන රටවල් අතර පෙරමුණ රුසියාවට හිමි අතර මෙක්සිකෝව, මැලේසියාව හා ඕමානය එහි සෙසු ප්රමුඛ සාමාජිකයන් වන්නේය.
වර්තමානයේ දී ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. සෞදි අරාබිය, රුසියාව හා කැනඩාව පිළිවෙලින් මෙම ලැයිස්තුවේ සෙසු සිථාන හිමිකර ගෙන සිටී. ලෝකයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයින් අතර 5 වන තැන චීනයට හිමිව තිබේ. ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රසීලය හා කුවේට්, ලොව ප්රමුඛ තෙල් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සෙසු රටවල් වේ.