The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම Empty සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම

Mon Aug 28, 2017 11:12 am
BBC Sandeshaya 2017 අගෝස්තු 25
සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම _97532541_20170503_071303
කන්තලේ ගන්තලාව ප්‍රාථමික පාසල වෙත අකුරු කිරීමට පැමිණෙන දරු දැරියන් අත සිය පොත් බෑගය සහ වතුර බෝතලයට අමතරව තවත් දෙයක් වෙයි.

ඒ ටැබ්ලට් පරිගණකයක්, වීඩියෝ ගේම් යන්ත්‍රයක් හෝ සෙල්ලම් බඩුවක් නොව පොල්කටු මල්ලකි.

"ඔය දරුවෝ දින පතාම උදේ පාසලට එන කොට පොල් කටු පහක් අරගෙන එන්න ඕනෑ. හැබැයි පොල් කටු පහකට වඩා ගේන්න එපා."

ගන්තලාව ප්‍රාථමික පාසලට අලුතින් පත්ව ආ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා එහි අධ්‍යාපනය ලබන පන්සිය දොළහක් වන සිසු සිසුවියන්ගෙන් එසේ ඉල්ලා සිටියේ ඉකුත් අප්‍රේල් මස විසි හය වෙනිදාය.

පාසලේ ප්‍රධාන ශාලාවේ වේදිකාව ආවරණය කිරීම සඳහා අලුතින් තිරයක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම එහි අරමුණයි.

   "සමඟියෙන් එකමුතු කමෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළොත් ඉතා සුළු දෙයකින් පවා හොඳ ප්‍රතිඵලයක් නෙළා ගන්න ප්‍රුළුවන් කියා දැන් අපේ ළමයි දන්නවා"   විදුහල්පතිනි තිරන්ජනී චන්ද්‍රිකා

විදුහල්පතිනිය පවසන පරිදි තිර රෙද්ද සඳහා වැය වන මුදල රුපියල් එක් ලක්ෂ තිස් පන්දහස් පන්සිය විසි පහකි.

ගුරු මෑණියන්ගේ ඉල්ලීම අනුව යමින් දරු දැරියෝ පොත් බෑගය උර ලා එක් අතකින් වතුර බෝතලයත් අනෙක් අතින් සිලි සිලි මල්ලක දැමූ පොල් කටු පහත් රැගෙන පාසලට ආවේ අපහසුවකින් තොරවය.

පරිසරය සුරකීම
සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම _97532539_20170428_071148
Image caption "මෙය දරුවන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරීම සඳහා අත්හදා බලන ව්‍යාපෘතියක්"

පොල් කටු ගබඩා කිරීම සඳහා පාසල් මිදුලේ වෙනම මඩුවක් ඉදි වූයේ ඒ අනුවය. පොල් කටු එකතු කිරීමේ මධ්‍යස්ථානය යනුවෙන් සඳහන් දැන්වීමක් ද එහි අලවනු ලැබීය.

පොල් කටු ලබා දී සිලි සිලි මල්ල ගුලි කර පොත් බෑගයට දමා ගන්නා දරුවෝ අනතුරුව අකුරු කිරීම ආරම්භ කරති.

"සිලි සිලි මලු ආපසු රැගෙන යා යුතු අතර ප්‍රයෝජනයට ගත නොහැකි වූ පසු ඒවා නිවසේ වෙනම තැනක එකතු කළ යුතුය," ඒ පරිසරය සුරකීම හුරුකරවීම සඳහා පාසල් ගුරුමාපියන්ගෙන් ලැබුණු ඔවදනකි.

අගෝස්තු 04 වෙනි දින වන විට පොල් කටු එකතු කිරීමේ මධ්‍යස්ථානය තුළ එක් රැස් වූ පොල්කටුවල බර කිලෝග්‍රෑම් 3,260 කි.

කලින් පොරොන්දු වූ ගැනුම් මිල පොල්කටු කිලෝවකට රුපියල් 11.50 වූ නමුත් දරුවන්ගේ අරමුණ වටහා ගත් වෙළෙන්දා පොල්කටු කිලෝවක් රුපියල් 14 බැගින් මිලට ගත්තේය.

විදුහල්පතිනිය පවසන පරිදි ඉන් පාසලට ලැබුණ මුදල රුපියල් 45,640 කි.

"මුලදී අමාරු වුණා"
සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම _97532657_mediaitem97532656
Image caption ගන්තලාව ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා

"ඇත්තටම මේක සරල වැඩක් නොවෙයි. 'පෝල් කට්ටක් එකතු කරල මොනවද කරන්න පුළුන්? මහ පිස්සු ටීචර් කෙනෙක්', ඔය විදියට සමහරු මුලදී කිව්වා. හැබැයි මව්පියන් කිහිප දෙනෙක් මාව උනන්දු කළා. පොල්කටු තොගය විකුණලා ලොකු මුදලක් ගත්තනේ. ඊට පස්සේ තමයි කාට කාටත් උනන්දුවක් ඇති වුනේ," යනුවෙන් විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා පැවසුවාය.

ගන්තාලාව ප්‍රාථමික විදුහලේ ඉගනුම ලබන දරුවන්ගේ අහිංසක බලාපොරොත්තුව පිළිබඳ අසන්නට ලැබුණු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පසුව ඒ සඳහා වැය වන මුදල පාසල වෙත ලබා දීමට කටයුතු කළ බවත් විදුහල්පතිනිය කියා සිටියාය.

පොල් කටු අලෙවි කර ලබාගත් ආදායම සහ ඉන් අනතුරුව පරිත්‍යාගශීලීන් පාසල වෙත ලබා දීමට පොරොන්දු වී ඇති ආධාර මුදල් අනුව ලක්ෂ නමයක පමණ වැඩ කොටසක් කිරීමට හැකි වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එහෙත් තිරය පිටුපස වෙනත් අරමුණු රැසක් තිබූ බව ඇය පෙන්වා දෙන්නීය.
සමගිය බලය වේ
සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම _97532659_20170729_104624
Image caption අගෝස්තු 04 වෙනිදා වන විට පොල් කටු එකතු කිරීමේ මධ්‍යස්ථානය තුළ එක් රැස් වූ පොල්කටුවල බර කිලෝග්‍රෑම් 3,260 කි

"මෙය දරුවන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරීම සඳහා අත්හදා බලන ව්‍යාපෘතියක්. සමඟියෙන් එකමුතු කමෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළොත් ඉතා සුළු දෙයකින් පවා හොඳ ප්‍රතිඵලයක් නෙළා ගන්න ප්‍රුළුවන් කියා දැන් අපේ ළමයි දන්නවා."

"සමහර දෙමාපියන් මට යෝජනා කළා අත් ට්‍රැක්ටරයකින් පොල් කටු එකතු කරමු කියලා. මම එකහෙලාම කිව්වේ දරුවන් රැගෙන එන පොල් කටු පහ පමණක් හොඳටම ප්‍රමාණවත් බව"

"තවත් විශේෂ කාරණයක් තමයි මේ ප්‍රදේශ වල බහුලව පවතින ඩෙංගු උවදුරට යම් පමණක හෝ පිළියමක් සෙවීමත් මගේ අරමුණක් වුනා. සෑම ගෙවත්තකම පොල් කටු විසි කරලා. වැඩිහිටියන්ගේ කිසිම අවධානයක් නෑ. හිස් පොල් කටු වල වතුර එකතු වෙනවා."

තමන් පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවේ ඒ පිළිබඳවත් සඳහන් කළ බව කී ගන්තලාව ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා, ගුරුවරයා යනු පාඩම් පොතට පමණක් සීමා නොවුන නිර්මාණශීලී අයෙකු විය යුතු බව සඳහන් කළාය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම Empty Re: සමගිය බලය වූ පොල්කටු මෙහෙයුම

Mon Aug 28, 2017 11:28 am
Hats off dear principal. I think that the government should seriously consider obtaining her services to review costly project proposals by our ministers to resolve burning problems in an integrated way, because the way that the ministries are carved out to please corrupt politicians invites several costly projects to solve various facets of the same problem.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum