- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"මිනී මස් කාල එපා වෙලා"
Image caption බටහිර පැපුවා නිව්ගිනියාවේ කොම්බයි ගෝත්‍රිකයෝ තවමත් මිනී මස් බුදින බව විශ්වාස කෙරේ
"මිනී මස් කාල මට දැන් එපා වෙලා" යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු පුරුෂයන් සිවු දෙනෙකු මිනී මස් කෑමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලැබිණ.
පොලිසියට පැමිණි පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර තිබේ.
ඉන් අනතුරුව පොලිසිය ඔහු ක්වාසුලු නටාල් (KwaZulu-Natal) ප්‍රදේශයේ නිවාසයකට රැගෙන ගිය අවස්ථාවේ තවත් මිනිස් සුරුරු කොටස් හමු වී තිබේ.
සැකකරුවන් අතරින් දෙදෙනෙකු සාම්ප්‍රදායික කට්ටඩියන්වන අතර, ඔවුන් සිවුදෙනාට එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස ඩර්බන් නගරයට කිලෝමීටර 175 ක් පමණ වයඹ දෙසින් පිහිටි එස්ට්කොර්ට් (Estcourt) මහේස්ත්‍රාත් අධිකරණය වේත් ඉදිරිපත් කරනු ලැබිණ.
'සංවිධානාත්මක කණ්ඩායමක්'
අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවන මෙම පුරුෂයන් පිරිස සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් විය හැකි බව දකුණු අප්‍රිකාවේ පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.
Image caption මධ්‍යම අප්‍රිකානු ජනරජයේ වැසියෙකුවන මේ පුරුෂයා මිනීමස් කෑමේ චෝදනාව පිළිගත්තේය
Estcourt ප්‍රදේශයේදී සිය ඥාතීන් අතුරුදහන් වූයේ නම් තමන්ට දැනුම්දෙන මෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන පොලිසිය ඉල්ලීමක් කරයි.
සැකකරු රැගෙන ආ සිරුරු කොටස් එක පුද්ගලයෙකුගේ ද, නොඑසේනම් කිහිප දෙනෙකුගේ ද යන්න පැහැදිලි නැති බැවින් ඒ සඳහා වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බවත් පොලිසිය පවසයි.
මීට මාසයකට ඉහතදී මිනිස් හිසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඩර්බන් නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කට්ටඩියෙකුට විකිණීම සඳහා ඔහු එම මිනිස් හිස රැගෙන යමින් සිටි බව විශ්වාස කෙරේ.