- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් 32 කින් බසිද්දී ජෝන් කීල්ස් Warrant 64% කින් බසී
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් අද (04) දිනයේ දී කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.32 කින් පහළ ගොස් ඒකක 6,254.77 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.51% ක පහළ යාමකි. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 3,290.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 12.18 ක හෙවත් 0.37% ක පහළ යාමකි.
අද දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් බලපත්‍රයක (Warrant) වටිනාකම 64.58% කින් පහළ යාමයි. පූර්ව දිනය අවසානයේ දී රු. 4.80 ක් ලෙසින් වාර්තා වූ ජෝන් කීල්ස් Warrant එකක මිල අද දින ගනුදෙනු අවසානයේ දී දැක්වුණේ රු. 1.70 ක් ලෙසිනි. මෙය 64.58% ක මිල පහළ යාමකි. දිනය තුළ මිලියන 2 කට ආසන්න වොරන්ට් ප්‍රමාණයක් ගනුදෙනු වී තිබිණි.
අද දින පිරිවැටුම රුපියල් මිලියන 227 ක්වූ අතර ඒ සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් හරහා වාර්තා වූ රුපියල් මිලියන 48 ක් වැඩි දායකත්වයක් ලබාදුනි.
මීට අමතරව ෂෙව්රොන් ලුබිරිකන්ට්ස් රු. මිලියන 68.8 ක්, සෙලාන් බැංකුව රු. මිලියන 14 ක් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 11 ක් ලෙසින් දිනය තුළ රුපියල් මිලියන 10 ඉක්මවා පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර විය.
දිනය තුළ විදේශීය අංශයේ දායකත්වය ඉතා පහළ මට්ටමක පැවතුණු අතර දිනය තුළ වාර්තා වූ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 17.97 ක් ලෙසත්, විදේශීය විකිණුම් රුපියල් මිලියන 76.7 ක් ලෙසත් වාර්තා විය.