- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම
කෙසේවෙතත්, JKH සහ CTC යන සමාගම් වල මිල ඉහළ යනු දක්නට විය.
S&P SL 20 දර්ශකයේ අගය ඒකක 5.34 කින් පහළ යම්න් ඒකක 3,904.32 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 394 ක් වු අතරේ එයින් සියයට 21 ක් හෙවත් රුපියල් මිලියන 82 කම දායකත්වය සුපුරුදු පරිදි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලබා දුන්නේ එහි කොටසක මිල රුපියල් 204.50 දක්වා රුපියල් 2.50 කින් ඉහළ යනු දක්නට විය.දිනයේ වාර්තා වු එකම ගිවිසගත ගනු-දෙනුව ද ජෝන් කීල්ස් වාර්තා කළේ කොටස් 183,875 ක් කොටසක් රුපියල් 204.50 බැගින් හුවමාරු වෙමින් ය.
සාමාන්‍ය පුවරුවේ ටෝකියෝ සිමෙන්ති සාමාන්‍ය හා නිශ්ඡන්ද කොටස් සක්‍රිය වනු දක්නට විය.
රුපියල් මිලියන 62 ක ශුද්ධ විදේශ ආයෝජන අද වාර්තා වි තිබු අතරේ එහිදිද ජෝන් කීල්ස් හා ටෝකියෝ සිමෙන්ති පෙරමුණ ගෙන ඇත.
සුළු පරිමාණ කොටස් ආයෝජකයෝ තවමත් මුදල් පනත් පාර්ලිමේන්තුවේ පරාජය ලබමින් අස්ථාවර දේශපාලන හා ආර්ථීක වාතාවරණ මැද නිසොල්මනේ පසුවුවද යම් පිබිදිමක් එක්ස්පෝ ලංකා,සියෙරා කේබල්ස්,බැලිබල් පවර්,වැනි බලශක්ති අංශයේ කොටස් විෂයෙහි දක්නට විය.
අද සමාගම් 77 ක මිල පහළ ගොස් 88 ක මිල ඉහළ ගොස් තිබිණි.
Daily Stock Watch 08.04.2015.pdf by Randora Lk