සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
තිරිසන් මොළය මිනිස් මොළයට වඩා බෙහෙවින් දුබල එකකි. තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත. ඔවුන් ක්‍රියාකරන්නේ කාලාන්තරයක් තිස්සේ පරිසරයට හැඩගැසීමේ ක්‍රියාවලිය අනුව කල් තියා සංවිධානය කරන ලද ප්‍රතික්‍රියාවන් අනුවය. (අනුවාදය: ප්‍රේමචන් ද්‍ර අල්විස් )
එම පොතේ ඇති අන් සියලු දෑ මාගේ සිත ගත්ත ද මේ කතාව කුඩා කල සිටම මා හට ප්රශ්නකාරී විය.
"තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත. "
ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද?
අත්දැකීම ඇත්නම් බෙදා හදා ගන්න.
---
ඇරඹුමක් වශයෙන් එක් සිද්ධියක් සටහන් කරමි.
මා විවාහ වී සිටි මුල් කාලයේ අප බැළලියක ඇති කලෙමු. හිතවත් කෙනෙක් ගෙන් මේ බළල් පැටියා ලැබුන අතර අපට දරුවන් නොසිටි බැවින් ඇය ගෙදර දරුවෙක් ගානට සිටියාය. ඇයට ඕනෑම තැනක නිදා ගැනීම ආදි රිසි සේ කරන්නට බලවත් ව සිටියාය. අලුත බැඳපු අය මෙසේ සතුන් හැදුවාම දරුවන් නොලැබෙන බව කියමින් අප දෙස අමුතු ලෙස බලන අයද එකල අපගේ කාර්යාලයයේ විය. මේ බැළලියට වයස වසරක් එක හමාරක් පමණ ගතවත් ම ගැබ් බරව පැටවුන් දැමීමට ආසන්න වූවාය. කෙසේ හෝ ඒකාලය වෙන විට මා ගේ බිරිඳටද මුල් දරුවා ලැබෙන්නට සිටියාය.
මාගේ බිරිඳට දරුවා ලැබී සති 3කට පමණ පසු අපේ බැළලිය ද මවක් වූවා ය. (බළල් පැටවුන් ගේ පියා ගැන යහලුවන් පැවසූ දේ හිතා ගන්න. )
ඇයට ඉදිරිපස කාමරයක වෙනම පෙට්ටියක් සූදානම් කර තැබූ අතර එහි පැටවුන් සමග සැප සේ සිටියාය. අපි අපේ දරුවා ද ඇයට ත්‍යාග ලෙස ලැබුන කොට් එකේ නිදිකරවීම කලත් බොහෝ විට අප ගේ නිදන ඇඳේම තබා ගතිමු. මසක් පමණ ගත වන විට ඇය දවල් වරුවේ කොට් එකේ තැබීමට සිදුවිය.
සතියකට දෙකකට පමණ පසු එක් දිනක් මා බළල් පැටවුන් ගැන බැලීමට ගිය විට ඔවුන් සියලු දෙනාම ඔවුනගේ ස්ථානයේ නොමැති බව දුටිමි.
බැළලියද නැත.
අප නිවස තුල හා අවට පරීක්ෂා කලේ ඔවුනට විලෝපීයයකුගෙන් අනතුරක් වී ඇතැයි යන සැකයෙනි. ඇඳන් යට හා සිවිලිමේ ද පිටත පිහිටි මඩුවකද බැලු මුත් නැත.
කොළඹින් දුර පෙදෙසක වූ එහි කබරගොයින් හා තලගොයින් නිතර ගැවසෙන බැවින් ඔවුනට ගොදුරු වූවා විය යුතුය.
අප ආසාව අතැර දමන තැනට පත් වීමු.
පසුව බිරිඳ අපේ දරුවා නිදි කර ඇගේ කොට් එකේ තැබීමට ගොස් නැවත පැමින,
" අන්න කොට් එකේ වෙන කාගෙද ලමයි තියල ගිහින් "
"අපේ එක්කෙනා තියන්න විදියක් නෑ " කීවාය.
මා පුදුමයටත් භීතියටත් පත්ව එහි ගිය අතර මා දුටුවේ කොට් එක තුල අපේ බබා නිදන කොට්ටයේ පැත්තකින් සැපසේ තුරුලුවී නිදා ගන්නා බළල් පැටවුන් දෙදෙනාය.
අපේ බැළලිය පෙර දින කිහිපයක්ම අපේ බබා ව එහි නිදි කරන අයුරු බලා සිටි බව මට මතක් විය.
ඇය "මහත්තය දෙන්නටම එකලෙස ආදරෙන් ඉඳල දැන් නෝනට හම්බ උන බබා කොට් එකේ - මගේ බබාල බිම පෙට්ටියක !" කියා හිතමින් හිත රිදී සිටියාද ද දන්නේ නැත.
කෙසේ හෝ ඇය තම දරුවන් දෙදෙනාද කටින් එකි නෙකා රැගෙන ගොස් කුමන ලෙසකින් හෝ කොට් එක තුලට පැන , එහි ද හරියටම අපේ දරුවා නිදන තැනම තබා සම අයිතිවාසිකම් ලබා දීමට ක්‍රියා කර තිබුණි.
මෙය සත්‍ය සිද්ධියකි. මා ඉන්පසු ඇයට ද ඇගේ දරුවන් තබා ගැනීමට ලී වලින් වෙනම කොට් එකක් ලෙස සාදා දුනිමි.
සතුන්ට සිතන්න ට බැරි ද ? මෙයත් ඉබේ ඇතිවූ ප්‍රති ක්‍රියාවක් ද ? නොදනිමි.
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
I also believe some animal can think, plan & react. Let me to tell nice story, In my home all of my family members love to dog. In past we had lot of clever & brave dogs. Normally my farther was guided them & all dogs we had respect to him. But all dogs loves to my mother as they know she is the one feeding to them. When my mother walk to our back garden (bit big garden) dog was followed her as a guard.
One day evening my farther came home after had some 'liquor shot' & start unnecessary argument with mother & then it convert to shouting. At that time dog was behind the mother & listen all of these thing very calmly. One time when my farther's voice was loud, dog was suddenly got active & reacted quickly , jump forward & nearly attacked to my farther (Even dog was much obey,respect to my farther). Dog did not turn back till my farther moved away from the place.
We were shocked & laugh each other what happen to father. But we just thought dog was felt something & react, came forward for guard the his most loves one.
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
My view is that thinking ability getting increase from the bottom to top of kingdom animalia.
I don't think animals apart from vertebrte have any sort of thinking ability.( those are insects,worms etc.)
In vertibrates also Mammals have the thinking ability IMO,
Primates (including Human) like monkeys have the greatest ability to think.
- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
එපමනක්ද නොව සිoහල සාහිත්‍ය සන්දේශ කාව්‍ය තුලද මේ පිළිබදව මැනැවින් කරුනු ගෙනහැර දක්වා ඇති අයුරු මට සිහියට නැගේ.
මේ අයුරින් වර්තමාන සමාජය තුලද අපට මේ ආකාරයේ බොහෝ නිදසුන් ගෙනහැර දැක්විය හැකි සෙයකි.
සත්ව ලෝකය පිලිබදව අප ගෞතම බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ඇතම් කරුනු කාරණා නූතන විද්‍යාව තුලින් ඔප්පුකල හැකි වේද..?
ස්තූතියි...
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
The stories about Dolphins and their abilities also makes one think twice.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
ඉතා කුඩා මොළයක් ඇති සමහර සතුන් පවා අප හිතනවාට වඩා යම් හැකියාවකින් යුක්තය. මා එක් වරක් කුරුණැගල ප්‍රදේශයේ දී කපුටන් විසින් රැගෙන යන පැණි කුරුලු කූඩුවක් නිකමට පරීක්ෂා කළ අතර කපුටන් ගෙන් බේරී එහි අඩියේම දක්ෂ ලෙස සැංගී සිටි දින කිහිපයක් වයස පැටියෙක් හමුවිය. (Cinnyris lotenius).
ඌ ප්‍රෝටීන සහිත ආහාර දීමෙන් ජීවත් කරවීමට හැකි වූ අතර ඉතා හොඳින් වැඩී නියමිත වයසේදී ඉගිල ගිය අතර නැවත දක්නට නොලැබිණි.
එයට කෙටි කලකට පසු දිනක එහි එලිමහනේ බොහෝ අය සමග සිටින විට කුරුල්ලෙක් පැමිණ මාගේ හිස වටේ කැරකෙමින් පියාඹන්නට විය. ඒ අර කුඩා පැණිකුරුල්ලා දෙනෝ දාහක් අතර මාව හඳුනා ගත් අයුරුය.
මල් පැනී බොමින් කුඩා සතුන් ආහාරයට ගමින් ජීවත්වෙන පරිසරය සඳහා හැඩ ගැසුන හැකියාවන් සහිත ඉතා කුඩා පැණි කුරුල්ලෙකුගෙන් මිනිසකු අන් මිනිසුන් ගෙන් වෙන් කර හඳුනා ගත හැකි තරමට සිය හැකියාවත් මතකයත් භාවිතා වූවාය යන්න පුදුමයකි.
- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද..?
ස්තූතියි.
- SriLanBoy
- Posts : 144
Join date : 2014-09-23
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
- LSETech Contributor
- Posts : 1321
Join date : 2014-06-04
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
- NuinthTop contributor
- Posts : 555
Join date : 2014-02-28
Location : Universe
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
Further I heard lot of stories of elephants in Dalada maligawa, Kandy. They have excellent memory & most respectable when they are participating 'Nuwara Perahara'.
- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
Chinwi you are 100% correct here.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
https://www.facebook.com/video.php?v=329423967224157
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
sashimaal wrote:This is the best:
https://www.facebook.com/video.php?v=329423967224157
this is horribly funny, its our PM , so sad.