- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
ගෙවී ගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 0.17% ක වර්ධනයක් අත්පත් කර ගනු ලැබූ අතර සතිය අවසානයේ දී එය ඒකක 6,530.50 ක් ලෙසින් වාර්තා විය. සතියේ අවසන් ගනුදෙනු දිනය වූ සිකුරාදා (10) දිනය තුළ දී රුපියල් මිලියන 275.1 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙය පසුගිය මාර්තු 19 වනදා සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ අවම දෛනික පිරිවැටුම් අගය ලෙසින් වාර්තා වී තිබේ.
මේ වන විට 2016 වසරේ පළමු භාගය ගෙවෙමින් පවතින අතර දෛනික සාමාකන්‍ය පිරිවැටුම මේ වන විට වාර්තා වන්නේ රුපියල් මිලියන 773.2 ක් වශයෙනි. ඒ අනුව සැලකීමේ දී සිකුරාදා දින දෛනික පිරිවැටුම බෙහෙවින් පහළ අගයයකි.
කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පහළ අගයයක් ගැනීමට මූලික හේතුව ලෙසින් කොටස් තැරැව්කරුවන් සඳහන් කර සිටින්නේ පවතින තත්ත්වය තුළ ආයෝජකයින් ස්ථාවර ප්‍රතිලාභ සහිත ආයෝජන මාර්ග කෙරෙහි යොමු වීමට වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවයි. විශේෂයෙන්ම පොළී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තුළ රජයේ සුරැකුම්පත් මෙන්ම සාංගමික ණයකර කෙරෙහිද ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ අතර විදෙස් ආයෝජකයින් ද කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සිය ආයෝජන ඉවත් කර ගන්නා ප්‍රවණතාවක් මේ දක්වා වාර්තා වී ඇති අතර රොයිටර්ස් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය ජූනි 10 වනදා වන විට රුපියල් බිලියන 5.72 ක ශුද්ධ විදේශීය ගලා යාම් ප්‍රමාණයක් වාර්තා වන බවයි.
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
- රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට
- රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
- මෙට්රොපොලිටන් රිසෝසස් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
- විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී