- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...
Sunday, 21 June 2015 18:49
(www.randora.lk-21/06/2015)-කොළඹ යුනියන් බැංකුව ට අනුබද්ධිත UB Finance Co Ltd,රුපියල් බිලියන දෙකක විදේශ නව ආයෝජනයක් හරහා ස්වකිය සේවා ව්‍යාප්ත කිරිමට සැරසෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අද 21 දා රන්දොරට කීය.
මෙය මෙම මුදල් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත කිරිමේ පියවර යටතේ සිදු වන බවත් ඒ අනුව මේ වසර අවසන් විමට මත්තෙන් අදාල ලයිස්තුගත විම සිදු කරන බවත් සදහන්ය.
මෙම නව ආයෝජකයා යුනියන් බැංකුවේ මේ වන විට ප්‍රධාන කොටස් ආයෝජකයා බවට පත් ව ඇති TPG Capital වලින් පරිබාහිරව වන බවත් අදාල සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථකව සිදු වන බවත් සදහන් කළේය.
“අපි නව දැක්මක් හා දැනුමක් ආයතනය තුල ට ගෙන එන්න අපේක්ෂා කරනවා.ඒ නිසයි TPG Capital වලින් පරිබාහිරව මේ ආයෝජනය අපේක්ෂා කරන්නේ.කෙසේ වෙතත්,TPG Capital මේ සදහා ආයෝජනය කිරිමට කැමැත්තෙන් ඉන්නවා”,යැයිද ඔහු සදහන් කළේය.
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය ඉලක්ක ගතව ස්වකිය මෙහෙයුම් දියත් කිරිමට අරමුණු කරන මෙම මුදල් සමාගම අනිකුත් සියළු මුදල් සමාගම් සේවාද ලබා දේ.
පසුගිය සෙලින්කෝ සමයේ අර්බුදයට පත් The Finance and Guarantee Co Ltd, හෙවත් F&G Co Ltd හි තැන්පතු සියයට 40 ක් කොටස් බවට පත් කර ගනිමින් එය අත්පත් කර ගත් කොළඹ යුනියන් බැංකුව පසුව එයට එහි ඇමෙරිකාණු හවුල් කරු වු Shore Cap IIහා එක්ව රුපියල් බිලියන 1.1 ක් එක් කළේය.
මෙහි සාපේකෂව ඉහළ කල් පසුවු ණය තත්ත්වයන් හා දුර්වල මුල්‍ය තත්ත්වය පසුගිය කාලයේ කොළඹ යුනියන් බැංකුවේ ණය ශ්‍රේණිගත කිරිමට සෘණාත්මක බලපැම් ඇති කලද මේ වන විට එහි මෙහෙයුම් සාර්ථක ප්‍රගතියක් ලබා ඇතැයි මෙම නිළධාරිවරයා කියා සිටියේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...
(Hold a few thousand in UBC).