- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Thursday Markets-කොළඹ කොටස් පිම්මේ උඩ යයි.ඒත් විදේශ විකුණුම් වැඩ්යි
Thursday Markets-කොළඹ කොටස් පිම්මේ උඩ යයි.ඒත් විදේශ විකුණුම් වැඩ්යි
(www.randora.lk-16/04/15 )-මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය පොලි කප්පාදු තීරණ හමුවේ අලුත් අවුරුදු නිවාඩු වෙන් පසු අතිශය ජව සම්පන්න ආකාරයකින් කොළඹ කොටස් වෙළෙඳ පොල අද දෙවන දිනටත් පිම්මේ ඉදිරියට ඇදෙනු දකින්නට ලැබිම තැරැවිකාර හා ආයෝජක ප්‍රජාවේ සැනසුම් සුසුම් හෙලිමට කදිම වතාවරණයක් උදා වි ඇතැයි විශ්ලේෂකයෝ කියති.
බැංකු අංශය පෙර දැරිව සැම අංශයකම සමාගම් විෂයෙහි අද මිලදි ගැනිම් වු බව තැරැවිකරුවෝ කියති.
මේ අනුව අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු නිම කරන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 96.24 ක් හෙවත් සියයට 1.38 කින්ද S&P SL 20 දර්ශකය ඒකක 50.46 ක් හෙවත් සියයට 1.26 කින්ද ඉහළ යමින් ඒකක 3,991.10 ක් විය.මෙහිදි ඩයලොග්,ලංකා දුම්කොල, ලයන් බීර,නෙස්ලේ,ජෝන් කීල්ස් කොටස් මිල ඉහළ යාම දර්ශකයේ නැගිමට බලපැම් කර තිබිණි.
දිනයේ පිරිවැටුමද රුපියල් බිලියන 1.2 ට ළගා වි තිබිණි.ජෝන් කීල්ස් රුපියල් මිලියන 145 කින් පිරිවැටුමට වැඩිම දායකත්වය ලබා දි තිබිණි.
අද වාර්තා වු ගිවිසගත් ගනු-දෙනු අතරේ ඩීස්ටලරීස් කොටස් මිලියන 1.1 ක් කොටසක් රුපියල් 239/240 අතරද(මේවා විදේශ විකුණුම් විය) ,හැටන් නැෂනල් කොටස් 190,000 ක් කොටසක් රුපියල් 225 බැගින්ද හා ජෝන් කීල්ස් කොටසක් රුපියල් 209 බැගින් කොටස් 142,834 ක්ද විය.
පීරමල් ග්ලාස්,සියෙරා කේබල්ස්,වැලිබල් හා ඇක්සෙස් හා ෆී ලංකා ද අද බහුල වශයෙන් කොටස් මිලියනය ඉක්මවා ගනු-දෙනු විය.
කෙසේවෙතත්, අද රුපියල් මිලියන 311 ක ශුද්ධ විදේශ විකුණුම් වාර්තා විය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: Thursday Markets-කොළඹ කොටස් පිම්මේ උඩ යයි.ඒත් විදේශ විකුණුම් වැඩ්යි
- Tuesday Markets- ජෝන් කීල්ස් අදත් ඉහළ විදේශ විකුණුම්/ ගනු-දෙනු දසත විහිදේ
- කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට
- Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී
- Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම
- විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි