- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මන්ත්‍රීන් කිහිප දෙනෙකු මහින්දගේ සහයට
January 1, 2015 05:16 pm
Ada Derana
ප්‍රාදේශීය සභා කිහිපයක මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තිරණය කර තිබේ.
අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔවුන් මෙය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කෙළ්ය.
දිඹුලාගල, මිහින්තලේ, තලාව, තිරප්පනේ, මිනුවන්ගොඩ සහ මීරිගම යන ප්‍රදේශිය සභා වල මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තිරණය කර ඇති බව සඳහන්ය.
එම පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ නාගරික මන්ත්‍රීවරයකු ද වන බව පැවසේ.