- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදීය.
මෙහි පැමිණිළි පාර්ශවය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට මෙසේ පවසා තිබුණා.
"ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්"
"අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය.
හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ.
හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්.
හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.
හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ එවකට ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුටේ දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය.
- See more at: http://offair.nethfm.com/article/16420#sthash.YLi42RlT.dpufමහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
Why we still wait ?
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
කිත්සිරි ද සිල්වා wrote:Sending the Biggest LOOTER and his clan to prison without the option of having any pardon in the future is the best we can do to this country.
Why we still wait ?
Yes Kith, you are right.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: මහින්දගේ හෙලිකොප්ටර් බිලෙන් 1,75,00,000ක් හමුදාවේ කෝප්‍රල්වරයෙක් ගෙවයි
HAL9000 wrote:Army Copral- My foot. This man still thinks countrymen are damn fools
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo