- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
බිල් පොළි ළුලදා 6% නොසැල්වේ /අය-වැය අභීයස වෙළෙඳ පොළ සීරුවෙන් !
අද වෙන්දේසියට රුපියල් මිලියන 27,174 ක් වටිනා අර්පණ ලද අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුමත කර ඇත්තේ රුපියල් මිලියන 10,965 ක් විටිනා ඇණවුම් පමණි.
මේ අතරේ ලබන වසර සදහා වන අය-වැයට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු-දෙනු යළි මන්දගාමි වෙමින් මේ වන විට සියයට 0.64 කට ආසන්න අගයකින් සියළු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඒකක 7167.17 (01.58 P.M) ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දේ.
මෙහිදි ඩයලොග්,කොමාර්ෂල් ලීසිං,කාර්ගිල්ස්,හැටන් නැෂනල් හි ලාභ ඉපයිම් ප්‍රධාන වි ඇත.
අද දිනයේ පිරිවැටුම මේ වන විට රුපියල් මිලියන 766 ක් වි ඇති අතර ගිවිසගත් ගනු-දෙනු නොමැති විම තුල මේ සදහා වැඩ්ම දායකත්වය ජෝන් කීල්ස් ලබා දෙමින් ඇත්තේ රුපියල් මිලියන 278 කිනි.මෙහි කොටසක මිල 246-248 අතරේ හුවමාරු වේ.