- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බිල් පොළී 8% ඉක්මවයි
මේ අනුව දින 182 – 7.57% සිට 8.07% දක්වා ද, දින 364 – 7.95% සිට 8.50% දක්වා ද ඉහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (19) පටන් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.
ඒ අනුව ගළපමින් දින 182 බිල්පත් පදනම් අංක 50 කින් ද, දින 364 බිල්පත් පදනම් 55 කින් ද අද දිනයේ දී ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයන් අප කළ විමසීමක දී ප්‍රාථමික වෙළෙන්ඳෙකු (Primary Dealer) කියා සිටියේ ඉදිරියේ දී පොළී අනුපාතික ඉහළ යාම තවදුරටත් සිදුවිය හැකි බවත්, වෙළෙඳපොළ ණය හා තැන්පතු පොළී අනුපාතික ද මේ අනුව ඉහළ යා හැකි බවත්ය. මේ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අද පැවති වෙන්දේසියේ දින 182 භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 6,849 කද, දින 364 භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 2,389 කද ලංසු අනුමත කර ඇත. මේ අනුව භාර ගෙන ඇති මුළු ලංසු වටිනාකම රුපියල් මිලියන 9,238 කි.