The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
Today at 8:57 am by The Invisible

» Thread for News on Local and Foreign Politics
Today at 8:56 am by The Invisible

» Dividend Announcement
Mon Dec 17, 2018 7:04 pm by Ethical Trader

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» Thread for News on International Markets
Fri Dec 14, 2018 1:58 pm by The Invisible

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» BFN - Orient Finance
Wed Dec 12, 2018 9:34 am by PANTOMATH

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා

Go down

ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා

Post by Ethical Trader on Tue Jun 12, 2018 3:19 pm

BBC Sandeshaya 2018 ජුනි 11

Image copyright Harrow Council
Image caption නගරාධිපතිනි කරීමා මරික්කාර්

ඔසරියකින් සැරසී, ඇය නිල රථයෙන් බැස අප දෙසට පිය මැන්නේ හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.

ඔසරියට උඩින් පෙනෙන්නට වූ නගරාධිපති පළඳනාවේ ආරක්ෂකයා මෙන්ම නගරාධිපතිවරයාගේ නිල රියදුරා ද වන ජෙෆ් ඇය සමිපයෙන්ම ගමන් කරයි.

"මෙයා මේ ඉන්නේ මගේ ආරක්ෂාවට නෙමෙයි, මේ ලාංඡනය බලාගන්න," ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ද පවසයි.

උද්‍යානයේ ඇවිදිමින් සිටි, ව්‍යායාමයේ යෙදෙන තරුණ මහලු බොහෝ දෙනා ඇය දැක කෙටි කථාබහක නිරත වෙති.

"හෙලෝ කරීමා," ඒ බොහෝ දෙනාට ඇය දැකීම සතුටකි.

ඇය ද ඒ බොහෝ දෙනා නමින්ම හඳුනන්නීය.

පසුගියදා වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් වූ ඇය, කරීමා මරික්කාර්ය.

ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලැබූ ඇය, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාවය.

ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාව ඇරඹීමට පෙරාතුවම, සිය ප්‍රදේශයේ පමණක් නොව ලොව පුරා විවිධ රටවල වෙසෙන මිතුරු මිතුරියන් සහිත ඇය ඉතා ජනප්‍රිය චරිතයක් බව සමාජ ජාල ප්‍රතිචාර මගින් අපි දුටුවෙමු.

ඇය සමග සංවාදය ආරම්භ වූ මොහොතේම ඒ ජනප්‍රියත්වයට හේතුව කවරක් දැයි අපට වැටහිණි. (සාකච්ඡාවේ පළමු කොටස පහත නරඹන්න)

"මම මුස්ලිම්, මරක්කල," ඇය කීවාය.

"ඒ වුනාට ගොඩක් සිංහල විදියට තමයි අපි හැදුනේ. අපි කතා කළේ ලොකු අක්ක, ලොකු අයිය, පුංචි අක්ක. ඒ විදියට."

බණ්ඩාරනායක පරපුර සමග ඉතා සමීපව දේශපාලනයේ නිරත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු තැපැල් ඇමතිවරයෙකු වන සීඒඑස් මරික්කාර් ඇයගේ ලොකු තාත්තාය.

"එයාට කිවුවේ සිංහල මරික්කාර් කියල. එයා පන්සීය පනස් ජාතකය කටපාඩම් කෙනෙක්."

"අපි බොහෝ විට හැදුනේ බෞද්ධ ජනතාව සමග."

ශ්‍රී ලංකාවේ උපත ලබා, ලන්ඩන් නුවර ප්‍රදේශයක නගරාධිපතිනියක වීමට ඇය සමත්වූයේ කෙසේද?

"මම මිනිස්සුන්ගේ හිත දිනාගත්තේ මගේ හිනාවෙන්."

එය අසත්‍යයක් නොවන බව අපි ද දුටුවෙමු. එහෙත් සිය මව් රටේත් ලොව පුරා වෙනත් රටවලත් වෙසෙන සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙත ඇය සතුව පණිවුඩයක් ද තිබිණ.

"මේ පදවිය ගත්ත නිසා කිසිම පක්ෂ භේදයකින් තොරව තමයි මම වැඩ කරන්නේ. මගේ එකම පරමාර්ථය හැම කෙනාටම එක සමානව සැලකීම."

භාරදූර පදවියකට පත්වූවෙකුට එම පදවිය දැරීමේදී පක්ෂයක්, ජාතියක් හෝ ආගමක් තිබිය නොහැකි බව ඇයගේ ස්ථාවරය වී තිබේ.

"පදවියක් ගත්ත නම් දේශපාලනය නැතුව යන්න ඕන. ඒක තමයි code of conduct කියන්නේ."

සිය එකම අභිලාශය ලොව ස්ථිර සාමයක් උදාවනු දැකීම බව පවසන කරීමා මරික්කාර්, සාමය වෙනුවෙන් කැපවන මෙන් මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි සහ යුදෙවු ඇතුළු සියලු ආගමික නායකයන් වෙත ආයාචනයක් ද කළාය.

"ඕනෑම ජාතියක් එක සමානව සලකන්න. පරණ විදියට හිතන්න එපා. ආගමික නායකයන් දැනගන්න ඕන මේක විසි එක්වෙනි ශතවර්ෂය කියල."

"සෑම ආගමකම අර්ථය කියන්නේ සාමය."

මහනුවර උසස් බාලිකා විදුහලේ හොකී කණ්ඩායමේ ක්‍රීඩිකාවක ද වූ ඇය වර්තමානයේ මානසික සෞඛ්‍ය හෙදියක් වශයෙන් ද සේවය කරන්නීය.

"මේ පදවි තාවකාලිකයි නේ. මම තාමත් නර්ස් කෙනෙක්."

මුස්ලිම් කාන්තාවෝ

පසුගියදා ශ්‍රී ලංකාව පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% ක් දක්වා අනිවාර්ය කිරීම ගැන ප්‍රසාදය පළකරන හැරෝ නගරාධිපතිනිය, ලාංකේය කාන්තාව ද තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු බව අවධාරණය කළාය.

කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ "හොඳටම මදි" බවය.

"කිසිම භේදයක් නැතුව, කාන්තාවට තැන දීම අඩුවක් නැතුව කළ යුතුයි." (සාකච්ඡාවේ දෙවෙනි කොටස පහත නරඹන්න)

මුස්ලිම් කාන්තාව ද මිට වඩා දේශපාලනයේ ඉදිරියට පැමිණිය යුතුය යන්න මුස්ලිම් කාන්තාවක වශයෙන් ඇය දරන අදහසය.

"අපේ ආගමේ කියල නෑ හැංගිලා ඉන්න, තමන්ගේ අයිතිය කතාකරන්න එපා. ආගමේ එහෙම කියල නෑ."

එහෙත් දේශපාලනයේ නිරතවීමට උනන්දුවක් දක්වන මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් පමණක් නොව ආගමික නායකයන්ගෙන් පවා තර්ජන එල්ල වූ බව මුස්ලිම් ක්‍රියාකාරිනියෝ පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසූහ. එවැනි කාන්තාවන් අපහාසයට ලක් කළ අවස්ථා ද පසුගියදා වාර්තා විය.

ඒ ගැන අදහස් දක්වමින් කරීමා මරික්කාර් කියා සිටියේ විසි එක් වෙනි ශතවර්ෂයේ මුස්ලිම් කාන්තාව තවදුරටත් නිවසට වී සිටිය යුතු නැතැයි යන්න තමන්ගේ ස්ථාවරය බවය.

"ඉස්ලාම් පූජකවරුන්ට මම කියන්නේ, මගේ ආගම මම හොඳට දන්නවා. එහෙම කෙනෙකුට ඉස්සරහට යන්න බෑ කියල පොතේ ලියල නෑ."

"අපි මේ ආකල්ප වෙනස් කරන්න ඕන." (සාකච්ඡාවේ තුන්වෙනි කොටස පහතින්)

ශ්‍රී ලාංකික අනන්‍යතාව විදහා දක්වමින් තමන් ඔසරියකින් සැරසී සිටියත්, බටහිර පන්නයේ කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටීම ගැන අප වෙත විවේචනය එල්ල කිරීමට ද ඇය අමතක නොකළාය.

"දවසක් මගෙන් ඇහුව අනේ ඔයා බුද්ධාගම අදහනවද කියල? මම ඇහුවේ ඇයි එහෙම ඇහුවේ ඔසරිය ඇන්ද නිසාද කියල."

සැබවින්ම ඇය ඔසරියෙන් සැරසී ලාංකීය අනන්‍යතාව සහ සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටීම ෆේස්බුක් ඔස්සේ සංවාදය නැරඹු බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වී තිබිණ.

"මම අපේ මන්ත්‍රීතුමාට කියන්නේ ලංකාවේ මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ, දෙමළ ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ කියල."

කෙසේ වුවත් විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට සවන් දී, එම ප්‍රශ්නවලට විසඳුම් දීමට ශ්‍රී ලංකාවේ පාලකයන් උත්සාහ කළ යුතු බව කරීමා මරික්කාර් අවධාරණය කරයි.

ජාති, ආගම් වශයෙන් හෝ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින බෙදීම් දුරලා එකමුතුව නැගී සිටීමට පාලකයන් මෙන්ම ශ්‍රී ලංකාවාසීන් ද උත්සාහ කළ යුතු බව ඇයගේ ස්ථාවරය වී තිබේ.

"කොටින්ම මම ජනතාවගේ සේවකයෙක්" යනුවෙන් පවසමින් සමුගැනීමට පෙරාතුව ඇය සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළාය.

"තමන්ගේ ධර්මය අදහන ගමන් හැම ධර්මයකටම නම්බුව දීල සාමයෙන් ජීවත්වෙන්න. හැම එක්කෙනාම එක සමානව ජීවත්වෙන්න," ඇය ඉල්ලා සිටියාය.

"තමන්ගේ ප්‍රශ්නයක් තියනව නම් ඒක කතාකරන්න. කතා කරලා ප්‍රශ්න විසඳගන්න. නායකයා කියන කෙනා ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕන."
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4688
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum