The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම Empty කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම

Wed Jun 15, 2016 8:32 pm
Message reputation : 100% (4 votes)
කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම
( ෂමිල පෙරේරා ) 2016-06-14 22:03:24


ආයෝජන මාර්ගයක් ලෙස කොටස් වෙළෙඳ පොළ ආයෝජනය අප කාගේත් අවධානයට ලක්වන ආයෝජන මාර්ගයක් බව අප කවුරුත් දන්නා කාරණයකි. එමගින් දේශීය හා විදේශීය තනි පුද්ගල ආයෝජකයන්ට, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමාගම්වලට, ආර්ථිකයට, රටට සහ සමස්ත ජනතාවට සැලකිය යුතු සේවාවක් සැලසේ. ලොව බොහෝ රටවල කොටස් වෙළෙඳ පොළක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්තේ ඒ නිසයි. බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති මෙම ආයෝජන මාර්ගය වෙත තම අරමුදල් යෙදවීමේදී එය කරන්නන්වාලේ සිදුකිරීමට යාමෙන් බොහෝදෙනා විවිධ ගැටලුවලට මුහුණදෙන ආකාරය අතීතයේ සහ වර්තමානයේ යම් යම් අවස්ථාවල පහසුවෙන් හඳුනාගත හැකිය. එමෙන්ම ආයෝජකයාට යම් තැනක වැරදුණු විට කර්මාන්තයේ නියුතු සියලු ආයතනවලට දොස් පැවරීම සමහර ආයෝජකයන්ගේ සිරිතකි. එහෙත් නිවැරදිව ආයෝජනයේ නිරත වන්නෙකුට එවැනි ගැටලුවලට මුහුණදීමට හෝ වෙනත් පාර්ශ්වයකට දොස් පැවරීමට අවශ්‍යතාවක් නොමැත. ඒ සඳහා කළ යුතු වන්නේ ආයෝජන උපදෙස්ද පිළිපදිමින් තම දැනුම නිවැරදිව ආයෝජනය වෙත යොදවා සුදුසු ආයෝජන තීරණ ගෙන කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ නිරතවීමය.

ඒ අනුව, අප මෙවර විමසා බැලීමට උත්සාහ කරන්නේ එම ආයෝජන උපදෙස් මොනවාද යන්න සහ ඒවා ලබාගත යුතු අවස්ථා පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමටය.

ආයෝජන උපදෙස් යනු මොනවාද?

පුද්ගලයෙකුට තම මුදල් නිසිලෙස ආයෝජනයක් වෙත යොමුකිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ දැනුම නැත්නම් එය හොඳින් දන්නා පාර්ශ්වයක් වෙතින් තොරතුරු විමසා බැලිය යුතුය. හොඳින් දන්නා පාර්ශ්වයක් යනු ආයෝජනය සම්බන්ධව පළපුරුද්දක් සහ ආයෝජනය හා සම්බන්ධ සියලුම පැති පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති පුද්ගලයෙකු හෝ ආයතනයක් වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව යමෙකුට නිවැරදි මගපෙන්වීමක් කිරීම ආයෝජන උපදෙස් ලබාදීම යනුවෙන් හැඳින්විය හැකිය. ආයෝජනයක දැකිය හැකි ප්‍රධාන කරුණු දෙකක් වන්නේ අවදානම සහ ප්‍රතිලාභයයි. මේ දෙක අන්ත දෙකකි. අවදානම අවම කරගනිමින් ඉහළ ප්‍රතිලාභ කරා යාමට නිවැරදි මගපෙන්වීමක් හෙවත් නිවැරදි ආයෝජන උපදෙස් අවශ්‍ය වේ.

ආයෝජන උපදෙස් ලබාදෙන්නේ කවුද?

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජන උපදෙස් ලබාදෙන්නේ කොටස් තැරැව්කාර සමාගම්වල සේවයේ නියුතු ආයෝජන උපදේශකයන් විසිනි. මෙම ආයෝජන උපදෙස් ලබාදීම එම ආයතනවල සේවා නියුක්තව සිටින ආයෝජන උපදේශකයන්ගේ වෘත්තියයි. ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ආයෝජන සහතික පත්‍ර පාඨමාලාව හදාරා අවසන් කර ලියාපදිංචි ආයෝජන උපදේශක යන වෘත්තීය සුදුසුකම ලබා ඇත. එසේ නියමිත වෘත්තීය සුදුසුකම් සපුරා ඇති අය සඳහා පමණක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජන උපදෙස් ලබාදීම සඳහා නීතිමය වශයෙන් අවසර ලබාදී තිබේ.

එසේම කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වයන්ගෙන්ද අවශ්‍ය විටෙක තොරතුරු ලබාගත හැකිය. එම ආයතන අතර කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ආයෝජන කළමනාකරණ සමාගම්, ආන්තික ණය සැපයීමේ ආයතන වැනි වෙළෙඳ පොළ අතරමැදි ආයතන සහ ඒකක භාර කළමනාකරණ සමාගම් ප්‍රධාන වේ.

ආයෝජන උපදෙස් ලබාගත යුතු ප්‍රධාන අවස්ථා

කොටස් වෙළෙඳ පොළ ආයෝජනය ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ අවස්ථාවල ආයෝජකයන් ආයෝජන උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි එක් එක් අවස්ථා කිහිපයක් පහත අයුරින් පෙන්වා දිය හැකිය

• කොටස් වෙළෙඳ පොළේ ගිණුමක් ආරම්භ කරගැනීමේදී

කොටස් මිලදී ගැනීමට පෙර ආයෝජකයෙකු කොටස් තැරැව්කාර ආයතනයක් වෙත ගොස් තමන් නමින් ගිණුමක් ආරම්භ කරගත යුතුය. CDS ගිණුම නමින් හඳුන්වන්නේද එයයි. දිවයින පුරා පිහිටි කොටස් තැරැව්කාර ආයතනවල ප්‍රධාන හෝ උපශාඛාවකට ගොස් මෙම ගිණුම ආරම්භ කරගත යුතු වේ. එය ආයෝජකයන් වෙනුවෙන් නොමිලේ ආරම්භ කරන ගිණුමකි. විශේෂයෙන්ම මෙම කොටස් තැරැව්කාර ආයතන කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන කාර්යාලය තුළ සහ එහි ශාඛා තුළත්, ඉන් පිටත දිවයිනේ ප්‍රධාන නගරවලද ක්‍රියාත්මක වේ. එම ගිණුම නිසිලෙස ආරම්භ කරගැනීමට ආයෝජකයකුට කොටස් තැරැව්කාර ආයතනයක් වෙත යාම සහ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ඊට හේතුව එම ගිණුම වෙනත් ආයතනයකින් ආරම්භ කරගත නොහැකිවීමත් එය නිවැරදිව සම්පූර්ණ කිරීමත් අවශ්‍යයෙන්ම කළ යුතු වීමයි.

• කොටස් මිලදී ගැනීමේදී

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට මුලින්ම පිවිසෙන ආයෝජකයෙකු මිලදී ගත යුත්තේ කුමන සමාගම්වල කොටස්ද යන්න පැහැදිලි අවබෝධයක් තමන් සතුව නොමැති විටෙක ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ කොටස් තැරැව්කාර ආයතනයේ සහාය ලබාගැනීමය. එම උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ආයෝජකයාට වඩාත් සුදුසු සමාගම් තෝරාගෙන ආයෝජනය කිරීමට අවස්ථාව සැලසේ. මෙම ආයෝජනය කිරීමට සුදුසු සමාගම් යනු ආයෝජකයාට ඉහළ ප්‍රතිලාභ ලබාදෙන කාර්ය සාධනය අතින් ඉහළ (Fundamentally Strong Shares) සමාගම්ය.

කොටස් මිලදී ගැනීම යනු සුදුසු සමාගම් තෝරාගැනීම පමණක් නොවේ. ඒවා මිලදී ගත යුතු අවස්ථාද දැනගැනීම එහි අන්තර්ගත වේ. එනම් තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කොටස් මිලදී ගත හැකි වුවද එම කොටස්වලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට ඒවා මිලදී ගැනීමට සුදුසු වේලාව පැමිණෙන තෙක් බලා සිටිය යුතුය. සමාගමක කොටස් මිල පහළ යන අවස්ථාවේ මිලදී ගැනීම සුදුසුය. ඒ අනුව, සමාගමක කොටස් මිල වර්තමානයේ පවතින මිලට මිලදී ගැනිම සුදුසුද, එසේ නැතහොත් තවදුරටත් බලා සිටිය යුතුද යනාදී තීරණයන් ගැනීමට ආයෝජන උපදෙස් ලබාගැනීම වැදගත්ය.

• කොටස් විකිණීමේදී

කොටස් මිලදී ගැනීම මෙන්ම විකිණීමේදීද ආයෝජන උපදෙස් ලබාගැනීම කළ යුතුය. කොටස් විකිණීමට සුදුසු වේලාව සමහර ආයෝජකයන්ට තීරණය කර ගත නොහැකි අතර, වෙළෙඳ පොළෙන් පිටවිය යුත්තේ කුමන අවස්ථවේදීද යන්න පැහැදිලිව දැනගැනීම ආයෝජකයාට වැදගත්ය. කොටස් මිලදී ගැනීමෙන් පසු කොපමණ කාලයක් කොටස් රඳවා තබා ගන්නවාද යන්න තීරණය වන්නේ එක් එක් ආයෝජකයාගේ ආයෝජන අරමුණු අනුවය. එමෙන්ම ආයෝජකයා බලාපොරොත්තු වන ප්‍රතිලාභ මට්ටමට ඔහු ළඟා වී ඇතිද යන්න විමසා බැලිය යුතුය. ඒ අනුව, කොටස් විකුණනු ලබන වේලාව තීරණය කිරීමට බොහෝ ආයෝජකයන්ට අපහසු කාරණයක් වන හෙයින් ආයෝජන උපදෙස් ලබාගෙන නිවැරදි අවස්ථාවේ කොටස් විකිණීමෙන් ආයෝජනය වඩාත් සාර්ථක කරගත හැකිය.

• ව්‍යාපාර සහ සමාගම් තෝරාගැනීමේදී

ලොව කිසිම කොටස් වෙළෙඳ පොළක ලැයිස්තුගත කර ඇති සියලුම සමාගම් එක හා සමානව ආයෝජකයන්ට ප්‍රතිලාභ ලබාදීමක් බලාපොරොත්තු විය නොහැකිය. මේ නිසා ආයෝජනය කිරීමට සුදුසු ව්‍යාපාර කාලානුරූපීව වෙනස් වෙයි. ඒ අනුව, තමා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන අවස්ථාව වනවිට කුමන ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා වැඩි ඉල්ලුමක් පවතීද යන්න උපදෙස් ලබාගැනීම ප්‍රයෝජනවත්ය. එමෙන්ම එම ව්‍යාපාර ක්ෂේත්‍ර තුළ වුවද ලැයිස්තුගත සියලුම සමාගම්වල කාර්යසාධන මට්ටම් එක හා සමාන නොවිය හැකිය. ඒ අනුව, ඉහළ කාර්යසාධනයක් සහිත සමාගම් තෝරාගැනීමට ආයෝජකයාට අපහසු විය හැකිය. එවැනි විටෙක ආයෝජන උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

• වත්කම් මිශ්‍රණය හෙවත් ආයෝජන කළඹ ගොඩනැගීමේදී

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයන් ගත යුතු වැදගත් පියවරක් වන්නේ, තමන්ට සුදුසු ආයෝජන කළඹක් සකසා ගැනීමය. වත්කම් කළමනාකරණය කරගැනීමෙන් අදහස් වන්නේද එවැනි දෙයකි. මුදල් තමා ළඟ තිබූ පමණට සමාගම්වල කොටස් මිලදී ගැනීම කළ යුතු නැත. එම මුදල නිසිලෙස ආයෝජනයේ යෙදවීම කළ යුතුය. එසේ නොවුණහොත් ආයෝජනයෙන් නිසි ඵල නොලැබීමට ඉඩ ඇත. බිත්තර සියල්ල එකම බාස්කට් එකක බහා රැගෙන නොයන ලෙසත් ඒවා බාස්කට් කිහිපයක බහා රැගෙන යාමෙන් යම් ප්‍රමාණයක් හෝ ආරක්ෂා කරගත හැකිය යන්නත් ව්‍යංගයෙන් බොහෝ උපදේශකයන් පවසා සිටින්නේද ආයෝජන විවිධාංගීකරණයේ ඇති වැදගත්කමයි. සාර්ථකව ආයෝජන කළඹක් ගොඩනංවා ගැනීම (විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ කාර්යසාධනයක් සහිත කොටස් ප්‍රමාණයක්) ආයෝජකයෙකුට තනිව කළ හැකි නම් ඒ ඉතා ස්වල්ප පිරිසකටය. බොහෝ අයට ඒ සඳහා මගපෙන්වීමක් අවශ්‍ය වේ. එවැනි ආයෝජන උපදෙස් කොටස් තැරැව්කාර ආයතනයක සිටින ආයෝජන උපදේශකයන්ගෙන් ලබාගත හැකිය.

• අවදානම අවම කරගැනීමේදී

ආයෝජන විවිධාංගීකරණ තුළ අවදානම අවම කරගැනීම යන සංකල්පයද අන්තර්ගතව තිබේ. ආයෝජකයෙකුට තමන් සතු වත්කම් විවිධ සුරැකුම්පත්වල හෝ විවිධ ව්‍යාපාර අංශයන් නියෝජනය කරන සමාගම්වල ආයෝජනය කරන ලෙස උපදෙස් ලබාදෙන්නේ එක් එක් වත්කම්වල හෝ කොටස්වල වටිනාකම කලින් කලට වෙනස් විය හැකි නිසා ඉන් ලැබෙන ප්‍රතිලාභද වෙනස් විය හැකි බැවිනි. යම් අවස්ථාවක ආයෝජකයකුගේ ආයෝජන කළඹේ ලැයිස්තුගත සමාගම් 5ක කොටස් ඇතැයි සිතුවොත් ඉන් හතරක මිල ඉහළ ගොස් එකක මිල පහළ බැස ඇත්නම් ආයෝජකයාට මුහුණ දෙන්නට සිදුවන අවදානම අඩුය. එනම් මිල ඉහළ ගිය සමාගම් 4හි ප්‍රතිලාභ මගින් මිල පහළ ගිය සමාගමෙන් ලැබීමට තිබූ ප්‍රතිලාභ අහිමි වීම ඉක්මවා යයි නම් අවදානම අවම කරගැනීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

• ආයෝජකයෙකු කාර්යබහුල අවස්ථාවකදී

කොටස් වෙළෙඳ පොළක ආයෝජනයට ප්‍රවිෂ්ට වන බොහෝ ආයෝජකයන් තවත් රැකියාවක හෝ වෘත්තියක නියැළෙන අය වීම එහි විශේෂත්වයකි. මේ නිසා සමහර ආයෝජකයන් ඉතාමත් කාර්යබහුල පුද්ගලයන්ය. ඔවුන්ට කොටස් වෙළෙඳ පොළ වෙත අවධානය යොමු කිරීමට ඇති කාලය ඉතාම අඩුය. සමහර ආයෝජකයන් එවැනි අවස්ථාවල කොටස් ගනුදෙනු කිරීමේ අයිතිය තැරැව්කාර ආයතනය වෙත පැවරීමට කටයුතු කරයි. එසේ සිදු කරන්නේ අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිවිසුම (Discretionary Account) මගිනි. එය ආයෝජකයා සහ කොටස් තැරැව්කාර ආයතනය සමග ඇති කරගන්නා එකඟතාවකි. එවැනි අවස්ථාවල ආයෝජකයෙකු තම තැරැව්කාර ආයතනයේ උපදෙස් ලබාගනිමින් කටයුතු කිරීම වැදගත් වේ. එහිදී ආයෝජනය සම්බන්ධ අවසාන තීරණය ගැනීමේ අයිතිය කොටස් තැරැව්කාර සමාගමට හිමි වේ.

• ණය මත කොටස් ගනුදෙනු කිරීමේදී

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී විශාල වශයෙන් ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන් ණය මත කොටස් ගනුදෙනු කිරීමට පෙළඹේ. එසේ ණය මත කොටස් ගනුදෙනු කිරීමේ අවස්ථා දෙකක් පවතින අතර, ඉන් එකක් නම් කොටස් තැරැව්කාර ආයතනයෙන් ණය ලබාගෙන කොටස්වල ආයෝජනය කිරීම හා ආන්තික ණය සැපයුම් ආයතනවලින් ණය ලබාගෙත කොටස්වල ආයෝජනය කිරීමය. මෙසේ ණය මත ආයෝජනයේ වාසි සහ අවාසි යන දෙකම පැවතිය හැකිය. බොහෝවිට වෙළෙඳ පොළ ඉහළ යනවිට ණය මත කොටස් ගනුදෙනු කිරීම තුළින් ආයෝජකයාට ප්‍රතිලාභ ලබාදුන්නද වෙළෙඳ පොළ පහළයාම තුළ පාඩු සිදුවිය හැකිය. ඒ අනුව, අවදානම හෝ පාඩුව අවම කරගැනීමට ආයෝජකයෙක් කොටස් තැරැව්කාර ආයතනයේ සහයෝගය ලබාගැනීම කළ යුතු දෙයකි.

මෙසේ කොටස් තැරැව්කාර ආයතනයෙන් ණය ගෙන කොටස් ආයෝජනය කිරීමේ මෙන්ම ආන්තික ණය සැපයුම් ආයතනවලින් ණය ගෙන ආයෝජනය කිරීමේදී ඇති කරගන්නා එකඟතාවන් පිළිබඳවද ආයෝජකයා හොඳින් දැනුවත් විය යුතුය. ඒ සඳහා කොටස් තැරැව්කාර ආයතනය සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගත යුතු වේ.

• ආයෝජනය හා සම්බන්ධ ගැටලුවක් මතුවුවොත්

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයන්ට යම් යම් අවස්ථාවල ගැටලු මතුවිය හැකිය. එවැනි අවස්ථාවක ගත යුතු පියවර පිළිබඳව ඕනෑම ආයෝජකයෙක් දැනුවත් වී සිටීමද වැදගත් වේ. තම ගනුදෙනුවල වැරැද්දක් සිදුවී ඇත්නම් එය නිරාකරණය කරගැනීමට ආයෝජකයාට අවස්ථාව ඇත. කොටස් ගනුදෙනුවක් හා සම්බන්ධයෙන් තමාට ලැබෙන ගැණුම් සටහන, විකුණුම් සටහන හෝ සී.ඩී.එස් ගිණුම් වාර්තාවේ යම් දෝෂයක් තිබේ නම් වහාම ඒ බව කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරීවරයා (Compliance Officer) වෙත දැනුම් දිය යුතුය. එවැනි අවස්ථාවක තැරැව්කාර ආයතනයේ උපදෙස් පිළිපැදීම සහ සහයෝගය ලබාගැනීම මෙන්ම, ඊට අනුව ඉදිරි පියවර ගැනීම කළ යුතුමය.

• කොටස් පැවරීමකදී සහ කොටස් ආපසු ලබාගැනීමකදී

ඕනෑම ආයෝජකයෙකුට තමන් සතුව තිබෙන කොටස් පාර්ශ්ව කිහිපයක් වෙත පැවරීමටද අවස්ථාව ලබාදී ඇත. එනම් තම දූදරුවන් වෙත කොටස් පැවරීමටත්, දූදරුවන්ට තම දෙමව්පියන් වෙත කොටස් පැවරීමටත්, ස්වාමි පුරුෂයාගෙන් බිරිඳටත්, බිරිඳගෙන් ස්වාමි පුරුෂයාටත් ආදී වශයෙන් කොටස් පැවරීමේ එක් එක් අවස්ථා හඳුනාගත හැකි වෙයි. එය කොටස් පවුලේ ඥාතීන් අතර පැවරීම හෙවත් පෞද්ගලික කොටස් පැවරීමක් ලෙසද හඳුන්වයි. එවැනි විටෙක මෙම පැවරීමට අවශ්‍ය උපදෙස් සහ පැවරීමේ කාර්යය සඳහා කොටස් තැරැව්කාර ආයතනයේ සහයෝගය අවශ්‍යම වේ.

එමෙන්ම යම් පුද්ගලයෙකුට තම කොටස් තැරැව්කාර ආයතනය තුළ පවත්වාගෙන යන සී.ඩී.එස් ගිණුම වෙනත් කොටස් තැරැව්කාර ආයතනයකට පැවරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීම කොටස් තැරැව්කාර ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒ හා සම්බන්ධ අවශ්‍ය මගපෙන්වීම සිදුකරනුයේ කොටස් තැරැව්කාර ආයතනයි.

• මූලික කොටස් නිකුතුවක් සම්බන්ධ තොරතුරු ලබාගැනීමේදී

සමාගමක් කොළඹ කොටස් හුවමාරුව හරහා සිදුකරන මූලික කොටස් නිකුතුවක් පිළිබඳ තොරතුරු විමසීමට බොහෝ අය තෝරාගන්නේ කොටස් තැරැව්කාර ආයතනයයි. සමාගමක් විසින් කොටස් නිකුතුවට අදාළව නිකුත් කරන සංස්ථා ප්‍රකාශය ලබාගැනීමට හා එහි අඩංගු තොරතුරු පිළිබඳව විමසීමක් කිරීම අත්‍යවශ්‍ය වේ. එම කොටස් නිකුතුවට අදාළ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවොත් ඒ සඳහා කොටස් තැරැව්කාර ආයතනයේ උපදෙස් මත කොටස් මිලදී ගැනීම බොහෝ දෙනා අනුගමනය කරන ක්‍රමයයි.

• සමාගමක වාර්ෂික වාර්තාවක තොරතුරු විමසීමක් සඳහා

කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක වාර්ෂික වාර්තාවක අඩංගු යම් යම් තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට ආයෝජකයෙකුට අවශ්‍ය විය හැකිය. විශේෂයෙන්ම ආදායම් වියදම් ප්‍රකාශනය, ගෙවුම් ශේෂ ලේඛනය, ආදායම් ප්‍රවාහය, කොටසක ලාභාංශ සහ කොටසක ඉපයුම් ආදී විවිධ අනුපාත පිළිබඳවද ආයෝජකයන්ට යම් විටෙක අවබෝධයක් ලබාගැනීමට කොටස් තැරැව්කාර ආයතනයේ උපදෙස් ලබාගැනීමට සිදුවෙයි.

මේ අනුව, ආයෝජකයෙකුට නිවැරදිව කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ නිරතවීමට ඉහත අප සඳහන් කළ ආකාරයෙන් උපදෙස් ලබාගැනීමට කොටස් තරැව්කාර ආයතනයක් වෙත යාම අවශ්‍ය බව ඔබට වැටහෙනු ඇතැයි විශ්වාස කරමු.

සිදුකළ යුතු නිවැරදීම දේ

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජන උපදෙස් ලබාගත යුතු අවස්ථා ඉහතින් අප සඳහන් කළ කරුණුවලට පමණක් සීමා නොවන බවද මතක තබා ගත යුතුය. කොපමණ අත්දැකීම් බහුල ආයෝජකයකුට වුවද ආයෝජන උපදෙස් ලබාගැනීමේ අවස්ථාවක් උදාවිය හැකිය. එනිසා ආයෝජන උපදෙස් අවශ්‍ය නැතැයි කිසිවෙකුට කිව හැකි නොවේ.

කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරන පුද්ගලයෙකු අනුගමනය කළ යුතු ඉතා වැදගත් පියවරක් වන්නේ ආයෝජනය සම්බන්ධව ස්වයං අධ්‍යයනයක් සිදුකිරීමය. එනම් උපදෙස් ලබාගැනීමට ප්‍රථමයෙන් ආයෝජනය සම්බන්ධයෙන් තමන් විසින් යම් නිගමනයකට පැමිණ සිටීම වැදගත්ය. ඊට බොහෝ කරුණු ඇතුළත් විය හැකි අතර, තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන කොටස් හෝ ණයකරවල ස්වභාවය හා ඒවා නිකුත් කර ඇති සමාගම් ඉහළ කාර්යසාධනයක් සහිත ඒවාද, අතීතයේදී එමගින් ආයෝජකයන්ට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාදී ඇත්ද, එම සමාගම් දැනට යම්කිසි ගැටලුකාරී ස්වභාවයන්ට මුහුණදී සිටින ඒවාද, සමාගම් සම්බන්ධයෙන් දැනට නීති කඩකිරීමක් හේතුවෙන් දඬුවම් ලබා ඇති ඒවාද යන්න ආදී වශයෙන් විවිධ කරුණු ඇතුළත් විය හැකිය.

මෙම කරුණු අනුව ගත් තීරණයද අවසාන නිගමනය නොවිය යුතුය. ආයෝජන උපදෙස්ද ඒ සඳහා අදාළ කරගෙන ආයෝජනය සම්බන්ධ අවසාන තීරණය ගත යුතුය. කොටස් වෙළෙඳ පොළ තුළ අවබෝධයෙන් කටයුතු කරනවා යන්නෙන් අදහස් වන්නේ එයයි. මේ අනුව, තමාගේ දැනුම සහ ආයෝජන උපදෙස් යන දෙකෙහිම එකතුවක් ඇතුව ආයෝජනය කරන්නා බොහෝවිට ආයෝජනයෙන් නියම ඵල ලබන්නෙකු වේ

- See more at: http://www.ada.lk/article/165747/
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම Empty Re: කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම

Wed Jun 15, 2016 11:02 pm
Message reputation : 100% (2 votes)
nice article. thank you Mr.Nihal
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම Empty Re: කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම

Thu Jun 16, 2016 10:03 am
Message reputation : 100% (1 vote)
thanks nihal
avatar
Lalinda
Posts : 69
Join date : 2015-02-16

කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම Empty Re: කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපදෙස්වල වැදගත්කම

Fri Jun 17, 2016 10:37 am
Thanks a lot Nihal Smile
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum