- yaka
- Posts : 374
Join date : 2014-02-28
ටච්වුඩ් හිමිකරු රිමාන්ඩ්
ව්‍යාජ අංක තහඩු සහ ප්‍රභූ රථයක ලාංඡන ද සහිතව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොලිස් භාරයට ගත් අධි සුඛෝපභෝගී ජිප් රථයේ ගමන්ගත් පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම ජිප් රථය පොලිස් භාරගයට ගනු ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම ආසන්නයේදීයි.
පසුව සිදුකළ පරීක්ෂාවකදී ජිප් රථය තුළ තිබී ව්‍යාජ අංක තහුඩ 4ක් සොයා ගැනුණා.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයෙකු බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මාධ්‍යයට ද සම්බන්ධ බව පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණා.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ටච්වුඞ් නැමැති ආයතනයේ හිමිකරු බවයි පැවසෙන්නේ.
අදාළ ආයතනයේ අක්‍රමිකතා පිළිබඳ නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන්ද මීට පෙර කරුණු අනාවරණ කළා.
- See more at: http://nethfm.com/article/109382#sthash.EQLEcIpS.dpuf