- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති
මෙහිදි රන්දොර කළ විමර්ශනයේදි ප්‍රත්‍යක්ෂ වුයේ ටච්වුඩ් කලක් විගණනය කළ KPMG අදාල ගිණුම් වාර්තා වල පවත්නා අඩු ලුහුඩුතා කලින් පෙන්වා දි තිබු බවක් අදාල වර්ෂ වල විගණන වාර්තා විමර්ෂනයේදි තහවුරු වෙතත්, CIFL විගණනය කළ K.K. Damboragama & Co අදාල ගිණුම් වාර්තා සාධනිය කරමින් පවසා ඇත්තේ අදාල සමාගම මහ බැංකුවේ අනිවාර්ය ද්‍රවශිලතා අනුපාත නිසි ලෙස පවත්වා ගෙන ගොස් නැති බව පමණි. ටච්වුඩ් පසුව විගණනය කළ දයානන්ද සමරවික්‍රම සමාගමට අදාල ගිණුම් වාර්තා වල කිසිදු දෝෂයක් පෙනි නැත.
කෙසේවෙතත්, වාර්ෂික වාර්තා වල ඉංග්‍රිසියෙන් සදහන් මෙම අතිශය තාක්ෂණික වගන්ති ඇතුළත් මෙම තොරතුරු හැරුණු කළ සාමාන්‍ය ආයෝජකයින්ට වැටහෙන වෙනත් හෙළිදරවි කිරිම් කිසිවක් මේ දක්වා කොටස් වෙලෙඳ පොළ ආශ්‍රීතව මිල සංවේදි මෙම කරුණු සම්බන්ධයෙන් මෙම සමාගම් විසින් සිදු කර නැති බව කොටස් වෙළෙඳ පොළ වෙබ් අඩව්ය පරිශිලනයේදි තහවුරු වේ.
පවත්නා තත්ත්වයන් මැද වුවද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම වත්මනෙහි කොළඹ කොටස් වෙළෙඳ පොළ විනිවිද බව හා ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් පෙර නොවු විරු කාර්යක්ෂම බවත් උද්යෝගි බවක් පෙන්නුම් කරන බවත් මෙම ආයෝජක පිරිස රන්දොරට කියා සිටියහ.මේ සම්බන්ධයෙන් නියාමන කොමිෂමට ප්‍රණාමය පුද කරන ඔවුහු අතීතයේ සිදු වු මෙම වැරදි අක්‍රමිකතා වලටද සුදුසු දඩුවම් දිමටද ක්‍රියා කරන්න යැයිදි මහ බැංකුවද ඇතුළු සියළු නියාමන බලධරයන්ගෙන් ඉල්ලා සිටිති.
අදාල ලිපිය හා ඒ ආශ්‍රීතව අප අදාල සමාගම් බිදි වැට්ම් වලට අදාලව වගකිව යුතු පාර්ශ්ව දෙකක් සමඟ පැවැත්වු සංවාදයේ තොරතුරු මෙසේ ගෙන හැර දක්වමු.
මේ වන විට ඈවර කිරිමකට ලක් ව ඇති ටච්වුඩ් සමාගමේ තමන් අවසන් වරට විගණනය කළ වාර්ෂික ගිණුම් වාර්තා දෙකක පවත්නා සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව (QUALIFIED ACCOUNTS) තම විගණන ආයතනය අදාල විගණන වාර්තා වල සදහන් කර සිට් බවත් අවසානයේ තෙවන වරටත් මෙම සැක සංකා නිවැරදි කිරිමට මෙහි පාලනාධිකාරිය අපොහොසත් වු නිසා තම ආයතනය ස්වකිය විගණන කාර්යයට 2012/13 මුල්‍ය වර්ෂයේ සමු දුන් බවත් ටච්වුඩ් සමාගමේ විගණක වරුන්ව සිට් KPMG ආයතනයේ ප්‍රධානියෙක් රන්දොරට කීය.
අපි කඩා වැටුණු ප්‍රමුඛ බැංකුවේ අත්දැකිම් පදනම් කර දෙවන වර ටච්වුඩ් සමාගමේ විගණන කාර්යෙන් ඉවත් වුණා.මන්ද ප්‍රමුඛ බැංකුවේ තෙවතාවක් අපි අදාල සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව පෙන්වා දි එහි විගණන කාර්යෙන් ඉවත් නොවු තැන අපිට එවර විවිධ චෝදනා එල්ල වුණා.මෙම චෝදනා වලින් බැහැරව් අපේ කීර්තිනාමය සුරකින්න ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් අපි තෙවන වර ටච්වුඩ් ගිණුම් විගණනය කරන්න ගියේ නැහැ යැයි මෙම ප්‍රධානියා කීය.
ඊට පසුව 2012/13 ටච්වුඩ් විගණන කටයුතු භාර ගත් දයානන්ද සමරවික්‍රම විගණකයින්ට අපට තිබු ප්‍රශ්ණ නොතිබ්ම ගැන තම ආයතනයට කිසිවක් කිව නොහැකි බවත් යම් විගණක වාර්තාවක අන්තර්ගත අඩු ලුහුඩුතා සොයා බැලිම ශ්‍රී ලංකා විගණන හා ප්‍රමිත මණ්ඩලයේ වගකිම බවද ඔහු කියා සිටියේය.