- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්
වර්තමානය වන විට මානසික රෝග අතරට අලුතින්ම එක්වූ රෝගය වන්නේ ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල්වීමේ රෝගයයි.
මේ රෝගය පිළිබදව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පවසා සිටියේ ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවයි.
වෛද්‍යවරිය මේ බව පවසා සිටියේ ඊයේ (24දා) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රස්වීමේදීය.
විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
මේ වන විට දරුවන් අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවිවලට ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍යවරිය සදහන්කර සිටියාය.
මේ තත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැනක් දෙන්නේ කුමකටද යන්න පිළිබඳවත් ගැටලු සහගත තත්වයක් ඇති විය හැකි බවත් මෙය ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා දක්නට ඇති බවත් ඇය සදහන් කර සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය,
''මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ.මෙයත් එවැනිම තත්ත්වයක් ''
යනුවෙන් කියා සිටියාය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28