- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...
දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවේ 2016
අය-වැයෙන් මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කර තිබූ බදු ප්‍රතිපත්ති පහක් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සංශෝධනය කළේය.
ඇතිවිය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් සැලකිල්ලට ගෙන 2016 අය-වැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යළි සලකා බැලිය යුතු බව හැඟීගිය නිසා මේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ බව අගමැතිවරයා කීවේය.
ඒ අනුව සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන බදු ආදායම්, ව්‍යවස්ථාපිත ආදායම් බදු, ප්‍රාග්ධන ඉපැයීම් මත බදු, ජාතිය ගොඩනැඟීමේ බද්ධ (ව්ඕඊ) සහ එකතු කළ අගය මත බදු (ඍඒඊ) යන බදු ප්‍රතිපත්ති සංශෝධනය කෙරේ.
එම බදු සංශෝධන මෙසේය.
2016 අය-වැයේ සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු යෝජනා වසරකට අත්හිටුවේ. 2015 වසරේ බදු ප්‍රතිශත එම අංශ දෙකේ දිගටම ක්‍රියාත්මකයි.
ව්‍යස්ථාපිත ආදායම් බදු 15% ප්‍රතිශතය 17.5% දක්වා වැඩි කෙරේ.
ප්‍රාග්ධන ඉපැයීම් බද්ද යළි පැනවෙයි.
2016 අය-වැයේ යෝජිත ජාතිය ගොඩනැඟීමේ බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපාන බැවින් එම බදු වැඩිනොකර 2% ප්‍රතිශතය පවත්වා ගැනේ.
විදුලි සැපයුම, ලිහිසි තෙල් හා විදුලි සන්දේශ සේවා මත ලබාදුන් බදු සහන ඉවත් කිරීම එලෙසම ක්‍රියාත්මක වුවත් කාර්තුවක අවම සීමාව රුපියල් මිලියන 3.75 සිට මිලියන 3 දක්වා පහත දැමේ.
විදුලි සන්දේශ සේවා පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබාදුන් බදු සහන ඉවත් කෙරේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලයෙන් වැට් බදු අය නොකෙරේ.
අත්‍යවශ්‍ය නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැට් බදු
ශ්‍රී ලංකාව අති විශාල ණය උගුලක හසුවී ඇති අන්දම විස්තර කළ අගමැතිවරයා සහතික කළ වාර්තා අනුව 2015 අවසානය වනවිට ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475ක් වූ අතර රාජ්‍ය ව්‍යවසායකයන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නොතිබුණු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙත නිසා මේ වනවිට අපේ රට රුපියල් ටි්‍රලියන 9.5ක ණය උගුලක හිරවී සිටින බව පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ මෙම මුදල ටි්‍රලියන 10ක් හෝ ඊට වැඩි විය හැකි බවද අනතුරු ඇඟවීය.
අගමැතිවරයා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ මුදල් ඇමැති රවි කරුණානායක සභාවේ නොසිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රිවරු 'මුදල් ඇමැති කෝ? මුුදල් ඇමැති සභාවෙත් නෑ' කියමින් කෑ ගැසූහ.
- WRRKUMARA
- Posts : 90
Join date : 2014-05-19
Re: ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01